Sale!
, , , ,

මහින්ද කුමාර දළුපොත මහතාගේ කෘති එකතුව -1

Original price was: රු2,250.00.Current price is: රු2,138.00.

  • ගොවිගෙදර මෙවලම් : ඇහැටුවැව – සාම්ප්‍රදායික වැව්ගම්මාන ආශ්‍රිත ජනශ්‍රැති පර්යේෂණය  + බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්‍රැති + අපේ ජනක්‍රීඩා + ජනවහර + අපේ කෙම් පහන් – ජාතික උවදුරක් වූ මැහිතෙල් වස විසෙන් අත්මිදීමට 
  • සාමාන්‍ය මිල – රු. 2250/=
  • අපේ මිල – රු.2138/=

Out of stock

ගොවිගෙදර මෙවලම් : ඇහැටුවැව – සාම්ප්‍රදායික වැව්ගම්මාන ආශ්‍රිත ජනශ්‍රැති පර්යේෂණය  + බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්‍රැති + අපේ ජනක්‍රීඩා + ජනවහර + අපේ කෙම් පහන් – ජාතික උවදුරක් වූ මැහිතෙල් වස විසෙන් අත්මිදීමට 

 

සාමාන්‍ය මිල – රු. 2250/=

අපේ මිල – රු.2138/=

 

ගොවිගෙදර මෙවලම් : ඇහැටුවැව – සාම්ප්‍රදායික වැව්ගම්මාන ආශ්‍රිත ජනශ්‍රැති පර්යේෂණය  

Author :මහින්ද කුමාර දළුපොත 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : First Edition 2016

ISBN :978-955-677-599-0

Pages : 372

ගොවිගෙදර මෙවලම් සරල ය. භාවිතය පහසු ය. පරිසර හිතකාමී ය. දැව – කෝටු , වැල් – පට්ටා , ගල් -මැටි හෝ ලෝහ ඇසුරේ සැකසුණු ද්‍රව්‍යමය සංස්කෘතියකි. එනිසා ගොවිගෙදර මෙවලම් හා සබැඳි සිරිත් – විරිත් , වත් පිළිවෙත්, කිලි – තහංචි , හීපද හා පිරුළු බඳු අනේක විධ ජනසම්ප්‍රදායන් විචිත්‍ර ය. මෙකී ද්‍රව්‍යමය ජන සංස්කෘතිය අද්‍යතනයෙන් බැහැර වේ. එහෙයින්  ඇහැටුවැව වැව්ගම්මාන ඇසුරේ පැවැති ගොවිගෙදර මෙවලම් , එහි ජනශ්‍රැති හා සම්ප්‍රදායික දැනුම පිළිබඳ ව මේ ග්‍රන්ථයෙන් විග්‍රහ කෙරෙයි.

#GoviGedaraMewalam #MahindaKumaraDalupotha

 

බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්‍රැති 

Author : මහින්ද කුමාර දළුපොත 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : First Edition 2020

ISBN :978-955-677-971-4

Pages : 220

කොවිඩ් 19 වසංගතය වැලඳී රජය දැන්වීම් අලවා නිරෝධායනය කිරීමට පෙර, අපේ වසංගත සිරිතට අනුව ‘කෙහොඹ අතු කැටියක් දොරකඩ එල්ලා’  ස්වයං නිරෝධායනය වුයේ, පරම්පරා උරුමයක් ලෙසිනි.

කොවිඩ් 19 වසංගතය පැතිරී ලොව රටවල් ‘ලොක් ඩවුන්’ කිරීමට වලිකෑමට පෙර අපේ වසංගත සිරිතට අනුව ‘වසංගත වැටි’ දමා ගම තහංචි කළේ සැමදිවි රැකදීමේ පරම චේතනාවෙනි. 

වසංගත වෙද-හෙදකම් , ඔසුකැඳ ,දුමායන පිළිවෙත්, ඇවතුම් පැවතුම් මේ සියල්ල ‘තැත්වරද’ මඟින් පරපුරින් පරපුරට දායාද වූයේ, අදීන ජනශ්‍රැති භාවිතාවක් ලෙසිනි. 

මේ ඇහැටුවැව, වැව්ගම්මාන ඇත්තන් අතර තිබුණු ‘බෝවනරෝග හා වසංගත සමයේ ජනශ්‍රැති’ පිළිබඳ විමර්ශනයකි. 

#BovanarogaWasangathaSahaApeJanashruthi #MahindaKumaraDalupotha

 

අපේ ජනක්‍රීඩා 

Author :මහින්ද කුමාර දළුපොත 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : Third Batch 2017

ISBN :978-955-677-121-3 

Pages : 135

අපේ සෑම ජනක්‍රීඩාවක් ම බිහිවීමට සාමාජීය හේතුවක් බලපා තිබේ. ‘කණා මුට්ටි’ හා ‘කොට්ට පොර’ බිහිවන්නේ, යටත්විජිත යුගයේ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමත් සමඟය.‘ජොරා පැනිල්ල’ මඟින් එකල රාජ්‍ය තන්ත්‍රය සරදමට ලක් කරන අතර, ‘රාහු ගිලීම’ හා ‘රට ඇල්ලීම’ මඟින් මානසික හා කායික නිර්භීතකම ප්‍රදර්ශනය කෙරේ. 

‘අපේ ජනක්‍රීඩා’ පොතින් ජනක්‍රීඩා බිහිවීමට බලපෑ සමාජීය පරිසරය විමසන අතර, ඒ ඒ ජනක්‍රීඩා කෙසේ අනුගමනය කළ යුතු දැයි පියවරින් පියවරට විස්තර කෙරේ. දැයේ දූ පුතුන්ට පහසුවෙන් කළ හැකි ජනක්‍රීඩා 30ක් පිළිබඳ තොරතුරු මේ පොතට ඇතුළත් ය. එමඟින් අපේ ජනඋරුමයත්, සමාජ සාමූහිකත්වයත් පහසුවෙන් ගොඩනඟා ගත හැකි බව මේ ජනක්‍රීඩාවල යෙදෙන විට ඔබට වැටහෙනු ඇත.  

#ApeJanakreeda #MahindaKumaraDalupotha

 

ජනවහර 

Author :මහින්ද කුමාර දළුපොත 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : FIrst Edition 2015

ISBN : 978-955-677-458-0

Pages : 88

ලිඛිත සිංහල භාෂාවට ස්ථිර අනන්‍යතාවක් ඇත. එහෙත්, ජනවහරට එවැන්නක් නැත. පළාතින් පළාතට, රැකියාවෙන් රැකියාවට මේ වෙනස්කම් දැකගත හැකි ය. එලෙසම භාවිත සම්මතයන්ට අනුව වාග් සම්ප්‍රදාය ගොඩනැඟී ඇත. 

මේ කුඩා පුස්තිකාවේ අරමුණ එලෙස අප අතරින් ගිලිහී යන ජනවහර පිළිබඳ ව අවබෝධයක් ලබා දීම ය. එය ඉතා දිගු වෙහෙසකර වෑයමකි.

පාසල් දරුවන් හා වෙනත් තරග විභාග අවශ්‍යතා සඳහා උචිත වන ලෙස මේ ‘ජනවහර’ පුස්තිකාව සම්පාදනය කර තිබෙන වග සැලකුව මනා ය.

#Janawahara #MahindaKumaraDalupotha

 

අපේ කෙම් පහන් – ජාතික උවදුරක් වූ මැහිතෙල් වස විසෙන් අත්මිදීමට 

Author :මහින්ද කුමාර දළුපොත 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : First Edition 2011

ISBN :978-955-677-090-2

Pages : 175

අපේ කෙම් පහන් විදුහුරු භාවිතාවකි. එය ගොයම් ගසට කළ සංස්කෘතික හා සාම්ප්‍රදායික සත්කාරයකි. යල-මහ දෙකන්නයේ පරපුරින් පරපුර පවත්වාගෙන ආ කෙම් පහන් අත්දැකීම් අද දවසට වඩා වුවමනා වේ. ඒ උග්‍ර විෂ රසායනික උවදුරින් අත්මිඳීම සඳහා ය. ඕනෑ ම අයෙකුට වී වගාවේ දී ප්‍රායෝගික ලෙස භාවිතයට ගත හැකි කෙම් පහන් පිළිබඳ තොරතුරු මේ කෘතිය මඟින් හෙළිදරව් කෙරේ. 

#ApeKemPahan #MahindaKumaraDalupotha

Weight 1.426 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහින්ද කුමාර දළුපොත මහතාගේ කෘති එකතුව -1”

Your email address will not be published. Required fields are marked *