,

දියුණුවේ මන්ත්‍ර

රු600.00

  • Author  : භාතිය අර්ථනායක 
  • Publisher : Neo Graphics
  • Second Batch  2020
  • ISBN 978-955-53675-1-6
  •  228  Page

Out of stock

Author  : භාතිය අර්ථනායක 

Publisher : Neo Graphics

Second Batch  2020

ISBN 978-955-53675-1-6

 228  Page

භාතිය අර්ථනායක යනු මෙරට සිටින දක්ෂතම පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙකි. අභිප්‍රේරකවරයෙකි. ලේඛකයෙකි. එසේම ඔහු වසර 10 කට ආසන්න කාලයක් විද්‍යුත් මාධ්‍යයෙහි ප්‍රවෘත්ති නිවේදකයෙකු, සංස්කාරකව⁣රයෙකු සේම කළමනාකරණ ක්ෂේත්‍රයේ ද අත්දැකීම් ඇත්තෙකි. මාධ්‍යවේදියෙකු ලෙස හඳුනාගනු ලැබු භාතිය අර්ථනායක පසු කලෙක බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ ක්‍රීඩා අභිප්‍රේරකවරයෙකු ලෙසය. පසුව ඔහු ක්‍රීඩාවෙන් උකහා ගත් ජවය, අලෙවිකරණයට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපනයට අදාලව ඔහුගේ පුහුණු වැඩසටහන් තුළට ඇතුලත් කළේය. අති දක්ෂ දේශකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ සේවය ලබාගෙන ඇති ආයතන රැසකි. MAS, DIMO, AIA Insurance, Peoples Bank, CDB, Elephant House, CIC, LB Finance වැනි ආයතන ඒ එ් අතුරින් කිහිපයක් පමණි. මෙම ග්‍රන්ථයෙහි ඇතුලත් වන්නේ මව්බිම පුවත්පතෙහි බදාදා FT අතිරේකයට භාතිය විසින් රචනා කරන්නට යෙදුනු ලිපි පෙළක සංස්කරණය කරන ලද එකතුවකි. එය මව්බිම පාඨකයන් අතර සේම Motivation.lk පිටුවේ පරිශීලකයන් අතර ද මහත් සේ ජනප්‍රිය විය. මෙය ග්‍රන්ථයක් ලෙස එළි දකින්නේ එය කියවූ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදිය. ජිවිතයේ සාර්ථකත්වය කරා මිනිසුන් නිතර කළ දේ ගැන මේ ” දියුණුවේ මන්ත්‍ර ” තුළ කථා බහට ලක් කෙරේ.

 

” මේ ග්‍රන්ථය මීට වසර 20 කට පෙර මා අතට පත්වූයේ නම්, මගේ ජිවීතයේ තවත් බොහෝ ජයග්‍රහණ ලැබීමට හැකි ව තිබූ බව මට හැගේ. මෙය කියවා පසෙක තැබිය යුතු පොතක් නොව, දිනපතා එහි ලියා ඇත දේ භාවිතයට ගත යුතු පොතකි.”

චන්දන තිලකරත්න 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි,

 

” භාතිය, අභිප්‍රේරණ විෂයේ දී දක්ෂ කථිකයෙකි. කතාවේ දී පමණක් නොව සිය ලිවීම්වල ද ඔහු ඒ විශිෂ්ඨත්වය පවත්වා ගෙන ඇති බවට ඔහුගේ ග්‍රන්ථ කදිම නිදසුනකි. “

චමින්ද වාස්,

හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩක,

#DiyunuweMantra #BhathiyaArthanayake #Sinhalapoth #

Weight 0.281 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දියුණුවේ මන්ත්‍ර”

Your email address will not be published. Required fields are marked *