Sale!
, , ,

අලි ඇතුන්ගේ විත්ති

Original price was: රු1,680.00.Current price is: රු1,596.00.

  • ඇත්ගාලේ සෙනෙහස + නදීතෙර කුංචනාදය + සෝමාවතියේ වනදිවි මැද + යාල නැගෙනහිර අහිමි වනමං 
  • සාමාන්‍ය මිල – රු.1680/=
  • අපේ මිල – රු.1596/=

Out of stock

ඇත්ගාලේ සෙනෙහස + නදීතෙර කුංචනාදය + සෝමාවතියේ වනදිවි මැද + යාල නැගෙනහිර අහිමි වනමං 

සාමාන්‍ය මිල – රු.1680/=

අපේ මිල – රු.1596/=

 

ඇත්ගාලේ සෙනෙහස

Author: විමලසිරි අගලකඩ

Publisher: Dayawansa Jayakody & Company

First Edition 2011

ISBN 978-955-551-882-6

216 Page

ඇත්ගාලේ සෙනෙහස නමැති මෙම කෘතියට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන හීලෑ අලි ඇතුන්ගේ සුන්දර කතා වස්තු රැසකි.

ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමට භාග්‍ය ලත් ‘ නැදුන්ගමුවේ ඇත් රජු ‘ හා මාලිගාතැන්න රජ මහ විහාරයෙහි භාවනා කුටියක් තනන්නට උරදුන් සියනෑ කෝරළේ කඳුමුල්ල ගොරොක්ගහදෙණිය වලව්වේ ‘ වල්ලි අම්මා ‘ ඇතින්නගේත් තොරතුරු රැසක් විශේෂයෙන් මෙහි සඳහන්ව ඇත.

අනාදිමත් කාලයක සිට පැවත එන අලි මිනිස් සහසම්බන්ධතාව කෙතරම් ද යන්න කෙටි විවරණයක් කිරීමට ගත් උත්සාහක ප්‍රතිඵලයකි මේ.

#AthgaleSenehasa #VimalasiriAgalakada #SinhalaPoth

 

නදීතෙර කුංචනාදය 

Author : කැමිලස් වනිගසූරිය 

Publisher : Sooriya Publisher 

Third Batch 2017

ISBN : 978-955-656-013-0

240 Page 

 

වනගත හේන් ජීවිතයේ තොරතුරු රැසක් ස්වකීය ජීවිතයේ අත්දැකීම් ලෙස හෙළි කරන මෙම කෘතිය ආස්වාදජනක වන්නේ එය තාත්වික නවකතාවක් ලෙස ගොනු වී ඇති නිසා ම නොවේ. එය ඉදිරිපත් කරන කාෂ්ටක භූමියේ රන් දහදිය වගුරවමින් එහි රසය උරා ගැනීමට වෑයම් කරන දෙතුන් දෙනකුගේ ජීවිත තොරතුරු සහිත දුර්ලභ ගණයේ විෂය කරුණු නිසා ද නොවේ. කතුවරයා වන සෞන්දර්ය ගවේෂණයෙහි යෙදෙමින් හෙළි කරන අපූර්ව අත්දැකීම් හෙයිනි. ඉදිරිපත් කරන කුහුල දනවන රසවත් විලාසය හෙයිනි.

කැමිලස් වනිගසූරිය රජයේ ලිපිකරුවෙකි. අසුවේ වැඩවර්ජනය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි විය. ජීවනෝපාය සඳහ ඔහු කළේ තම උපන් බිමෙන් ඉතා ඈත් වූ ත්‍රිකුණාමලයේ සෝමාවතී වනාන්තරයේ හේන් ගොවිතැනට බැසීම ය. දෙතුන් දෙනෙකු එකතුව කළ මේ ජීවිත සටනෙහි ඉතා වැදගත් ප්‍රතිඵලය වූයේ කැමිලස් පරිසරවේදියකු වීම ය. වන සෞන්දර්ය ගවේෂකයකු වීම ය. ” නදීතෙර කුංචනාදය ” එහි ප්‍රතිඵලයකි.

වන දිවිය අළලා මෙබඳු කෘතියක් නිර්මාණය කිරීමෙහි ලා ඔහුට ආශාවක් ඇති වූයේ එම අත්දැකීම් සම්භාරය ස්වකීය ජනතාව අතරට ද බෙදා දීමේ වැදගත්කම පිළිබඳ සංකල්පය යි.

තමන් උපන් බිමෙහි ඓතිහාසික හා පාරිසරික සම්පත් දැන හඳුනාගෙන එම තොරතුරු අන්‍යයන්ගේ දැන ගැනීම සඳහා හෙළි කිරීමට වෑයම් කර ඇත්තේ ඉතා කෙටි දෙනෙකි. මෙය දියුණු විය යුතු සාහිත්‍යාංගයෙකි. එමඟින් තුරුලතා කෙරෙහි මෙන් ම වනසතුන් ⁣කෙරෙහි ද ආදරයක් සැලකිල්ලක් දක්වන්නට ජනතාව තුළ ඇති කරන ආකල්ප බෙහෙවින්ම වැඩදායක ය.

මානව ප්‍රේමය, සත්ත්ව කරුණාව, පරිසර දයාව මිනිසුන් තුළ මිනිස්කම සඳහා වගා විය යුතු ගුණාංග වෙයි. මෙබඳු පොතපතින් එහි ලා සිදුවන මෙහෙය මහඟු ය.

කැමිලස් වනිගසූරිය දශකයකටත් අධික කාලයක් තුළ විවිධ පුවත්පත් සඟරාවලට සෝමාවතී වනාන්තරයේ සෞන්දර්යාත්මක හා භූගෝලීය තත්ත්වය නොවන්නට ඓතිහාසික වූත් පුරාවිද්‍යාත්මක වූත් ඉතා වැදගත් තොරතුරු රාශියක් ඔහුගෙන් අනාවරණය වන්නට තිබිණ.

                                                                                        මහාචාර්ය බන්දුසේන ගුණසේකර 

#NadeetheraKunchanadaya #KamilasWanigasooriya #SinhalaPoth

 

සෝමාවතියේ වනදිවි මැද 

Author : කැමිලස් වනිගසූරිය 

Publisher : Sooriya Publisher

 New Batch 2012

ISBN : 978-955-8425-95-8

1420Page 

 

රජයේ සේවයේ යෙදී සිටියදී 1980 ජූලි වැඩ වර්ජනයට සහභාගී වීමෙන් රැකියාව අහිමිවී ගිය කැමිලස් වනිගසූරිය වසර 5 ක පමණ කාලයක් හේන් වගාවේ නියැලෙමින් සෝමාවතී වනාන්තරයේ ගත කළේය.

 

එහිදී ලැබූ අත්දැකිම් තුළින් සෝමාවතී වනාන්තරයේ පරිසරයේ හා එහි ස්වභාවය, අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ හැසිරීම්, සෝමාවතියේ ඓතිහාසික නටබුන්, දේශගුණික වෙනස්වීම් වනාන්තරයට බලපාන අයුරු හා වනයේ ත්‍රාස ජනක සිද්ධීන් ආදීය විස්තර කරමින් ඔහු ලියා ඇති ” සෝමාවතියේ වනදිවි මැද ” ග්‍රන්ථය ඔහුගේ අත්දැකීම් අපගේද අත්දැකීම් බවට පත් කරයි.

කතුවර⁣යාගේ සරල සුගම ශෛලිය හා රසවත් බස් වහර නිසා ” සෝමාවතියේ වනදිවි මැද ” රසවත් නවකතාවක් මෙන් එක දිගමට කියවා ගෙන ගිය හැකිය.

දයා ලංකාපුර

සිළුමිණ – සමකර්තෘ

#SomawathiyeWanaMeda #KemilasWanigasooriya #SinhalaPoth

 

යාල නැගෙනහිර අහිමි වනමං 

Author :ගාමිණි විජිත් සමරකෝන් 

Publisher :Dayawansha Jayakody Publisher

Sixth Batch 2015

ISBN 978-955-551-682-2

176 Page

 

කතුවරයා ගැන…..

 

ගල්කිස්සේ හේනපාර කණිෂ්ඨ විද්‍යාලයයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් සිප්සතර හදාරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ ගාමිණි විජිත් සමරකෝන් යාල, විල්පත්තු ඇතුළු වනජීවි රක්ෂිත කිහිපයක ද , ගිරිතලේ ජාතික වනජීවි පුහුණු කේන්ද්‍රයේ ද සේවය කිරීමෙන් වසර විසිපහක කාලයක ⁣ක්ෂේත්‍ර පළපුරුද්දක් ලත් වනජීවී සංරක්ෂණ නිලධාරියෙකි.

 

පොත ගැන…..

 

කතුවරයා වනජීවී සංරක්ෂණ නිලධාරියෙකු ලෙස යාල – නැගෙනහිර ජාතික උද්‍යානයේ සේවය කළ 1981 – 85 අතර කාලය තුළ වනජීවීන් ඇසුරේදී ලත් අත්දැකීම් පාදක කොට, ඔවුන්⁣ගේ හැසිරීම් රටා විවරණය කිරීමට ගත් උත්සාහයකි. සොබා දහම හා වෙලී ජීවත් වූ මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවිත පිළිබඳ අපූරු තොරතුරු ද මෙහි ඇතුළත්ය. වනජීවීන් පිළිබඳ  උනන්දුවක් දක්වන්නන්ට මෙන්ම පාසල් දරුවන්ට ද වැදගත් වන අධ්‍යාපනික වටිනාකමක් ඇති නවකතාවක් මෙන් කියවා රස විඳිය හැකි නිර්මාණයකි.

#YalaNagenahiraAhimiWanaman #GaminiVijithSamarakoon #SinhalaPoth

 

Weight 0.941 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අලි ඇතුන්ගේ විත්ති”

Your email address will not be published. Required fields are marked *