මිරිඟුව + ගම්පෙරළිය + කලියුගය + යුගාන්තය
සාමාන්‍ය මිල – රු. 1565/=
අපේ මිල – රු. 1487/=
මිරිඟුව
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Fifteenth Batch 2019
ISBN 978-955-0201-34-1
156 Pages
“ මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකතා කිහිපයෙන් වඩාම හොඳ නිර්මාණ මිරිඟුව යි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක් විය.
කුරුඳුවත්තේ උසස් පවුලක ඉතාම උගත් විචික්ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස් පදිංචි වීම හා ඇගේ ජීවිතය ද පිළිබඳ තොරතුරු රාශියක් දැනගන්ට ලැබීම එයින් එක් අරමුණයි.
මේ සිද්ධියට අවුරුදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන් ලත් අත්දැකීම් මගේ කල්පනාව පිබිදු අනික් අරමුණයි.
ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින් ඔවුන්ගේ ජීවිත විගඩමක් ලෙස මම නිරූපණය නො කළෙමි; ඔවුන්ගේ උසස් උදාර ගති මෙන් මෝඩකම් හා දුබලකම් ද ඔවුන්ගේ චරිතයන්ගෙන් හෙළි කරන්ට වෑයම් කෙළෙමි.”
-මාර්ටින් වික්‍රමසිංහ-
#Miriguwa #MartinWickramasinghe #SinhalaPoth
ගම්පෙරළිය
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
Fifty Second Batch 2019
ISBN 955-8415-43-X
254 Pages
ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට පත්වූවා පමණක් නොව, සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේ ය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසා ය.
මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය
#Gamperaliya #MartinWickramasinghe #Sinhalapoth
කලියුගය
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
Thirty-Three Batch 2020
ISBN 978-955-0201-38-9
191 Pages
ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි කලියුගය, අනුලා, පියල්, නන්ද, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ. `
#Kaliyugaya #MartinWickramasinghe #SinhalaPoth
යුගාන්තය
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
Forty Batch 2019
ISBN 978-955-0201-37-2
224 Pages
“ අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය. ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන් ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වූව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රහසක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.”
‘ජයදේව’ – ලංකාදීප
#Yuganthaya #MartinWickramasinghe #SinhalaPoth
Reviews
There are no reviews yet.