Sale!
, , , ,

අපරාධ විද්‍යාව

Original price was: රු1,850.00.Current price is: රු1,758.00.

  • නිහඬ සාක්ෂි + අපරාධ විද්‍යාව + අපරාධ විද්‍යාවේ මුලධර්ම 1 +අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 
  • සාමාන්‍ය මිල – රු.1850 /=
  • අපේ මිල – රු.1758 /=

Out of stock

නිහඬ සාක්ෂි + අපරාධ විද්‍යාව + අපරාධ විද්‍යාවේ මුලධර්ම 1 +අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 

සාමාන්‍ය මිල – රු.1850 /=

අපේ මිල – රු.1758 /=

 

නිහඬ සාක්ෂි  

 

Author : චන්ද්‍රසිරි නිරිඇල්ල 

Publisher : Sooriya  Publisher

Second Batch 2010

ISBN : 978-955-656-133-3

220 Pages

 

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද ?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථාවල මළසිරුර පරීක්ෂා සහ මළසිරුර සහ මළසිරුර තිබූ ස්ථානය (scence) පරීක්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි          ‘ නිහඬ සාක්ෂි ‘ (silent evidence) වශයෙන් හඳුන්වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත්‍ය හෙළි වනුයේ කිසියම් ‘ නිහඬ සාක්ෂියක් ‘ හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි. 

 

-චන්ද්‍රසිරි නිරිඇල්ල-

 

නිතර අලුත් නැවුම් ප්‍රවෘත්ති සොයන මාධ්‍යකරුවන්ට මහාචාර්ය නිරිඇල්ලගේ ගවේෂණ, දවසේ ‘ හොඳම කතාව ‘ බවට පත්වන අවස්ථා බොහෝ ය. මේ හොඳම කතාව පසුදා පුවත්පත් පාඨකයා කියවන්නේ මොන තරම් පුදුම කතාවක් දැයි, ඇහි බැම නළල තෙක් රඳවමිනි. එතුමා විසින් ලියන ලද ‘ නිහඬ සාක්ෂි ‘ නම් කෘතියේ අත්පිටපත කියැ වූ අවස්ථාවේ මට හැඟුණේ තමා අත්දුටු සංසිද්ධීන් හා තමා ගවේෂණය කළ අපරාධයන්ගේ සැඟවුණු කතා කොතරම් සිත් ගන්නාසුලු භාෂා රිද්ම රටාවකින් ඉදිරිපත්කර ඇත්තේද යන්නයි.

 

-ධර්මසිරි ගමගේ-

#NihadaSakshi #ChandrasiriNirialla #AparadaVidyawa #OnlinePoth #OnlineBooks  

අපරාධ විද්‍යාව

Author : මහාචාර්ය දයා අමරසේකර

Publisher : S Godage & Sahodarayo (Pvt) Company 

Third Batch  2021 

ISBN 978-955-30-5441-8  

128 Pages 

 

අපරාධ විද්‍යාව නූතනයෙහි ප්‍රබල ඉල්ලුමක් පවතින ජනප්‍රිය විෂයය ධාරාවකි. විශ්වවිද්‍යාල මට්ටමින් පරිබාහිරව විවිධ ආයතන රැසක් නූතනයෙහි අපරාධ විද්‍යාව පිළිබඳ හැදෑරීම, උනන්දුජනක ලෙස සිදු කරනු පෙනේ.

මෙම කෘතිය අපරාධ විද්‍යාවේ සඳහන් සංකල්ප, මතවාද හා කාලීන ප්‍රවණතා කිහිපයක් ඉතා විෂයබද්ධව සාකච්ඡා කළ කෘතියකි. අපරාධ විද්‍යාවේ සඳහන් න්‍යායයන් මුල් වරට සිංහලයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ මෙම කෘතියෙන් බව කිව යුතුය.

දයා අමරසේකර සමාජ විද්‍යා ලේඛනය පිළිබඳව ප්‍රබල මෙහෙවරක් සිදු කළ මහාචාර්යවරයෙකි. සමාජ විද්‍යාව, මානව විද්‍යාව මෙන්ම අපරාධ විද්‍යාව පිළිබඳව ද ඔහු දක්වන උනන්දුව තත් විෂය ක්ෂේත්‍රය පිළිබඳ සිංහල පාඨකයාට කරනු ලබන අනල්ප වූ අනුබලයකි. 

#AparadhaVidyawa #ProfeserDayaAmarasekara #AparadaVidyawa #OnlinePoth #OnlineBooks  

 

අපරාධ විද්‍යාවේ මුලධර්ම 1

Author : නන්දසේන රත්නපාල 

Publisher : S Godage & Sahodarayo (Pvt) Company 

Fourth Batch 2021

ISBN : 978-955-30-4452-5

192 Pages  

අපරාධ සිදු වන්නේ ඇයි? එය නවතා ලන්නේ කෙසේද? පොලීසිය, උසාවිය, බන්ධනාගාරය, දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙතෙක් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මකව විමසා බැලිමේ පදනම අපරාධ විද්‍යාවයි.

ශ්‍රී ලංකාවට අලුත් විෂයයක් වන අපරාධ විද්‍යාව පිළිබඳව සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළමුවැනි පොත මෙයයි.

අපරාධ ගැන උනන්දුවක් දක්වන නීතිඥයන්ට, අධිකරණය හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලීසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාරවන අත්පොතක් වනු ඇත.

මෙහි කතුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳව ඉගැන්වූ මහාචාර්යවරයාය. 

මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි තුනක් ලබාගෙන ඇත්තෙකි.

ඔහු 1986 – 87 වර්ෂයේදි එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අපරාධ විද්‍යා පර්යේෂණ අංශයේ මහාචාර්යවරයා විය. හෙතෙම ඉංග්‍රීසියෙන් ද අපරාධ විද්‍යාව ගැන ලිපි හා පොත් කිහිපයක්ම ලියා ඇත්තෙකි. 

#AparadaVidyaweMooladharma1 #NandasenaRathnapala #AparadaVidyaweMuladharma1

 

අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 

Author: නන්දසේන රත්නපාල 

Publisher: S Godage & Sahodarayo (Pvt) Company 

Sixth Batch 2021

ISBN 978-955-30-4503-4 

264 Pages 

අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 ග්‍රන්ථයෙහි අපරාධ විද්‍යාවට හා අපරාධ යුක්තියට අයත් පොලීසිය, අධිකරණය, පරිවාසය, පුනරුත්ථාපනය, දණ්ඩනය, බන්ධනාගාරය ආදී අංග ගැන පමණක් නොව බෞද්ධ නීතිය ගැන ද විග්‍රහයක් එයි. අපරාධ හා තාක්ෂණය අතර සම්බන්ධය ද මෙහිදී අර්ථවත්ව විස්තර වන්නේය. ඒ නිසා මේ ග්‍රන්ථය අපරාධ විද්‍යාව හදාරන්නන්ට මෙන් ම පොලීසිය, අධිකරණය, පුනරුත්ථාපනය, පරිවාසය හා බන්ධනාගාර කටයුතු ආදී කාර්යයන්හි යෙදී සිටින්නන්ට තම දැනුම හා අත්දැකීම් පළල් කරගන්නට මගක් ලබා දෙනු ඇත.

මෙහි කර්තෘ මහාචාර්ය නන්දසේන රත්නපාල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය උගැන්වීමෙහි යෙදී සිටි අතර හෙතෙම ආචාර්ය උපාධි තුනක් දිනාගෙන ඇත්තෙකි. ශ්‍රී ලංකාවේ කවර විශ්වවිද්‍යාලයකින් වත් මින් පෙර ප්‍රදානය නොකළ පර්යේෂණ සඳහා වූ (සම්මාන නොවන) සාහිත්‍යසූරී (D.Litt) උපාධිය ද ඔහු දිනා ගත්තේය. ඔහුගේ ග්‍රන්ථ ලංකාවේ හා යුරෝපයේ ද, ඉන්දියාවේ, සිංගප්පූරුවේ, කැනඩාවේ හා ඇමරිකාවේ ද පළවී ඇත. 

#AparadhaVidyaweMooladharma2 #NandasenaRathnapala  #AparadaVidyawa #OnlinePoth #OnlineBooks  

 

 

Weight 1.016 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපරාධ විද්‍යාව”

Your email address will not be published. Required fields are marked *