, ,

කුරුණෑගල විස්තරය

රු1,200.00

  • Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 
  • Publisher : Samanthi Publishers
  • First Edition 2019
  • ISBN 978-955-084-252-0
  • 416 Pages

Out of stock

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 

Publisher : Samanthi Publishers

First Edition 2019

ISBN 978-955-084-252-0

416 Pages

“ විහාර හා වෙනත් පුස්තකාලයන්හි තැන්පත් කර ඇති පුස්කොළ අත්පිටපත් ප්‍රධාන සිංහල මූලාශ්‍රය වේ. මේවා අතර අතිශයින් වැදගත් සමාජවිද්‍යාත්මක තොරතුරු රැසක් ඇතුළත් ලිපිලේඛන දක්නට ලැබේ. වෙනත් ශාස්ත්‍රීය ග්‍රන්ථ ගැන විනා මෙකී පුස්කොළ පොත්වල දැක්වෙන තොරතුරු පිළිබඳව විද්‍යාර්ථීන් උනන්දුවක් නොදැක්වීම පුදුමයට කරුණකි. කඩයිම්පොත්, විත්තිපොත්, ලියා ඇත්තේ කතාකරන සිංහලයෙනි. මේ නිසාද ඒවායේ සාහිත්‍යමය අගයක් නොමැති සේ සලකා ද සිංහල උගත්තු මේ කෘති ගැන දැනගැනීමට නොවෙහෙසුනහ.”

                                                                                          මහාචාර්ය රැල්ෆ් පීරීස් (සිංහල සමාජ සංවිධාන, 1956)

 

නිමේෂ තිවංකර සෙනෙවිපාලයන් විසින් කුරුණෑගල විස්තරය සම්බන්ධව සිදුකරන ලද මෙම සංස්කරණයෙහි දී ඉදිරිපත් කරනු ලබන විවරණ සහ විශ්ලේෂණ මගින් පාඨකයන්ට අනල්ප වූ හැදෑරීමක් කළ හැකි යැයි මම විශ්වාස කරමි. මා විසින් මේ දිනවල සිදුකරගෙන යනු ලබන පර්යේෂණ කාර්යයක් සඳහා කුරුණෑගල විස්තරයේ සංස්කරණ කළ පිටපත් කිහිපයක් සපයාගෙන ඇති නමුත් සෙනෙවිපාලයන් විසින් සම්පාදිත මෙම සංස්කරණය තරම් විස්තර බහුල වෙනත් සංස්කරණයක් ඒ අතර නොමැති බව දක්වනු රිසියෙමි. එමෙන්ම අප සියළු දෙනාට ම ඒය කියවීමෙන් ප්‍රතිලාභ ලබාගත හැකියැයි ද විශ්වාස කරමි. සෙනෙවිපාලයන් සෙසු තරුණ වියතුන් කෙරෙහි ද ඔහු නිදර්ශකයක් විය යුතුය. ලේඛනය සම්බන්ධව ඔහු තුළ පවත්නා බලවත් ඇල්ම සහ කැපවීම ද ඔහුගේ වත්මන් ලේඛන කටයුතු තුළින් ම පල දරනු ඇතැයි අවසාන වශයෙන් සඳහන් කරමි. 

මහාචාර්ය ගනනාත් ඔබේසේකර                                                                                                                                                                  ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය                                                                                                                                                                                ඇමෙරිකා එක්සත් ජනපදය 

 

#KurunegalaWistharaya #NimeshathiwankaraSenawipala #SinhalaPoth

Weight 0.473 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුරුණෑගල විස්තරය”

Your email address will not be published. Required fields are marked *