Sale!
, ,

පව් කාරයාට ගල් ගැසීම + වහල්ලු + රන් පිළිමය සහ වෙනත් කතා + ගැහැනියක් සහ තවත් කෙටි කතා + මඟුල් ගෙදර

Original price was: රු1,200.00.Current price is: රු1,140.00.

  • පව් කාරයාට ගල් ගැසීම + වහල්ලු + රන් පිළිමය සහ වෙනත් කතා + ගැහැනියක් සහ තවත් කෙටි කතා + මඟුල් ගෙදර
  • සාමාන්‍ය මිල – රු. 1200/=
  • අපේ මිල – රු. 1140/=

Out of stock

පව් කාරයාට ගල් ගැසීම + වහල්ලු + රන් පිළිමය සහ වෙනත් කතා + ගැහැනියක් සහ තවත් කෙටි කතා + මඟුල් ගෙදර

සාමාන්‍ය මිල – රු. 1200/=

අපේ මිල – රු. 1140/=

පව්කාරයාට ගල් ගැසීම

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

Twenty – Eight Batch 2019

ISBN 978-955-0201-44-0

119 Pages

“……1936 දී පළමු මාර්ටින් වික්‍රමසිංහගේ “ පව්කාරයාට ගල් ගැසීම ” නම් වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්විය හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශේෂ අංග සමහරක් මෙහි විවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පූර්‍ණ ය. තමා ආරූඪ කර ගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන් දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි….” 

#PawkarayatagalGaseema #MartinWickramasinghe #SinhalaPoth

වහල්ලු

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Twenty Second Batch 2017

ISBN 978-955-0201-46-4

155 Pages

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණය යි. ‘ කෙටි කතාව ’ යන ශීර්ෂය යටතේ ලියැවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටි කතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. එම ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි. 

‘ මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මනු කැමැත්තන් උදෙසා ය. කෙටි කතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙතැ යි හැඟේ.’

#Wahallu #MartinWickramasinghe #SinhalaPoth

 

රන් පිළිමය සහ වෙනත් කතා

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Secound Batch 2017

 ISBN 978-955-0201-23-5

136 Pages

හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ අනෙක් කිසිදු කෙටිකතා සංග්‍රහයක පළ නොවුණු ප්‍රබන්ධ දහහතක් මෙම කෙටිකතා පොතට ඇතුළත් වෙයි. එකී නිර්මාණ වික්‍රමසිංහ මහතා විසින් 1936 – 1950 අතර කාලය තුළ රචනා කරන ලද්දේ වෙයි. 

මෙහි සංගෘහිත කෙටිකතා අතරින් මුඛ්‍ය නිර්මානය සේ ඉස්මතු කර දෑක්වෙන “ රන් පිළිමය ” ගැන සංස්කාරකවරයා කරන විවරණයෙහි මෙසේ සදහන්ය. 

“ රන් පිළිමය අතිශයින්ම විදග්ධ රීතියකින් නිමවන ලද සියුම් කෙටිකතා නිර්මාණයකි. ඒ වනාහි, මිනිස් සිතෙහි සැඟවුණු තැන්ද මානුෂික චර්යාවන්ද තියුණු ලෙස හෙළි කෙරෙන අපූරු රචනයකි.” 

#RanPilimayaSahaWenathKatha #MartinWickramasinghe #Sinhalapoth

ගැහැණියක් සහ තවත් කෙටි කතා 

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Sixteenth Batch 2019

 ISBN 978-955-0201-43-3

101 Pages

ගැහැණියක් කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන් අත්දැකීම් පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මේය:

“ මගේ ගැහැනියක් කෙටිකතා පොත වූයේ මිරිඟුවට අවුරුද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහඳ අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබීමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.”

#GahaniyakSahaThawathKetiKatha #MartinWickramasinghe #SinhalaPoth

 

මඟුල් ගෙදර

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Seventh Batch 2018

 ISBN 978-955-0201-00-6

146 Pages

“1927 දී චරිතාදර්ශ කථා නමින් එළි දුටුවේ වික්‍රමසිංහ ලියූ දෙවැනි කෙටි කතා සංග්‍රහය යි. එහි ඇතුළත් කතා අතරින් මඟුල් ගෙදර හොඳ රචනාවකි. එය වූ කලී බටහිර සිරිත් විරිත් ද සම්මිශ්‍රනය වීමෙන් සෑදුණු අපූරු චාරිත්‍ර වලින් යුක්තවූ ගම්බද විවාහ මංගල්‍යයක් පිළිබඳ කෙරුණු සෝපහාස වර්ණනාවකි……”

                                                                                                                               මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මනුෂය ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපිත කතා 19 කින් මෙම කෙටිකතා සංග්‍රහය සමන්විත වෙයි. 

#MagulGedara #MartinWickramasinghe #SinhalaPoth

 

Weight 0.806 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පව් කාරයාට ගල් ගැසීම + වහල්ලු + රන් පිළිමය සහ වෙනත් කතා + ගැහැනියක් සහ තවත් කෙටි කතා + මඟුල් ගෙදර”

Your email address will not be published. Required fields are marked *