Sale!
, , , ,

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ විශිෂ්ට නව කතා එකතුවක්..

Original price was: රු1,375.00.Current price is: රු1,307.00.

  • සෝමා + ශීතා + ලීලා + රෝහිණී + අයිරාංගිනි
  • සාමාන්‍ය මිල – රු.1375 /=
  • අපේ මිල – රු. 1307/=

Out of stock

සෝමා + ශීතා + ලීලා + රෝහිණී + අයිරාංගිනි

සාමාන්‍ය මිල – රු.1375 /=

අපේ මිල – රු. 1307/=

 

සෝමා

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Sixteenth Batch 2020

ISBN 978-955-0201-31-0

106 Pages

මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි. සෝමා ලියන ලද්දේ පළමු නවකතාව වන ලීලා රචනා කොට අවුරුදු අටකට පසුව එනම් 1922 දී ය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා, සමකාලීන කතා කලාවට නෑකම් කියයි. එසේ වූවද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි. 

#Soma #MartinWickramasinghe #Sinhalapoth

 

ශීතා

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Thirteenth Batch 2019

ISBN 978-955-0201-33-4

120 Pages

1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකථාව ද ඔහුගේ පළමු නවකථා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිබිඹු කෙරෙන අද්භූත කථා සම්ප්‍රදායට අයත් වූවකි.  එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකථාව තුළ ඇත. වස්තු වින්‍යාසයේ වූව ද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි. තම නොපැසුණ අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකථාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි. 

#Sheetha #MartinWickramasinghe #SinhalaPoth

 

ලීලා

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Fourteenth Batch 2018

ISBN 978-955-0201-30-3

108 Pages

“ මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ‘ ලීලා ’ නම් අභිනව ප්‍රබන්ධ කථාවෙන් කොපියක් ලැබී ස්තුති සහිතව භාරගෙන කියවා බැලීමි. 

මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරීක්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය. මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා බලා පරීක්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරි බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.”

යගිරල පඤ්ඤානන්ද හිමි                                                                                                                                                                                                     සරසවි සඳරැසල 1919 ජූනි 19 

“ ලීලා නවකාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හි සිරිත් විරිත් අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ. ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිතය විචාරය අනුව අගය කිරීමකට ලක් කළ හැකි ද යන්න විමසීමේදි එය වැදගත් වේ. පැරණි සාහිත්‍යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරිමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.”

 චන්ද්‍රා අමරසේකර                                                                                                                                                                                                                   සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා අංශයේ හිටපු පීඨාධිපතිනි

#Leela #MartinWickramasinghe #SinhalaPoth

 

රෝහිණී

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher 

Fifty-six Batch 2019

ISBN 978-955-0201-35-8

123 Pages

පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන් විසින් සම්භාවිත රෝහිණී නවකථාව පළමුවරට මුද්‍රණය වූයේ 1929 දී ය.

එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ රෝහිණී, දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඵෙතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ. 

#Rohini # MartinWickramasinghe #SinhalaPoth

 

අයිරාංගිනි

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

Fifteenth Batch 2018

ISBN 978-955-0201-32-7

93 Pages

මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකතාව වන අයිරාංගිනි 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ එකාකාර දෘෂ්ටියන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වෙයි. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක් මේ නවකතාව තුළ දැක්ක හැකිය. 

#Airangani #MartinWickramasinghe #Sinhalapoth 

 

Weight 0.720 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ විශිෂ්ට නව කතා එකතුවක්..”

Your email address will not be published. Required fields are marked *