Sale!

වර්ණභේදවාදය

රු979.00

  • හඬනු මැන නිදහස + හම කළු නිසා
  • සාමාන්‍ය මිල – රු.1030 /=
  • අපේ මිල – රු. 979/=

Out of stock

Category:

හඬනු මැන නිදහස + හම කළු නිසා

සාමාන්‍ය මිල – රු.1030 /=

අපේ මිල – රු. 979/=

හඬනු මැන නිදහස

Author: සුනිල් මාධව ප්‍රේමතිලක

Cry Freedom (by John Briley) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Nalin Publishers

Fifth Edition 2020

ISBN 978-955-4005-14-3

280 pages

වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් ගෙන යන ලද අදිටන් සහගත අරගලය ලෝක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයකි. මේ අරගලය ලොව පුරා යුක්තිය අගයන විවිධ පාර්ශවයන්ගේ සහාය ලබත්දී දකුණු අප්‍රිකාව තුළම විසූ ලිබරල්වාදී සහ වර්ගවාදය පිළිකෙව් කරනා සුදු ජාතිකයින් සීමිත පිරිසකගේ ද කොන්දේසි විරහිතව සහයෝගීතාවයෙන් විචිත්‍ර වූවේය. කෙසේ වුවද ඉන්දීය නිදහස් සටනේ නියමුවා ලෙස මහත්මා ගාන්ධි පූජාසනයෙහි හිඳුවනු ලබද්දී නිදහස් අරගලයෙහි තවත් නියමුවන් පිරිසක් ඉතිහාස පොතෙහි පිටු අතර සැඟව ගිය අයුරින්ම දකුණු අප්‍රිකාවේ අරගලයේද නෙල්සන් මැන්ඩෙලා නම් පවුර පිටුපස සැඟව ගිය චරිතද බොහෝය.

ස්ටීව් බීකෝ නම් කළු ජාතික තරුණයා සහ වාරණයන් බිඳ හෙළමින් ඔහුගේ අරගලයෙහි හඬ පෙරමුණට ගන්නට අනුපමේය කාර්යභාරයක් ඉටු කළ, එසේම අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීමෙන් පසු බීකෝගේ මිනීමරුවන්ට එරෙහිව දිවි නොතකා අරගලයට බට ඩොනල්ඩ් වුඩ්ස් යනු මෙසේ දකුණු අප්‍රිකානු අරගල ඉතිහාසයහි සැඟව යා නොදී මතු කළ යුතු චරිත දෙකකි. ජෝන් බ්‍රයිලී විසින් රචිත, ‘හඬනු මැන නිදහස’ නමින් සුනිල් මාධව ප්‍රේමතිලක විසින් සිංහලට පරිවර්තනය කරන ලද මේ කෘතිය යනු දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට එරෙහි අරගලයේ මෙන්ම කඳවුරු දෙකකට අයත්විය යුතුව තිබුණද මනුෂ්‍යත්වයේ නාමයෙන් එක පෙරමුණක කොන්දේසි විරහිත අරගලයක නිරතවූ අතිශය සුන්දර මිනිසුන් දෙදෙනකු ගේ අපූර්ව බැඳීමක කතාවද වෙයි.

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඒකාධිපතියන් වෙස් බඳින, දේශානුරාගයේ, ජාතිකවාදයේ සෙවණැල්ල යට වර්ගවාදය අවි මුවහත් කරන, මනුෂ්‍යත්වය වෙනුවට ජාතිකත්වය ඉස්මතු කරන, ආගමික අන්තවාදීන් සිය ශාස්තෲන් පෙරමුණට ගෙන සංහාරයන්හී නියැලෙන වර්තමානයක සාධාරණ ලෝකයක් උදෙසා සටන් වදින්නන් හට බීකෝ මෙන්ම වුඩ්ස් කියවීම යනු සිය දැක්ම පොහොසත් කරගැනීමට අගනා කවුළුවකි. ලෝකය අලුතින්ම තැනිය යුතු මංසන්ධියක පසුවන මොහොතක අද අප අතර නැති වුවද බීකෝ සහ වුඩ්ස්ගේ අරගලය ගැන කියවන විට ඔවුන්ගේ අදහස් අදටත් කෙතරම් ගැළපෙන්නේදැයි පාඨකයා හට දැනෙනු වැළැක්විය නොහැක. ‘හඬනු මැන නිදහස’ කෘතියෙහි නව මුද්‍රණය අතිශය වැදගත් වන්නේ පුරවැසියා සහ මාධ්‍යවේදියා යන දෙදෙනාම අර්බුදයට යමින් සිටිනා අවස්ථාවක මේ කෘතිය අපේ සිසිර නිද්‍රාවට බාධා කරනා බැවිනි.

-චූලානන්ද සමරනායක.

#HandanumenaNidahasa #SunilMadawaPremathilaka #SinhalaPoth #SinhalaPariwarthana

හම කළු නිසා 

Author : සමරසිංහ ගුණසේකර 

Black Line Me (by Johne Howard Grifin) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sunera Publisher

First Edition 2009

ISBN : 978-955-9128-99-1

Pages 271

සුදු ජාතිකයකු නොවන බැරැක් ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් කරගත් ආරංචිය ඇසූ සැණින් මට සිහිපත් වූයේ ජෝන් හොවාර්ඩ් ග්‍රිෆින් නම් අපූරු මිනිසා සහ ඔහු ලියූ අපූරු පොත ය. 

ඇමරිකා එක්සත් ජනපදය තුළ මහා කැළඹිල්ලකට මුල් වූ මේ අපූරු පොතේ නම ‘ මා වගේ කළු ‘ වූණත් පොත ලියූ හොවාර්ඩ් ග්‍රිෆින් කල්ලෙක් නොවේ. එක්සත් ජනපදය තුළ ඉපිද, එහිම ජීවත් වූ සුදුම සුදු සුද්දෙකි.

මේ පොතට පාදක වූයේ, එවකට ඇමරිකාවේ උග්‍රව පැවති වර්ණ භේදය ගැන ඔහු කළ අපූරු පර්යේෂණයකි. එන්නතක් විද ගෙන තම තම කළු කර ගත් ඔහු එක්සත් ජනපදයේ දකුණු ප්‍රාන්තවල සැරිසැරුවේ කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන කෙණෙහිලි, මදි පුංචිකම්වල සැබෑ මුහුණුවර හඳුනාගන්නට ය.

මේ පොතේ ඇත්තේ ඔහුගේ ඒ අත්දැකීම් පිළිබඳ සැබෑ තොරතුරු ය. 

#HamaKaluNisa #SamarasingheGunasekara #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.676 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වර්ණභේදවාදය”

Your email address will not be published. Required fields are marked *