Sale!
, , , , ,

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව +මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය +මනෝකාය කර්මය හා මායා ලෝකය

Original price was: රු1,990.00.Current price is: රු1,891.00.

  • බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව  +මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය +මනෝකාය කර්මය හා මායා ලෝකය
  • සාමාන්‍ය මිල – රු. 1990/=
  • අපේ මිල – රු. 1891/=

Out of stock

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව  +මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය +මනෝකාය කර්මය හා මායා ලෝකය

සාමාන්‍ය මිල – රු. 1990/=

අපේ මිල – රු. 1891/=

 

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව  

Author: ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමි

Publisher: Sooriya Publishers

Third Edition 2022

ISBN 978-955-656-057-2

268 Pages

ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව  පිළිබඳව සහ බටහිර න්‍යායයන් උපයෝගී කරගනිමින් බටහිර මනෝ චිකිත්සාව පිලිබඳව ද පුළුල් වශයෙන් සාකච්ඡාකොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ මහඟු සේවයක් සේ අගය කළ හැකි ය. නවීන බටහිර වෛදය විද්‍යාව හැදෑරුවෙකු ලෙස මානසික ආතතීන් හා ප්‍රශ්නවලට විසඳුම්, සම්පූර්ණයෙන් එම ක්‍රමය තුළින් නොලැබෙන බැව් මාගේ හැඟීම යි. බෞද්ධ දර්ශනය මගින් අප රටේ,අප සංස්කාතියට උරුමකම් කියන අපගේ ජනතාවට තම මානසික ආතතීන්ගෙන් මිදීමට මග පෙන්වන කෘතියක් කිරීම වෙනුවෙන් ගත්කතුවරයන් වහන්සේට අපගේ පැසසුම් හිමිවිය යුතු ය. මෙය විශේෂයෙන් උපදේශන විෂය ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන ගුරු සිසු සැම  ගේ මන දොළ සපුරනු ඇත.

කැළණිය විහ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාදිය ගෞරව සාමාර්ථ සහිත ව සහ ශාස්ත්‍රපති උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශිෂ්ඨ සම්මාන සහිත ව සමත් මෙහි කතුවරයා එම විශ්වවිද්‍යාලයෙන් ම බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය ද, බෞද්ධ හා බටහිර මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද අවසන්කොට දැනට රුහුණු විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයෙහි සේවය කරයි. 

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරා දැනට රුහුණ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි, උපාධි, සහ ඩිප්ලෝමා පාඨමාලාවන්හි කථීකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කරන පූජ්‍ය කොග්ගල්ලේ විජිත හිමියන් විසින් රචිත මෙම කෘතිය උන් වහන්සේගේ ශාස්ත්‍රීය මගෙහි තවත් එක් විශිෂ්ඨ සලකුණක් පිළිබිඹු කරන්නකැ’යි කිව හැකි ය.

                                                                                                        උපකුලපති, මහචාර්ය සුසිරිත් මෙන්ඩිස්

                                                                                                                        රුහුණ විශ්වවිද්‍යාලය, මාතර.

#BauddahaBatahiraManoChikithsawa #KoggalleWijithaHimi #SinhalaPoth #ManoVidyawa

 

මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය

Author : වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ

Publisher : Sooriya Publishers

Third Batch 2010

ISBN 978-955-656-155-5

280 Pages

මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත. සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හට ගත් මිථ්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි. කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත. අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විඤ්ඤාණය මායාකාරයෙකුට සම කළේ එබැවිනි.

#ManokayaMaranayahaSasaraPragamanaya #DrSanathDewaMuruthenge #SinhalaPoth

 

මනෝකාය කර්මය හා මායා ලෝකය

Author : වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ

Publisher : Sooriya Publishers

Fourth Batch 2015

ISBN 978-955-656-154-8

461 Pages

 

කෙනෙකුට ආර්ය මාර්ගයට පිවිසිය හැක්කේ මායා ලෝකයත් ආර්ය මාර්ගයත් අතර ඇති කඩුල්ල පැනීමෙනි.මේ නිසා පාඨක ඔබත් එම කඩුල්ල පැන ආර්ය මාර්ගයට පිවිසෙන්න.එවිට ඔබට ද ලෝක සත්‍ය දැක බලා ගත හැකි වනු ඇත.

මෙම කෘතිය සිත හා කය  දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.එම නිසා මෙහි කතුවරයා  අසවලා යැයි කීමට කෙනෙකු ඉතිරි වී නැත.මම ය කියා කෙනෙකු නැති බවත් ඇත්තේ සිත හා කය දෙක එකතුව කරන කියන ක්‍රියාවලියක් පමණක් බවත් අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලේ එබැවිනි.

 

#ManokayaKarmayaHaMayaLokaya #DrSanathDewaMuruthenge #SinhalaPoth

Weight 1.200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව +මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය +මනෝකාය කර්මය හා මායා ලෝකය”

Your email address will not be published. Required fields are marked *