Sale!
, , , ,

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෘති එකතුව 2

Original price was: රු2,100.00.Current price is: රු1,995.00.

  • අපේ උරුමය හා භික්සූන් වහන්සේ + මානව විද්‍යාව හා සිංහල සංස්කාතිය + අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය + පරිණාමවාදය සහ මානව විද්‍යාව ප්‍රථම භාගය + පරිණාමවාදය සහ මානව විද්‍යාව ද්විතීය භාගය
  •  සාමාන්‍ය මිල – රු.2100/ =
  • අපේ මිල – රු. 1995/=

Out of stock

අපේ උරුමය හා භික්සූන් වහන්සේ + මානව විද්‍යාව හා සිංහල සංස්කාතිය + අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය + පරිණාමවාදය සහ මානව විද්‍යාව ප්‍රථම භාගය + පරිණාමවාදය සහ මානව විද්‍යාව ද්විතීය භාගය

 සාමාන්‍ය මිල – රු.2100/ =

අපේ මිල – රු. 1995/=

 

අපේ උරුමය හා භික්සූන් වහන්සේ

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Fourth Batch 2017

ISBN 978-955-0201-08-2

151 Pages

මෙරට භාෂා සාහිත්‍ය පමණක් නොව බුදු සමය ද අතුරුදහන් වන තරමට පිරිහී ගිය යුගයක විදුදය, විදුලකර පිරිවෙන් පිහිටුවාගෙන ධර්ම ශාස්ත්‍රාලෝකය පැතිර වූ වියත් මග තෙරවරුන් අරභයා ලියා ඇති මෙම නිබන්ධ හුදු චරිතාපදානයන් ම නොවේ. පාඨකයාගේ ඥානය පුබුදු කරවන කරුණු අඩංගු ශාස්ත්‍රීය සංග්‍රහයකි. විවිධ භාෂා ශාස්ත්‍රාන්තරයන්හි හසළ දැනුම ලැබූ අපගේ ශ්‍රේෂ්ඨ පඬිවරුන් විසින් අපමණ දුක් ගැහැට විඳ තමන් වහන්සේ රැස් කරගත් ධර්ම ශාස්ත්‍රය එතරම්ම වෙහෙස මහන්සියක් විඳ දරාගෙන තම සිසුන්ට ඉගැන් වූ ආකාරය මෙම ග්‍රන්ථයෙන් හෙළිවෙයි. 

#ApeUrumayaHaBhikshunwahansela #MartinWickramasinghe #Sinhalapoth

 

මානව විද්‍යාව හා සිංහල සංස්කාතිය

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Sixth Batch 2017

ISBN 978-955-8415-88-7

190 Pages

වර්තමාන මානව විද්‍යාව, පරිනාමවාදය මූල සිද්ධාන්තය කොට ගෙන උපන්නකි. වෘක්ෂ ලතා ඇතුළු විවිධ කායික ස්වරූප ඇති සකල ජීව ගණයා ජලයෙහි පන් මූල ජීව බිංදුවකින් පටන් ගෙන අවුරුදු කෙළ කෝටි ගණනක් පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රමයෙන් වෙනස් වෙමින් වැඩීමෙන් හෙවත් ක්‍රම විකාශයෙන් පහළ වූහ යනු පරිණාමවාදයෙහි ඉතාම කෙටි අරුතයි. 

මනුෂ්‍යයාගේ පරිණාමය විවේචනය කෙරෙන මෙහි පළමුවන නිබන්ධ තුන හා සිංහල සංස්කෘතිය විමසන අනික් නිබන්ධන ද එක්තැන් කල මේ ග්‍රන්ථය මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත්ව සිටියදී ලියා පළ කළ අවසාන කෘතිය වෙයි. ‘ මගේ මේ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය සකු, බමුණු, ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැටපතක් වෙති යි සිතමි ’ යි යනුවෙන් පොතේ සංඥාපනය අග වික්‍රමසිංහයන් කරන සඳහන එහි සමුදයාර්ථය වටහා ගැනීමට හේතු වෙතියි සිතමු. 

ManawaWidyawaHaSinhalasanskruthiya #MartinWickramasinghe #Sinhalapoth

 

අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Fifth Batch 2016

ISBN 978-955-0201-88-4

267 Pages

 ස්වාධීනව නොසිතීම. විවේචන නොඉවසීම වර්තමාන සාහිත්‍යයේ පරිහානියට එක් හේතුවකි. විසි වැනි සියවසේ ජීවත් වූ අපේ ශ්‍රේෂ්ඨ පඬිවරුන්ගේ තැන්පත් නුවණ වැඩුණේ ඔවුන් තම මතයන්හි සදොස් තැන් නිහතමානීව පිළිගැනීමටත් විවේචන ඉවසන්ටත් පුරුදු විම නිසාය.

වර්තමාන සමාජය මුහුණ දී ඇති අගාධයෙන් මිදෙන මං සොයා යෑමේදී මාර්ටින් වික්‍රමසිංහ චින්තනයෙන් ලැබෙන එළිය නිසි මං හසර හඳුනාගැනීමට ඉවහල් වෙයි. අපේ වියතුන් පිළිබඳ ලියා ඇති මෙම ලිපි සංග්‍රහයෙන් ද ඊට නොමඳ අනුබලයක් ලැබෙනු ඇත. 

සමකාලීන පඬිවරුන් සමඟ මාර්ටින් වික්‍රමසිංහ මහතා පවත්වාගෙන ගිය ඇසුර හුදු පෞද්ගලික ඇයි හොඳයියක් පමණක් නොවේ. එය වූ කලී මෙරට භාෂා ශාස්ත්‍රෝන්තිය උදෙසා ඔවුන් කැප කළ දෘඪ පරිශ්‍රමය හෙළි කෙරෙන ශාස්ත්‍ර මිත්‍ර සන්ථවයකි. වර්තමාන බොහෝ ශාස්ත්‍රවන්තයින් හා පාඨකයින් නොදන්නා අප්‍රකට තොරතුරු රැසක් එම විද්වත් සමාගමය තුළ ගැබ්බ පැවති බවට මෙම නිබන්ධ සංග්‍රහයෙහි ඇතුළත් තොරතුරු සාක්කි එළවයි.

#ApeViyathParapuraHaBhashaSamajaParinamaya #MartinWickramasinghe #SinhalaPoth 

 

පරිණාමවාදය සහ මානව විද්‍යාව ප්‍රථම භාගය

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

First Edition 2014

ISBN 978-955-0201-28-0

332 Pages

 

අනෙකුත් සමාජ ශාස්ත්‍රයන් (Social Science) හා සම කරන විට මානව විද්‍යාව (Anthropology) හෝ සමාජ විද්‍යාව (Sociology) අපේ රටේ ජනප්‍රිය වූ හෝ දියුණු වූ හෝ විෂයයක් නොවේ. එහෙත් බටහිර රටවල, විශේෂයෙන් ඇමරිකාවේ හා එංගලන්තයේ මානව විද්‍යාව (Anthropology) ඊට උරුම සංකල්ප හා න්‍යායයන් ගොඩනඟා තිබෙනවා පමණක් නොව, ජනප්‍රිය වී තිබෙන බවද පැහැදිලි කරුණකි. කෙසේ වෙතත් බටහිර රටවල වූවද මානව විද්‍යාව දියුණු වී ශතවර්ෂයක් ගත වූයේ නැත. දහඅටවැනි හා දහනමවැනි ශතවර්ෂවල ඇති වූ දේශපාලන හා කාර්මික විප්ලවයන් සමඟ අත්වැල් බැඳ දියුණු වූ සමාජ ශාස්ත්‍ර අතර මානව විද්‍යාවද එකකි. චාල්ස් ඩාවින්ගේ ජීව විද්‍යාත්මක පරිණාමවාදය නිසා එක් අතකින් මෙතෙක් පැවති මිනිසාගේ ප්‍රභවය පිළිබඳ පැතිඑර පැවතුණු සමකාලීන යුරෝපයේ මානව කේන්ද්‍රණවාදී (Ethnocetrism) අදහස්ද බිඳ වැටිණ. 

#ParinamawadayaSahaManawaWidyawa1 #MartinWickramasinghe #SinhalaPoth

 

පරිණාමවාදය සහ මානව විද්‍යාව ද්විතීය භාගය

 

Author: මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

First Edition : 2014

ISBN 978-955-0201-29-7

595 Pages

මිනිසාගේ මුල සෙවිය හැකිද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයිය හැක්කේ, ඒ ප්‍රශ්ණය නඟන්නාගේ අදහස දැනගැනීමෙන් පසුයි. එය අසන්නාගේ දැනුම හා වැටහීම අනුව වෙනස් වන්නකි. මනුෂ්‍යයාගේ පමණක් නොව, කවර අචේතනික වස්තුවකගේ වූවද මුල සෙවීමට බසින්නා, ඉදිකටුව ළිදේ වැටුණම ගන්නේ කෙසේද? යන පැනයට පිළිතුරු දෙන්ට ගිය මහදැනමුත්තා මෙන් අමාරුවේ වැටෙයි. කවර දෙයක වූවද මුල සොයන්ට බසින්නා, එක ප්‍රශ්නයක් විසඳන විට තවත් ප්‍රශ්නයක් මතු වෙයි. ඔහු එයද විසඳන විට තවත් ප්‍රශ්නයක් මතු වෙයි. විසඳා කෙළවර නොකළ හැකි ප්‍රශ්න මාලාවකට ඔහු හසු වෙයි. ඇතැම් වට රවුමේ දිවීමක් වන නමුදු, කවර දෙයක වූවද අග මුල සෙවීමෙන් බුද්ධිමතකුට විනෝදාස්වාදයක් හා හොඳ දැනුමක් ද ලැබිය හැකිය. 

#ParinamawadayaSahaManawaWidyawa2 #MartinWickramasinghe #Sinhalapoth

Weight 1.553 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෘති එකතුව 2”

Your email address will not be published. Required fields are marked *