Sale!
,

සියල්ල හරි…යං + දුම්රියේ අප්‍රකට විත්ති

Original price was: රු2,050.00.Current price is: රු1,948.00.

  • සියල්ල හරි…යං + දුම්රියේ අප්‍රකට විත්ති
  • සාමාන්‍ය මිල – රු.2050 /=
  • අපේ මිල – රු. 1948/=

Out of stock

සියල්ල හරි…යං + දුම්රියේ අප්‍රකට විත්ති

සාමාන්‍ය මිල – රු.2050 /=

අපේ මිල – රු. 1948/=

 

සියල්ල හරි..යං – ජ්‍යෙෂ්ඨ දුම්රිය නියාමකවරයකුගේ පනස් වසරක අත්දැකීම්

Author – එච්.ඩී.අයි. ඇන්තනී

Publisher – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

First Edition 2017

ISBN 978-955-30-8417-0

608 Pages

ලෝකය අනන්ත දුර්ලභ සිද්ධීන්ගෙන් පිරුණ තැනකි. එවන් සුවහසක් සිද්ධීන් අතර සමාජයට අනාවරණය වන්නේ ගණනින් අතැඟිලි අග රැඳෙන ප්‍රමාණයකි. “සියල්ල හරි..යං” කෘතියත් එවැනි භාරදූර කාර්යයක් සාර්ථකව පාඨකයා වෙත පිදෙන ආලෝක පුංජයක් වැනි යැයි මට සිතේ.

මෙහි කතුවරයා දුම්රිය සේවය හා බැදුණු සමාජගත නොවූ සිද්ධීන් අව්‍යාජව විමසමින් වාර්තා කරන්නේ කියවන්නා ආනන්දයට පත්කරමිනි. ලේඛක සිතෙහි උපදින සංකල්පනාවක් කතා මාධ්‍යයක් හරහා සමාජ ගත කිරීමක් නොව තමන් මුහුණ පෑ සත්‍ය අත්දැකීම් නිර්මාණාත්මකව හා කලාත්මකව ඉදිරිපත් කිරීම නිසා “සියල්ල හරි..යං” එක හුස්මට කියවිය හැකි පොතකි.

කොළ කොඩියට දුවන රතු කොඩියට නතරවන දුම්රිය ගමන අපේ සිත් මායිම් මේ තරම් පුළුල් කරතැයි මෙම කෘතිය කියවනතෙක්ම මම නොසිතුවෙමි.

කොළ කොඩිය වනන්න. සියල්ල හරි.. යං ඉතින්….

 මාලනී අධිකාරි

#SiyallaHariYan  #HDIAnthony #SinhalaPoth 

 

දුම්රියේ අප්‍රකට විත්ති

Author : නලින් අබේසිංහ

Publisher : Nalin Abesinghe Publisher 

First Edition 2018   

ISBN 978-955-35700-0-0

200 Pages

දුමිරිය යටගියාව සම්බන්ධව ලියැවුණු විවිධ ලියවිලි හා කෘතීන් අතරට අලුතින් එකතු වන මෙම ග්‍රන්ථය මෙතුවක් විමසුමට භාජනය නොවුණු ක්ෂේත්‍ර කීපයක් පාඨකයා හමුවේ තබයි අතීතාවර්ජනයන්ගෙන් නොනැවතී ඒ වකවානු වල පැවති සමාජමය ආර්ථිකමය හා තාක්ෂණිකමය සන්දර්භයන් විමසීම කෙරෙහිද අවධානය යොමු කරනු ලැබ තිබීම දුමිරිය ඉතිහාසය ගැන ලියැවුණු බොහෝ කෘතීන් අතරින් කැපී පෙනීමට මෙම ග්‍රන්ථයට උපකාරී වී ඇති බව පෙනේ

ග්‍රන්තයේ අන්තර්ගත ඡායාරූපද  විරළ ගණයේ ඉහළ වටිනාකමකින් යුතු අතර සමහර සේයා රූ පාඨකයා අතට පත් වන්නේ පළමු වතාවට විය යුතු ය.

අදාල ඡායාරූප  සපයා ගැනීමට කතෘ වරයා දරා ඇති බව පෙනෙනුයේ ප්‍රහංසනීය ප්‍රයත්නයකි .අනාගතය උදෙසා ඒවා ග්‍රන්තාරූඩ කිරීම සම්බණ්දයෙන් පාඨක ප්‍රසාදය හිමිවිය යුතු ය .

#DumriyeAprakataWiththi #NalinAbesinghe #SinhalaPoth 

Weight 1.153 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සියල්ල හරි…යං + දුම්රියේ අප්‍රකට විත්ති”

Your email address will not be published. Required fields are marked *