,

අර්ධ නාරී

රු450.00

  • Author : කුෂාන් ද සිල්වා 
  • One Part Woman (by Perumal Murugan) කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Ashirwada Publisher 
  • First Edition 2019
  • ISBN 978-955-697-306-8
  • 223 Pages

Out of stock

Author : කුෂාන් ද සිල්වා 

One Part Woman (by Perumal Murugan) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Ashirwada Publisher 

First Edition 2019

ISBN 978-955-697-306-8

223 Pages

යාගහෝම, පුදපූජා මතුනොව දිවි පරදුවට තබා කරන වත්පිළිවෙත් හෝ නානාවිධ අරිෂ්ට පානය කිරීමේ සිට වන්දනා ගමන් දක්වා දිවෙන කිසිදු ක්‍රියාවකින් හෝ කාලි සහ පොන්නා දරුවෙකු බිහිකර ගැන්මට දරන අසීමිත ප්‍රයත්නයන් කිසිවක් මල්ඵල නොදරයි. 

දෙදෙනා අමරණීට වූත් තෘප්තිමත් වූත් කුටුම්බගත ජීවිතයක් ගතකළද ඔවුන් වටා සිටින මිනිසුන්ගේ සෘජු සහ වක්‍ර ගැරහුම් ඔවුන් පසුපස අතොරක් නැතිව ලුහුබැඳ එයි.

අවසානයේ ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සහ සැක සංකා අර්ධස්ත්‍රී අර්ධනාරීශ්වර දෙවියන් පසුබිම් කරගත් රථ උත්සවය හා බැඳි සම්ප්‍රදායයන් කෙරෙහි අභිසරණය වෙයි. 

නීති ලිහිල් වී ඔ්නෑම මිනිසකු සහ ගැහැනියක අතර ස්වකැමැත්තෙන් සිදුවන කායික එක්වීම් අනුමත කෙරෙන එකම එක රැයක් ඔවුන්ගේ ඉරණම තීන්දු කරනු ඇත. 

දෙදෙනාගේ සියලු දුක්පීඩා, අවමන් දුරු කරලීමට මේ රැයට හැකිය. නමුත් ඒ රැයම ඔවුන්ගේ විවාහය නමැති බන්ධනයේ අග්නි පරීක්ෂාව ද වනු ඇත. 

රමණීය, කාව්‍යාත්මක සේම තියුණු බසින් ලියැවුණු මෙම නවකතාව සමාජ සම්මතයන් සහ පුද්ගලානුබද්ධ සිතිවිලි හා අපේක්ෂාවන් අතර සිරවුණු සබැඳියාවන් සුපැහැදිලි ලෙස විවරණය කරයි. අර්ධනාරී වූ කාලී විවාහය, ප්‍රේමය සහ ලිංගිකත්වය පිළිබඳ දිග හැරුණු අව්‍යාජ රූ සිත්තමකි. 

#ArdaNaari #KushanDeSilva #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අර්ධ නාරී”

Your email address will not be published. Required fields are marked *