, ,

නුවර යුගයේ සිංහල බව 1590 දශකයේ සිට 1815 දක්වා

රු2,200.00

  • Author : මයිකල් රොබට්ස්  
  • Publisher : Vijitha Yapa Publisher 
  • First Edition 2016
  • ISBN 978-955-665-161-4
  • 324 Pages

Out of stock

Author : මයිකල් රොබට්ස්  

Publisher : Vijitha Yapa Publisher 

First Edition 2016

ISBN 978-955-665-161-4

324 Pages

මෙම පොත ශ්‍රී ලංකාව තුළ විශේෂ ජනවාර්ගික අනන්‍යතාවන් බිහි වූයේ යටත් විජිතවාදී පාලනය ද එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නූතනකරණය ද නිසා යැයි සලකා ඇති අයට එල්ල කෙරෙන ප්‍රබල අභියෝගයකි. ඔවුන් කරන ප්‍රකාශයන්හි දී ලිඛිත මූලාශ්‍ර කෙරෙහි පමණ ඉක්මවා විශ්වාසය තබන බවට තර්ක කරන රොබට්ස් බ්‍රිතාන්‍ය පාලනයට පෙර පවා සිංහල විඥානයක් [ සිංහල බවක් ] පැවති බවත් එය පැළපදියම් වූයේ හුදෙක් දේශපාලනික ප්‍රභූව අතර පමනක් ම නොවන බවත් තහවුරු කිරීම සඳහා වාචිත ප්‍රබන්ධ, පද්‍ය කාව්‍ය, දෘශ්‍යමය සංකේත, ශරීරික ඉඟි හා චලන සහ නාට්‍යමය ප්‍රකාශන දෙසට හැරෙයි. විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක තර්ක ප්‍රයෝජනයට ගන්නා වූ ද යුරෝපා අගනගරවල දී ජාතික අනන්‍යතාව සම්බන්ධයෙන් මෑතක දී කර ඇති වැඩ කටයුතු පිළිබඳ දැනුම විදහා පාන්නා වූ ද ඔහුගේ කෘතිය වනාහි, ක්‍රමවේදය හා නිගමන යන දෙයාකාරයෙන් ම, සාමූහික අනන්‍යතාවන් පිළිබඳ අධ්‍යයනයට ද යටත් විජිතවාදී හා පශ්චාත් යටත් විජිතවාදී ලෝකය තුළ සිදු වූ නූතනකරණ ක්‍රියාවලීන් පිළිබඳ අපගේ අවබෝධයට ද වැදගත් දායකත්වයක් ලබා දෙන්නකි – ඩික් ගියරි, නොටිංහැම් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය.

… මෙය ජාතික හා ජාතිකවාදය පිළිබඳ අදහස ගැන මෙන් ම ජාතික අනන්‍යතාවේ සම්භවය පිළිබඳ ‘ නූතනවාදී ’ මතය ගැන ද විචාරාත්මක වන්නා වූ ඉතිහාසවේදයක [ කොටසකි ]. එහෙත් එය විචාරාත්මක වන්නේ ඵලදායක අර්ථයකිනි. එය මෙම විවාදය සඳහා ඒ සා බලගතු වූත් විදග්ධ වූත් දායකත්වයක් සපයා තිබෙන ශ්‍රී ලංකාවේ ඉතිහාසඥයන්ට හා සමාජ විද්‍යාඥයන්ට දක්වන මහඟු උපහාරයකි. මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීම විසින් නිසැක ව ම ඔවුන්ගේ සොයා ගැනීම් හා තර්ක වඩාත් පුළුල් ජාත්‍යන්තර මහජනතාවක් කරා ගෙන යැවෙනු       ඇත – ක්‍රිස් බේලි, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධිරාජ්‍ය හා නාවික ඉතිහාසය පිළිබඳ වියර් හාර්ම්ෆෝර්ත් මහාචාර්ය. 

මයිකල් රොබට්ස් නුවර යුගයේ දේශපාලන සංස්කෘතිය විමසා බැලීම සඳහා එම යුගයේ හටන් කවි හා වෙනත් මූලාශ්‍ර යොදා ගන්නා අතර ඒවා තුළ පැවතියේ උඩරට නො ව සිංහල මතවාදයක් යැයි තර්ක කරයි. මෙම උනන්දුව ඇති කරන සුලු වූත් ජීවමාන වූත් අධ්‍යයනය තුළ දී ඔහු කේග එම්. ද සිල්වා සහ තමන් විසින් කරන ලද ප්‍රකාශ සංශෝධනය කරනවා පමණක් නො ව සමකාලීන අරගලයන්හි නිමග්නව සිටි පශ්චාත් ප්‍රාචීනවාදී විද්වතුන් විසින් ප්‍රයන්ත දරා අතීතයේ දී කරන ලද සරල කියවීම් සහ ඊට සමගාමීව කරන ලද ප්‍රතිරූප ගොඩ නැගීම අභියෝගයට ද ලක් කරයි. ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධයාපනය ලද මයිකල් රොබට් පේරාදෙණිය  විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෙෘරව උපාධිය ලබා ගත්තේය. රෝඩ්ස් හිෂත්වයක් ලැබ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට පිවිස ඔහු ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන අතරතුර මර්ටන් විද්‍යාලයට ඇතුළත් විය. 1961-62 දී සහ 1966-75 කාළය තුළ දී ඔහු පේරාදෙණියේ ඉතිහාස  දෙපාර්තමේන්තුවෙහි ඉගෙන්වීම කළේය . ලංකා අධ්‍යයන වැඩමුළුවේ  (Ceylon Studies Seminar ) මුල් අවධියේ දී එහි වෙහෙසකර අධ්‍යක්ෂ කාර්ය භාරයට උර දුන් ඔහු නූතන  ලංකා අධ්‍යයනයන්හි (Modern Ceylon Studies )මුල් වසරවල දී එහි මෙහෙයුම් කුටියේ  කොටස් කරුවෙකු විය .1975 දී ඇලෙක්සැන්ඩර්  ‌ෆෝන් උම්බෝල්ට් අධිශිෂ්‍යත්වය  හිමිකර ගන්නා ලදුව  ජර්මනිය බලා ගිය ඔහු පසුව 1977 දී ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවට එක් වූයේ  දැන් එහි අනුබද්ධ සහකාර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි.

#NuwaraYugayeSinhalaBawa #MaikalRobert #SinhalaPoth #SriLankaweIthihasaya

 

Weight 0.913 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නුවර යුගයේ සිංහල බව 1590 දශකයේ සිට 1815 දක්වා”

Your email address will not be published. Required fields are marked *