Sale!
, ,

රාවණ කෘති එකතුව

රු2,252.00

  • ලොව මවිත කළ රාවණ තාක්ෂණය + හෙළයේ නියමුවා මහා රාවණා + රාවණ අමරණීයයි +රාවණ යළි නැගිටියි + සක්විති රාවණ හමුව සහ වෙනත් අත්භූත සිදුවීම්
  • සාමාන්‍ය මිල – රු. 2370/=
  • අපේ මිල – රු. 2252/=

Out of stock

ලොව මවිත කළ රාවණ තාක්ෂණය + හෙළයේ නියමුවා මහා රාවණා + රාවණ අමරණීයයි +රාවණ යළි නැගිටියි + සක්විති රාවණ හමුව සහ වෙනත් අත්භූත සිදුවීම්

සාමාන්‍ය මිල – රු. 2370/=

අපේ මිල – රු. 2252/=

ලොව මවිත කළ රාවණා තාක්ෂණය 

Author : සමන්ලීමා විජේසුදරසුර පෙරේරා 

Publisher : Samanthi Publisher

First Edition 2020

ISBN : 978-624-5442-70-6

168 Page 

සක්විති මහා රාවණායන් ගැන පුන පුනා කතා කරනු ලබන ප්‍රබලතම පුද්ගලයන් කිහිප දෙනා අතර ආචාර්ය සූරිය ගුණසේකරයන් පෙරමුණේ සිටිති. රාවණ ඉතිහාසය ග⁣වේශනය කරන්නන් හට එතුමා හොඳ මාර්ගෝපදේශනයක් සපයා දේ. අතිශයෝක්තියෙන් තොර කරුණු කාරණා ගෙන හැර දැක්වීම එතුමාගේ අව්‍යාජ ස්වභාවයයි. 

අපේ ලාංකික ඉතිහාසය කරා සාධක සහිතව ඔහු, ඔහුටම ආවේණික වූ ගමනක් යයි. සොයා යා යුතු තැන් සොයා යමින් බැහැර කළ යුතු දෑ බැහැර කරමින් නිවැරදි රාවණ ඉතිහාසය මතුකර දැක්වීමට මහත් වෙහෙසක් දරයි. 

මහා රාවණ රජු සොයා යන ගමනේදී මට හමුවුණ මහා බුද්ධමතා වනුයේ ආචාර්ය සූරිය ගුණසේකරයන්ය. එතුමා පැහැදිලි කළ මහා රාවණ තාක්ෂණය මිනිස් සිත් සතන් මවිතයෙන් මවිතයට පත්කරමින් ඉතා ඉහළ නැවකට ඔසවා තබයි.

මෙම කෘතිය තුළින් විස්තර වන්නේ එතුමා හා සාකච්ඡා මාලාවේ උපරිමය ලෙස දැක්විය හැක. 

#LowaMawithaKalaRawanaThakshanaya #SamanLeemaWijesundaraPerera #SinhalaPoth #SriLankaweIthihasaya

හෙළයේ නියමුවා මහා රාවණා

Author : ආර්.පී. සමරසිංහ

Publisher : Samanthi Publisher

First Edition 2020

ISBN : 978-955-084-262-9

172 Page 

ශ්‍රී ලාංකික ජන සමාජය අවුල් වියවුල් ගොඩක් මැද සිරවී සිටින මෙම අවධියේ වූව ද රවණා රජතුමා පිළිබඳව ඇතිවන කථිකාවල නම් කිසිම අඩුවක් පෙනෙන්නට නැත. මීට වසර දහස් ගණනකට පෙර මෙරටට ශ්‍රී විභූතිය ළඟා කර දුන් රාවණා රජු “නැවත ඉපදීම” පිළිබඳව බොහෝ දෙනා අපේක්ෂා සහගතව සිටින බව කිව හැකි ය. එසේම පසුගිය සියවසේදී මෙරට ජනතාවට සුවිශාල මෙහෙවරක් කළ වීරෝධාර පුද්ගලයන් පවා රටවැසියන්ට අමතකව ගිය කාළ වකවානුවක මීට වසර 5000 කට හෝ ඊටත් වඩා ඈත යුගයක විසූ රාවණා රජතුමා යළි එනතුරු දෑස් දල්වා සිටීමට තරම් මෙරට වැසියන් පෙළ ගැසී සිටින්නේ පරපුරේ ” ලේ සුවඳ දැනීම ” නිසා හෝ විද්‍යාත්මක භාෂිතයට අනුව නම් සුළු වශයෙන් වූවද “රාවණ පෙළපතේ ජාන තවමත් අපතුළ පැවතීම” නිසා වීමට පුළුවන. නො එසේ නම් මේ වන විට විශේෂයෙන්ම සිංහල ජාතිය තුළ නගා සිටුවීමට නම් රාවණා රජතුමා ම පැමිණිය යුතු බව ඔවුන් සිතන නිසා විය හැකි ය.

කෙසේ වූව ද මානව ඉතිහාසය දෙස බලන විට රාමා සහ රාවණා චරිත ප්‍රධාන කොටගත් ” රාමායනය ” කෘතිය සහ එහි අන්තර්ගත කරුණු කාරණා ගැන මේ වන විට පෙරදිග පමණක් නොව බටහිර රටවල විද්‍යාර්ථයින්ද විවිධ සොයා බැලීම්වල නිරත වන බව පෙනෙන්නට ඇත. එහිදී අනාවරණය කරගනු ලබන අතැම් දේ පුදුම සහගත බවද පෙනී යයි. ” හෙළයේ අතැම් දේ පුදුම සහගත බවද පෙනී යයි. ” හෙළයේ නියමුවා මහා රාවණා ” නැමැති මේ කෘතියේ එවැනි තොරතුරු රාශියක් අන්නර්ගත වේ. 

#HelayeNiyamuwaMahaRawana #RPSamarasinghe #SinhalaPoth #SriLankaweIthihasaya

රාවණ යළි නැගිටියි

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Publishers

Secound Batch 2016

ISBN : 978-955-084-150-9

96 Page 

දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන්  රාවණ රජතුමාගේ චරිත කතාව පිළිබඳ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් හමුවේ පුවත්පත්වලටත්, ගුවන් විදුලියටත්, රූපවාහිනියටත් සම්මුඛ සාකච්ඡා රැසක් පවත්වා ඇත. ‘ රාවණ යළි නැගිටියි ‘ ග්‍රන්ථයට ඇතුළත් වන්නේ මෙම සාකච්ඡා කිහිපයකි.

රාවණ ඉතිහාසය පිළිබඳ අති දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේත්, විදෙස් රටවලත් සාර්ථක පර්යේෂණයක් කළ එකම විද්වතා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර යැයි පැවසීම නිවැරදි යැයි සිතමි. එතුමා මෛත්‍රී භාවනාව ඉතා දක්ෂ ලෙස ප්‍රගුණ කළ විද්වතෙකි. 

 

                                                                                                                             ශාස්ත්‍රපති

                                                                                     මාපිටියේ විමලබුද්ධරක්ඛිත නාහිමි

#RawanaYali Nagitie #MirendiObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

රාවණ අමරණීයයි

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Publishers

First Edition 2016

ISBN : 978-955-084-154-7

92 Page 

දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන්  රාවණ රජතුමාගේ චරිත කතාව පිළිබඳ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් හමුවේ පුවත්පත්වලටත්, ගුවන් විදුලියටත්, රූපවාහිනියටත් සම්මුඛ සාකච්ඡා රැසක් පවත්වා ඇත. ‘ රාවණ යළි නැගිටියි ‘ ග්‍රන්ථයට ඇතුළත් වන්නේ මෙම සාකච්ඡා කිහිපයකි.

රාවණ ඉතිහාසය පිළිබඳ අති දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේත්, විදෙස් රටවලත් සාර්ථක පර්යේෂණයක් කළ එකම විද්වතා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර යැයි පැවසීම නිවැරදි යැයි සිතමි. එතුමා මෛත්‍රී භාවනාව ඉතා දක්ෂ ලෙස ප්‍රගුණ කළ විද්වතෙකි. 

                                                                                                                             ශාස්ත්‍රපති

                                                                                     මාපිටියේ විමලබුද්ධරක්ඛිත නාහිමි

#RavanaAmaraneeyay #MirendoObeysekara #SinhalaPoth

සක්විති රාවණ හමුව සහ වෙනත් අත්භූත සිදුවීම්

Author : භද්‍රජි මහින්ද ජයතිලක 

Publisher : Samanthi Publishers

First Edition 2015

ISBN : 978-955-084-128-8

144 Pages

මෙම සත්‍ය සිදුවීම් ගණනාවක් අළලා ලියැවුණු අසාමාන්‍ය ග්‍රන්ථයකි. කතුවරයාගේ ජීවතයේ අත්විදී අසාමාන්‍ය ගුප්ත අවස්ථා හා ඔහු බටහිර ලෝකයේදී කියැවූ වෙනත් කෘතිවල අඩංගු වූ ඇතැම් අදහස් ද මෙහි ඇතුළත් වේ.

රාවණ නම් රජ කෙනෙකුත් මේ මිහිමත ජීවත් වුණා ද යන්න සැකමුසුව ප්‍රශ්න කරන්නෙකුට මෙහි සිතා බලන්නට කරුණු ඇතුළත් වේ. 

සක්විති රාවණ හමුව ඔබට සිතන්නට යමක් ඉදිරිපත් කරයි.

  • පිටසක්වල ජීවීන්
  • මිහිමත මිනිසාගේ ආරම්භය 
  • අද්භූත බලවේග
  • අභ්‍යාවකාශ යානා
  • සංපාත සිදුවීම්
  • රාවණ පුතිමා සහ නොයෙක් විෂයයන්…..

#SakwithiRawanaHamuwasahaWenathAthboothaSiduwim #BadrajiMahindaJayathilaka #SinhalaPoth #SriLankaweIthihasaya

 

Weight 0.847 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාවණ කෘති එකතුව”

Your email address will not be published. Required fields are marked *