, , ,

සමාජීය විද්‍යා ප්‍රවේශය

රු850.00

Author : ආචාර්ය නෙරංජි විජේවර්ධන , ශාස්ත්‍රවේදී ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර 

Publisher : සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම 

Edition : First Edition

ISBN :978-955-30-6110-2

Pages : 408

Out of stock

Author : ආචාර්ය නෙරංජි විජේවර්ධන , ශාස්ත්‍රවේදී ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර 

Publisher : සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම 

Edition : First Edition

ISBN :978-955-30-6110-2

Pages : 408

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙරංජි විජේවර්ධන සහ ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර දෙදෙනාගේ සංස්කරණයෙන් යුත් සමාජීය විද්‍යා ප්‍රවේශය නම් වූ ශාස්ත්‍රීය සංග්‍රහය විවිධ විෂයන් ආශ්‍රිත මාතෘකා මධ්‍යගත කරගෙන ලියන ලද ලිපිවලින් සමන්විත වේ. භාෂාව හා සංස්කෘතිය, ඉතිහාසය හා පුරාවිද්‍යාව, දර්ශනය හා බුදුදහම, සමාජවිද්‍යාව හා අපරාධ විද්‍යාව ආදී විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධ ලිපිවලින් සමන්විත මෙම ලේඛන සංග්‍රහය අපේ සරසවිවල උක්ත විෂයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි යන්න මාගේ හැඟීමයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානවවිද්‍යා අධ්‍යයනාංශයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන නෙරංජි විජේවර්ධන අපරාධ විද්‍යාව ශ්‍රාස්තවේදී දර්ශනපති සහ දර්ශනසූරි උපාධිධාරිණියකි. ඇය දැනට ක්ෂේත්‍රයේ විවිධ පතපොත රචනා කර පරිචයක් ලබා ඇත. ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර ද ශ්‍රාස්ත්‍රවේදී උපාධිධාරියෙක් වන අතර අපරාධ විද්‍යා විෂය පිළිබඳ උනන්දුව දක්වන ඒ පිළිබඳ ව විවිධ පතපොත රචනයට මුලපුරා ඇත්තෙකි. ශාස්ත්‍රීය ලෝකයට වැඩදායක දෙයක් කිරීමට උත්සුක වෙන ඔවුන්ගේ වෑයම සංකලනී නම් වූ ශාස්ත්‍රීය සංග්‍රහය තුළින් ඉස්මතු වන බව අවිවාදය.

සමාජීය විද්‍යා ප්‍රවේශය ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ ලක්ෂණයක් ලෙස මා දකින්නේ එය බහුවිධ විෂය පරාසයක් ආමන්ත්‍රණය වූ සංගෘහිතයක් වශයෙනි. එබැවින් මෙම ග්‍රන්ථය ශාස්ත්‍රීය ලෝකයේ කටයුතු කරන සැමට බොහෝ ප්‍රයෝජනවත්වනු ඇතැයි යන්න මාගේ හැඟීමයි. මෙහිලා උසස් ප්‍රමිතියකින් යුත් සංග්‍රහයක් පළ කිරීම පිළිබඳ ඒ දෙපළට අපේ ස්තූතිය හිමිවේ.

සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා 

සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශය 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 

 

#SamajeeyaVidyaPraveshaya #NeranjiWijewardhana #DMSDhammikaBandara

Weight 0.522 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සමාජීය විද්‍යා ප්‍රවේශය”

Your email address will not be published. Required fields are marked *