Author : ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publisher
First Edition 2020
ISBN 978-955-1300-77-7
164 Pages
2017 වසරේ අප්‍රේල් මස 06 වැනි දින මා ගත කළේ ඔස්ට්‍රේලියාවේ ‘ ඇඩ්ලේඩ් ’ නුවර ය. එ දින මගේ උපන්දිනය යෙදී තිබිණ. මගේ පුතු හා දියණිය වාසය කරන්නේ ඔස්ට්‍රේලියාවේ ය. ඔවුන් සමඟ එකතු වී මගේ හැත්තෑපස්වැනි උපන් දිනය මම ‘ ඇඩිලේඩ් ’ නුවර මුහුද අයිනේ හෝටලයක පැවැත්වූයෙමි. එ දින මම එක් අධිෂ්ඨානයක් කර ගතිමි. එ නම් මගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට මා නට්‍ය කරුවෙකු, ග්රන්ථ කර්තෘවරයකු, පරිවර්තකයකු, ශාස්ත්‍රීය ග්රන්ථ සම්පාදකයකු හා සන්නිවේදකයකු වශයෙන් විවිධ භූමිකාවල නිරත ව සිටි අයෙකු බැවින් මට විශාල ජීවිත අත්දැකීම් සම්භාරයක් තිබෙන පුද්ගලයකු බව පෙනී ගියේ ය. එ නිසා සියලු ම විස්තර නොවු ව ද මගේ පාඨකයන්ට ප්‍රයෝජනයක් විය හැකි අත්දැකීම් අලළා නවකතාවක ශෛලියෙන් මගේ ආත්ම චරිත කතාව ලිවීමට මම අදිටන් කර ගතිමි. එපමණක් නොව ඔස්ට්‍රේලියාවේ ගතකළ තෙමස තුළ දී එම ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේද ලියා අවසන් කෙළෙමි. ආපසු ලංකාවට පැමිණි පසු මම ඒ ග්‍රන්ථය ලියා අවසන් කෙළෙමි.මගේ ළමා විය, තරුණ විය හා වැඩිහිටි විය යනුවෙන් නම් තැබූ මෙම ග්‍රන්ථය දැන් මගේ ආදරණීය පාඨක ඔබට මෙසේ පිරිනමමි.
#MageLamaWiyaTharunaWiyaWedihitiwiya #RanjithDharmakeerthi #SinhalaPoth
Reviews
There are no reviews yet.