Sale!
, ,

ගුණසේකර ගුණසෝම මහතාගේ කතා එකතුවක්

රු2,342.00

  • ගුණසේකර ගුණසෝම මහතාගේ  කතා එකතුවක්
  • අරුම පුදුම යක්ෂයා + හේනක නිවාඩුවක් + රතුගල යායේ පොඩ්ඩා + වැදි ජනකතා + දොළගලේ බිල්ල + බිබිලේ ජනකතා + වෙඩි හඬ + පිඹුරු හටන + සියනෑ කෝරළයේ ජනකතා + බාලයා සහ කුළුහරක්
  • සාමාන්‍ය මිල – රු. 2465 /=
  • අපේ මිල – රු. 2342 /=

Out of stock

ගුණසේකර ගුණසෝම මහතාගේ  කතා එකතුවක්

අරුම පුදුම යක්ෂයා + හේනක නිවාඩුවක් + රතුගල යායේ පොඩ්ඩා + වැදි ජනකතා + දොළගලේ බිල්ල + බිබිලේ ජනකතා + වෙඩි හඬ + පිඹුරු හටන + සියනෑ කෝරළයේ ජනකතා + බාලයා සහ කුළුහරක්

සාමාන්‍ය මිල – රු. 2465 /=

අපේ මිල – රු. 2342 /=

අරුම පුදුම යක්ෂයා

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Secound Batch 2018

ISBN 978-955-31-0957-6

110 Pages

මොනරාගල දිසාව යනු ජනශ්‍රැති කෝෂ්ඨාගාරයකි. එම කෝෂ්ඨාගාරයෙන් සශ්‍රීක බිජු ඇට අහුරක් එක්තැන් කර නූතන පාඨකයා අත පත් කිරීමට ප්‍රකට ජනශ්‍රැති පර්යේෂක ගුණසේකර ගුණසෝම සමත් වී ඇති බව මෙම කෘතිය කිවන විට වැටහෙය. ‘ අරුම පුදුම යක්ෂයා ’ නම් මෙම ජන කතා කතුව මගින් බොහෝ පාඨකයන් නොදත් අපූරු සමාජ, සංස්කෘතික, මානව විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික අප්‍රකට තොරතුරු රැසක් දැන හඳුනා ගැනීමේ භාග්‍යය වත්මන් පරපුරට හිමිවීම අගය කළ යුතුය. 

#ArumaPudumaYakshaya #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

හේනක නිවාඩුවක්

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Secound Batch 2018

ISBN 978-955-31-0966-8

108 Pages

සදාහරිත තුරුලියෙන් පෝෂිත වනාන්තර නිසල ය. චාම් ය. සන්සුන්, සැනින් ඇඟ හීගඩු නඟන කොටි ගෙරවුමක් ඇසේ. නිසල දොළ දිය සසල කරන කිඹුල් පොරයකි. මේ සියල්ලට මැදිව හේන් කොටා බවභෝග රකින වන දිවිය ත්‍රාසජනක ය. නව යොවුන් වියේ පටන් වනය හා පොර බදමින් එයින් කටෝර අත්දැකීම් ලත් කතුවරයා සිත්කාවදින ආකාරයට ගෙත්තම් කළ මෙම යොවුන් නවකතාව පාඨකයින්ට නැවුම් අත්දැකීමක් වනු ඇත. 

#HenakaNiwaduwak #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

 

රතුගලයායේ පොඩ්ඩා

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Second Batch 2018

ISBN 978-955-31-0614-8

128 Pages

රැයක් එළිවන තුරා හේනට රෑන්පිටින් කඩාවදින අලි බොට්ටු, කුලු මී රංචු, වල් ඌරු බලමුළු පන්නා දැමිය යුතුයි. අනෙක් පසින් දවල් දවසට ගිරා මලිත්තන් සේම, වඳුරු රෑන් එළවා බෝග සම්පත රැකවල් කළ යුතුයි. මෙසේ දිවා රෑ දාහක් ගැහැට විඳ රැස් කර ගන්නා වූ හේන් අස්වැන්න තුට්ටු දෙකට ණට පොලියට ගිනි පොලීකාර මුදලාලි මහත්තැන් කොල්ල කන විට, පොඩ්ඩාට ඉහිලුම් නොදෙයි. බඩ සා ගින්දරට වඩා හිත සෝ ගින්දර දුරැලීමට පොඩ්ඩා සටන් වදින්නේ පොදු යහපත වෙනුවෙනි.               ‘ රතුගල යායේ පොඩ්ඩා ’ ගේ කතාවස්තුව ඔබට කෙතරම් ගැළපේ දැයි විමසා බැලීමට යොවුන් පාඨකයන්ට මේ කෘතියෙන් ඇරයුම් කරයි. 

ජනශ්‍රැතිවේදී                                                                                                                                                                                                                    මහින්ද කුමාර දළුපොත

#RathugalayayePodda #Gunasekaragunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

වැදි ජනකතා

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Second Batch 2017

ISBN 978-955-31-0615-5

146 Pages

අපේ වංසකතා කියන හැටියට විජය කුවේණි මුන ගැහිලා තියෙන්නේ තම්බපණ්නියේ දීයි. ඒකට මොකද විජය කුවේණි ජීවත් වූයේ බින්තැන්නේ දානිගල කියලයි වැදි සනුහරේ ඇත්තන් කියා හිටින්නේ. ඔන්න විජය කුවේණි දානිගල ඉන්න කාලේ වැදි ජනයා මිනීමස් එහෙම කනවලු. ඔන්න කොමින් හරි විජය කුමාරයා වැදි ජනයා එක්ක හටන් කරලා රජ වුණා. ඔය කතාවේ හැටියට වැදි සනුහරේ ඇත්තන් කුවේණියට කරපු වැඩේ දන්නවාද?

ආං ඒ ගැන ‘ වැදි ජනකතා ’ පොතින් දැනගත හැකියි. ඒ විතරක් නොවෙයි, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, නඹුඩන් වරිගෙ, ඌරු වරිගෙ, ඉදිගොල්ලේ කිරි අම්මා, වල්ලි අම්මයි, කතරගම දෙයියොයි වගේ වැදි ජන කතා රැසක්  මෙයට ඇතුළත් ය. වැදි ජනයා අතර මෙතෙක් පැවති ජනකතා එකතුවක් ලංකාවේ පළමුවරට පළවෙන්නේ මේ කෘතිය මඟින් වීම මෙහි තිබෙන විශේෂත්වයයි. 

ජනශ්‍රැතිවේදී                                                                                                                                                                                                       මහින්ද කුමාර දළුපොත

#WediJanakatha #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

 

දොළගලේ බිල්ල

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Second Batch 2018

ISBN 978-955-31-0954-5

127 Pages

දෙගල්වල ගල්කන්දේ මහා නිධානයක් තියෙනවා ලු. ගල් දොරින් වැහිලා තියෙන්නේ. මුතු, මැණික්, රන්, රිදී, හප්පා… එහෙම වටිනා වස්තු කන්දරාවක්. කළුඅප්පු නැමැති හොර දෙටුවාට ඔ්නෑ වුණා මේ දෙගල්වල කන්දේ නිධානය ගන්ට. මන්තරකාරයෙක් ඇන්න ගිහිං මතුරලා බිලි දීලා දොර ඇරවා ගත්තා. හප්පා රන් රිදී වස්තු කන්දරාවේ දීප්තියෙන් ඇස් ගිනිකන වැටුණා. ඒත් උන් හිටි ගමන් අන්ධකාර වුණා. හෙනම් කෝ වස්තුව ගන්ට ගිය කළුඅප්පු. ඒ කතාවේ ඇත්ත යුක්ත ‘ දොළගලේ බිල්ල ’ ජනකතාවෙන් කියවා ගත හැකියි. දිගාමඩුලු දනව්වේ තවත් අපූරු ජනකතාවන් රැසක් මෙයට ඇතුළත්. ගෝඨය්ම්බර යෝධයා, හත් පොරව කිරිල්ලී, ගලේ බුඩාගේ කතාව. රන් කැටි පුතා, මුතු කුමාරි වගේ ම නිල් මැනිකේ නිධානය බඳු ජනකතා මෙයට ඇතුළත් වෙනවා. 

ජනශ්‍රැතිවේදී                                                                                                                                                                                                       මහින්ද කුමාර දළුපොත

#DolagaleBilla #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

බිබිලේ ජනකතා

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Second Batch 2018

ISBN 978-955-31-0964-4

115 Pages

වෙල්ලස්සේ සටන් උරුමයේ සැඟවුණු යටගියාව “ බිබිලේ ජනකතා ” අතර දැකගත හැකි යි. මුඛ පරම්පරානුගත ව පැවති මෙම ජනකතා තවමත් බිබිලේ ජනතාවගෙන් ඔබ්බට ගමන් කර නැත. මන්දයත් බිබිලේ ජනකතා එකතුවක් අපගේ සාහිත්‍යයට මුසු වී නැති බැවිනි. ගුණසේකර ගුණසෝම “ බිබිලේ ජනකතා ”එකතුවෙන් මෙකී හිඩැස පුරවා තිබීම පැසසයි යුත්තකි. 

#BibileJanakatha #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

 

වෙඩි හඬ

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Second Batch 2018

ISBN 978-955-31-0956-9

126 Pages

රණපාල හා යෝගා මිහිරි මනුෂයත්වය නියෝජනය කරන්නෝ වෙති. මේ ගැටවරයන් මොනරපිල් අහුලා අලෙවිකරන්නේ ද එක කුස ඔත් සොහොයුරන් විලසිනි. එම සහෝදරත්වය මෝරා වැඩී යහපත් මිනිසුන් ලෙස ජීවත්වීමට ඔවුනට බාධා එල්ල වේ. එසේ වූව ද ජාති – කුල ආගම් භේද පරයමින් යන යෝගාගේ හා රණපාලගේ සහෝදරත්වය තිරසර වන අයුරු පෙන්වන            ‘ වෙඩි හඬ ’හෙට දවස වඩාත් යහපත් කරගත හැක්කේ කෙසේ දැයි අපට පෙන්වා දෙයි. 

#WediHanda #GunasekaraGunasoma #Sinhalapoth #LamaintaKiyaweemata

 

පිඹුරු හටන

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Secound Batch 2019

ISBN 978-955-31-0686-5

162 Pages

පානම්පත්තුව පිහිටියේ නැගෙනහිර පළාතෙහි දකුණ දෙස මායිමේ ය. මෙහි වෙසෙන වර්තමාන ගැමියෝ ඓතිහාසික         ඌව – වෙල්ලස්ස විමුක්ති අරගලයෙන් පසුබැස ආ පරපුරකින් පැවත එන්නෝය. පානම්පත්තුවේ ඇත්තේ අපූරු අප සංස්කෘතියකි. 

‘ පිඹුරු හටන ’ පානම්පත්තුවේ ගැමියන් අතර අප්‍රකටව පැවති ජනකතා එකතුවකි. එම ගැමියන්ගේ බස් වහරින්ම ලියා ඇති මෙම ජනකතා කියවන විට ගෙන දෙන්නේ අපූරු ආස්වාදයකි. 

එමෙන්ම පානම්පත්තුවේ සංස්කෘතික උරුමයෙන් බිංදුමාත්‍රයක් මෙම ජනකතාවලට ගොනු වී ඇත. 

#PiburuHatana #GunasekaraGunasoma #Sinhalapoth #LamaintaKiyaweemata

 

සියනෑ කෝරළයේ ජනකතා

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Secound Batch 2019

ISBN 978-955-31-1575-1

120 Pages

ජනශ්‍රැතිවේදියාගේ  හෘදස්පන්දනය ජනසංස්කෘතියේ අධ්‍යාත්මය හා බැඳී පවතී. එය කෙනකු ජන්ම ලාභය ලත් ගම්කොදෙව්ව ඉක්මවා යන මානවවාදී ගුණයකි. ප්‍රවීණ ජනශ්‍රැතිවේදී, සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම යථෝක්ත හේතුපාඨයට කදිම නිදසුනකි. මන්දයත් පානම්පත්තුවේ ඉපද, එහි ජන අරුමය සිරිලකට බෙදා දුන් හෙතෙම, දැන් සියනෑ කෝරළයේ ගුරු සේවයට පැමින ඇත. 

එහි දී ද ඔහුගේ අවධානය සියනෑ ජනශ්‍රැති වෙත යොමු වීම වාසනාවක් මැ වේ. එය සියනෑ වැසියන් සතු ජන උරුමය හා එහි මූලාශ්‍ර පිළිබඳව අවදි සිහියෙන් විමසා බැලීමට කරනු ලබන ආරාධනයක් වැන්න. පානම්පත්තුව ද, ගඟබඩපත්තුව ද අතැඹුලක් සේ ග්‍රහණයට ගැනීමට ජනශ්‍රැතිවේදියෙකු සතු ප්‍රතිභානයට මේ පොත අපූරු පූර්වාදර්ශයකි. 

 

ජනශ්‍රැතිවේදී,                                                                                                                                                                                                     මහින්ද කුමාර දළුපොත.

#SiyaneKoralayeJanakatha #GunasekaraGunasoma #Sinhalapoth #LamaintaKiyaweemata

බාලයා සහ කුළුහරක්

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sarasavi Publisher

Secound Batch 2018

ISBN 978-955-31-0954-5

127 Pages

“ සදා හරිත වනාන්තරයට මායිම් ව ගම පිහිටා ඇත. පානම්පත්තුවට අයත් මෙම වනයෙහි ‘ කුමන ’ ස්වභාවික කුරුළු පාරාදීසය, ලාහුගල වල් අලි රජදහන හා යාල නැගෙනහිර වන උයන ද පිහිටියේ ය. මෙහි වෙසෙන සතා සර්පයා විසින් මගේ ළමා වියට මෙන් ම යොවුන් වියට ද බොහෝ අත්දැකීම් එක් කර තිබේ. කුළුහරකුන් සම්බන්ධ ව ද මා ලැබූ අත්දැකීම් අපමණ ය. එකල මා පලු වීර කැඩීමට වන වැදුණු කල කුළුහරකුන් අපව ලුහුබැඳ ඒම පමණක් නොව විටෙක අප කුළුහරකුන් ලුහුබැඳ යෑම ආදී අතීත මතකයන් දැනුදු සිතට අපූරු ආස්වාදයක් ගෙන දෙයි. මෙම අත්දැකීම් ඉතා රසවත් ය. හාස්‍යය මෙන් ම භීතිය ද, ත්‍රාසය මෙන් ම කුතුහලය ද එම අත්දැකීම්වල පිරී පවතී. එයින් බිංදු මාත්‍රයක් මෙම යොවුන් නවකතාවෙන් නිරූපනය වෙයි.  

#BalayaSahaKuluharak #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

 

Weight 1.105 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගුණසේකර ගුණසෝම මහතාගේ කතා එකතුවක්”

Your email address will not be published. Required fields are marked *