Author : ආනන්ද අමරසිරි
The Black Tiger of Brazil (by Sir Arthur Conan Doyle) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Nalin Publisher
First Edition 2020
ISBN 978-955-4005-19-8
149 Pages
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතිශයෙන් යථායෝගය විනෝදාස්වාදයක් පාඨකයා හට ලබා දිය හැකි අයුරින් ප්රබන්ධකථාකරණයෙහි යෙදුණු, ඉංගිරිසි සාහිත්‍යයේ ප්රමුඛ ලේඛකයෙකි. අබිරහස් කතා කලාවේ පුරෝගාමීන් වූ එඩ්ගා ඇලන් පෝ.ආර්.එල්. ස්ටීවන්සන්, විල්කි කොලින්ස් වැනි සමකාලීනයන් අතරේ ඔහු සුවිශේෂ ස්ථානයක වැජඹෙයි. ඒ ඔහු ගේ ෂර්ලොක් හෝම්ස් කථාමාලාව හේතු කොට ගෙන ය. එය ප්‍රචලිත මතය වූව ද ඔහු ප්‍රබන්ධ කථා කලාවෙහි ලා දැක්වූ ප්‍රතිභාව, ඔහු ගේ අනෙකුත් නිර්මාණවලින් වඩාත් විශද වෙයි. මුහුදු කොල්ලකරුවන්, සොල්දාදුවන්, සෙන්පතියන්, ගවේශකයන්, වංචාකාරයන්, ගුප්ත විද්‍යාඥයන් ඔහු ගේ අනෙකුත් නිර්මාණවල දී පාඨකයාට හමු වන චරිත ලෙස දැක්විය හැකි ය. ඔහු විසින් ලියන ලද සන්ත්රාසය, ගුප්තභාවය දනවන අතිශයෙන් ම ආකර්ෂණීය අබිරහස් කතා කිහිපයක් කියැවීමේ අවස්ථාව පාඨකයා හට මේ කෘතිය මඟින් උදා කර දෙයි.
#BrasilayeKaluKotiya #AnandaAmarasiri #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.