Sale!
, , , , , , ,

ගොවිතැන හා ආහාර

රු2,071.00

  • පරිසර හිතකාමී පැරණි පළිබෝධ නාශක ක්‍රම  + ගොවිබිමේ උපකරණ (ලක්දිව පැරණි කෘෂි උපකරණ පිළිබඳ ගවේෂණයකි) + කෘෂි බෝග වගාව + රෝග නිවාරණයට ආහාර වට්ටෝරු
  • සාමාන්‍ය මිල – රු.2180/=
  • අපේ මිල – රු.2071 /=

Out of stock

පරිසර හිතකාමී පැරණි පළිබෝධ නාශක ක්‍රම  + ගොවිබිමේ උපකරණ (ලක්දිව පැරණි කෘෂි උපකරණ පිළිබඳ ගවේෂණයකි) + කෘෂි බෝග වගාව + රෝග නිවාරණයට ආහාර වට්ටෝරු

සාමාන්‍ය මිල – රු.2180/=

අපේ මිල – රු.2071/=

 

පරිසර හිතකාමී පැරණි පළිබෝධ නාශක ක්‍රම 

Author : රුවන් රත්නායක

Publisher : Samanthi Publisher

First Edition 2020

ISBN : 978-955-084-254-4

224 Page 

 

වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය නිපදවීම සඳහා අපේ මුතුන් මිත්තෝ කෘෂිකර්මාන්තයේදී භාවිතා කළ පරිසර හිතකාමි පළිබෝධ නාශක ක්‍රම ද, වනසතුන් පලවා හැරීමේ අවිහිංසාවාදී ක්‍රම ද පමණක් නොව හේනේ, කුඹුරේ, ආරක්ෂාව සළසා ගැනීමට ඉවහල් වන පුරාණ උපචාර, අභිචාර විධි ද, වැට බැඳීමේ පැරණි ක්‍රම හා ගොවිකරණ ද  ඇතුළත් මෙම කෘතිය ඒ පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.

#ParisarahithakamiParaniPalibodaNashakaKrama #RuwanRathnayake #SinhalaPoth

 

රෝග නිවාරණයට ආහාර වට්ටෝරු

Author : ලීලා රාජපක්ෂ

Publisher : Samanthi Publisher

First Edition 2017

ISBN : 978-955-084-199-8

200 Page 

 

ආහාර වට්ටෝරු පොත් කිහිපයක් ලියා පළ කොට ඇති ලීලා රාජපක්ෂ  ” රෝග නිවාරණයට ආහාර වට්ටෝරු ” නම් වූ මෙම කෘතියෙන් අත පොවා ඇත්තේ නවතම ඉසව්වකට ය. 

බෝ නොවන රෝග ගණයේ ලා ගැනෙන දියවැඩියාව, රුධිර පීඩනය, සෙම ප්‍රධාන කොට රෝග ගණනාවකට ගුණදායක, එම රෝග පාලනය කළ හැකි ආහාර වට්ටෝරු රැසක් මෙම කෘතිය මඟින් ඉදිරිපත් කර ඇත. 

විශේෂත්වය වන්නේ ආහාර රස ගන්වන කුළු බඩු, සරක්කු ආදී රසකාරක ද්‍රව්‍යය 25 ක් පිළිබඳව ගුණ ප්‍රකාශයක් විද්‍යාත්මක පදනම මත ඉදිරිපත් කර තිබීම ය. 

#RogaNiwaranayataAharaWattoru #LeelaRajapaksha #SinhalaPoth

 

කෘෂි බෝග වගාව 

Author : චන්ද්‍රිකා පෙරේරා

Publisher : Samanthi Publisher

Second Batch 2017

ISBN : 978-955-0084-06-7

187 Page 

 

දැනට කෘෂිකර්මාන්තයේ නියැලෙන හා නියැලීමට අදහස් කරන අයගේ ද පාසල් සිසු සිසුවියන්ගේ ද ප්‍රයෝජනය සඳහා මෙම කෘතිය රචනා කර ඇත. 

ඒ හැර ධාන්‍ය භෝග ආදී මහා පරිමාණ වගාවන් පිළිබඳව හැදෑරීම සඳහා මෙය ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.

#KrushiBogaWagawa #ChandrikaPerera #SinhalaPoth

 

ගොවිබිමේ උපකරණ (ලක්දිව පැරණි කෘෂි උපකරණ පිළිබඳ ගවේෂණයකි)

Author : නෝමන් සිරිපාල 

Publisher : Samanthi Publisher

First Edition 2011

ISBN : 978-955-084-215-5

220 Page 

 

හේන – කුඹුර – කමත හා පැල ආශ්‍රිතව ගොවි බිමේ ගොවි කටයුතුවල නිරන්තරයෙන් නිරත වූ ගොවියා විසින් තම කෘෂි නිෂ්පාදන අවශ්‍යතාවලට සුදුසු වන පරිදි ගොවි උපකරණ නිපදවා ගනු ලැබුවේ එම පරිසරයෙන් ම ලබාගත් අමුද්‍රව්‍ය වලිනි. 

මේ සඳහා පාරම්පරික තාක්ෂණ ඥාණය ඈත අතීතයේ සිට ම, පරපුරෙන් පරපුරට දායාද විය. මේ ආකාරයෙන් ඔහුන් විසින් නිපදවනු ලැබූ කෘෂි උපකරණ ඒකක සංඛ්‍යාව දහස් ගණනකි.

විද්‍යා දියුණුවේ සහ තාක්ෂණවේදයේ ව්‍යාප්තිය අනුව, යාන්ත්‍රික මට්ටමින් ලෝහමය උපකරණ නිපදවීමත් සමඟ පරිසරයෙන් ලබාගත් අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් දේශීය උපකරණ අභාවයට යමින් පවතී. 

මෙහි ඇතුළත් වන්නේ කතුවරයා විසින් දැක පුරුදු එමෙන් ම අත් දුටු එම උපකරණ රාශියෙන් අතලොස්සක් පමණි. ඒවා මාතෘකා දහයක් යටතේ එකිනෙක වෙන වෙනම හඳුන්වා දී ඇත්තේ ජාතික උරුමයන් සුරැකීමේ වගකීමෙන් ද යුතුව ය. 

#GowibimeUpakarana #NomanSiripala #Sinhalapoth #SriLankaweIthihasaya

 

Weight 0.990 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගොවිතැන හා ආහාර”

Your email address will not be published. Required fields are marked *