,

පැරණි ලක්දිව ගම්සභාව

රු750.00

  • Author : පූජ්‍ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමි
  • Publisher : Sooriya Publisher 
  • First Edition 2019
  • ISBN 978-955-656-545-4
  • 321 Pages

Out of stock

Author : පූජ්‍ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමි

Publisher : Sooriya Publisher 

First Edition 2019

ISBN 978-955-656-545-4

321 Pages

‘පැරණි ලක්දිව ගම්සභා’ නම් මෙම කෘතියෙහි කර්තෘවර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කාතිය අධයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දුනුකේඋල්ලේ සාරාන්ද හිමියන් ප්‍රාචීන භාෂාත්‍රයෙන් රාජකීය පණ්ඩිත උපාධියත්, කැළණි විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවත්, ශිෂ්‍යත්වයක් ලැබ මධ්‍යම චීන විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් දිනාගත් විද්වතෙකි.

ආචාර්ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමයන් ‘ධර්මරුචි සම්ප්‍රදාය හා තදනුබද්ධ බෞද්ධ අධ්‍යාපන ආයතන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්.’ ‘බෞද්ධ ශිෂ්ටාචාර ප්‍රවේශය.’ ‘සමයාන්තර ආගම් තුලනය.’ ‘බෞද්ධ දාර්ශනික ප්‍රස්තුත’ ‘ආසියාවේ බෞද්ධ සංස්කෘතිය’ වැනි සාරගර්භ කෘති රාශියක් මෙන්ම, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විවිධ විෂයක්ෂේත්‍ර අළලා ශාස්ත්‍රීය ලිපි ලේඛන රාශියක් ද විද්වත් ලෝකයට දායාද කළ ශාස්ත්‍රඥයෙකි.

උන්වහන්සේගේ නවතම ශාස්ත්‍රීය ව්‍යායාමය වන ‘ පැරණි ලක්දිව ගම්සභා ’ නම් මෙම කෘතිය මගින් ආරම්භයේ සිට පැරණි ලාංකේය රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ග්‍රාමීය පරිපාලන ඒකකවල සංයුතිය, කාර්යභාරය හා එය ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය පෝෂණය කිරීමෙහිලා කෙසේ බලපෑවේද යනාදී කරුණු ප්‍රාථමික මූලාශ්‍රය ඇසුරු කොට මැනවින් විවරණය කොට තිබේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකුගේ කාර්යභාරයේ ප්‍රධාන අංශයක් වන ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයන් කෙරෙහි නිතැතින්ම යොමු වී කටයුතු කරන ආචාර්ය පූජ්‍ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමියන්ට තව තවත් මෙවැනි ශාස්ත්‍රීය කාර්යයන් සිදු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිංසනය කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද හිමි                                                                                                                                   අංශාධිපති, සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශනය අධ්‍යයන අංශය.                                                                                                          ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,                                                                                                                                           හෝමාගම.     

#ParaniLakdiwaGamsaba #DunukeUlleSaranandaHimi #SinhalaPoth #SriLankaweIthihasaya           

Weight 0.411 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පැරණි ලක්දිව ගම්සභාව”

Your email address will not be published. Required fields are marked *