Sale!
, , , , , ,

ලංකා ඉතිහාසය

රු1,197.00

  • සිංහලේ ජාතික සටන් + වංසකතාවල නොකිවෙන ශිලාලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය + ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය
  • සාමාන්‍ය මිල – රු. 1260/=
  • අපේ මිල – රු. 1197/=

Out of stock

සිංහලේ ජාතික සටන් + වංසකතාවල නොකිවෙන ශිලාලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය + ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

සාමාන්‍ය මිල – රු. 1260/=

අපේ මිල – රු. 1197/=

 

සිංහලේ ජාතික සටන්

Author : දයාවංශ ජයකොඩි 

Publisher : Dayawansha Jayakody Publisher

Six Batch 2019

ISBN 978-955-551-717-1

286 Page

 

මුරිසි දිවයිනට පිටමං කරන ලද ඇහැළේපොළ මහ නිලමේගේ සහාය පිණිස ඉංග්‍රීසි පාලකයෝ ප්‍රංශ ජාතික විශ්‍රාමික යුද නිලධරයකු යෙදවූහ. එම ප්‍රංශ ජාතිකයාගේ පෞද්ගලික දින පොතක එය සටහන් අනුව,මේ සිංහල ජන නායකයාගේ සිතුම් පැතුම්වල ස්වභාවය අපට වටහා ගත හැකිය.

කුදු ගැසී සිටි මහ නිළමේ මුරසි සිරකඳවුර තුළ සක්මන් කළේ බිමට යොමා ගත් හිසින් යුතු ව ය. කුදු ගැසීම නිසා මෙසේ සිදුවන බව දැන සිටිය ද ප්‍රංශ ජාතිකයා සරදමට මෙන් මෙසේ ඇසී ය. 

“ දවස පුරාම බිම හෝදිසි කරමින් හොයන්නේ මොනවද නිළමේ… මුකුත් නැතිවෙලා ද? ” 

“ ඔව් මිත්‍රයා… මම මගේ නැතිවී ගිය සිංහල ප්‍රෞඪත්වය හොයනවා ”

මවු බිමේ නිදසහ දෙස බස රැස පිළිබඳ ව පිරීහි ගිය සිතුම් ඇති සිරකරුවකුගෙන් නම් මෙබඳු පිළිතුරක් කිසි කලෙකත් අපේක්ෂා කළ නොහැක්කේ ම ය. 

– සිංහල ජාතික සටන් – 195 වන පිටුව –

 

ඉංග්‍රීසි හා ස්වදේශික හමුදාවක් සමග ගමන් කරමින් සිටිය ද මොනවිර කැප්පෙටිපොළ දිසාවගේ ඉංග්‍රීසින්ගේ අණ යටතේ ඔවුනට තවදුරටත් ආවතේව කරමින් සිටීම ජාතිය පාවාදීමක්යැයි හේ සිතුවේ ය. ඌව බලා පැමිණි ඔහු අලුපොත දී තමා පතමින් සිටි කරණම ගැසුවේ ය. නොවැම්බර් 01 වැනිදා හෙතෙම තම හමුදාව සන්තකයේ තිබුණු ඉංග්‍රීසීන්ට අයත් තුවක්කු ඇතුළු සියලු අවි ආයුධ ඉංග්‍රීසි භටයනට බාර දුන්නේ ය. ආපසු මහනුවරට ගොස් සියලු අවි ආයුධ ඉංග්‍රීසි සේනාධිනායකයා වෙත බාර දෙන්නැයි ඔහු ඉංග්‍රීසි භටයන්ට උපදෙස් දුන්නේය. මෙතැන් පටන් අධිරාජ්‍යවාදී සතුරා මුළුමනින් ම සමූලඝාතනය කොට සිංහල දේශයේ ස්වාධීනත්වය යළි දිනා ගැනීමේ මහා සටන අරඹන්නට කැප්පටිපොළ දිසාව මෙහිදී තීන්දු කර ගත්තේ ය. ආයුධ ගෙන ආපසු යන ඉංග්‍රිසි භටයන් අත, මහනුවර සිටින සුදු අණ දෙන්නවුනට හෙතෙම පණිවිඩයක් යැවීය. “ තොපේ තුවක්කු වලින් තොපට වෙඩි තැබීම සිංහල අපට පමණක් නොවේ! මේ තුවක්කු තොපේ ආණ්ඩුකාරයාට බාර දී, ඌවේ දිසාව ඉංග්‍රීසිනට එරෙහිව නැඟී සිටින බව දන්වා සිටිව්! ”

         –   සිංහලේ ජාතික සටන් – 63 වන පිටුව –

#SinhaleJathikaSatan #Dayawanshajayakodi #SinhalaPoth #SriLankaweithihasaya

 

වංසකතාවල නොකිවෙන ශිලාලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය

 

Author : ඒ. එම්.කරුණාරත්න 

Publisher : Dayawansa Jayakody Publisher

First Edition 2012

ISBN 978-955-551-950-2

359 Page

 

නැට්ටුවක් කන්ද ශිලා ලිපිය. I.C. අංක 166 ප්‍රමුඛ නන්දිකගේ පුත්‍ර ප්‍රමුඛ මිත්‍රගේ මහා සුදස්සන (නම්) ලෙන ආවාවූත් සතර දිග (වඩිනා) සංඝයාට දෙන ලදී. 

( මහා සෙනවි නන්දමිත්‍ර (නන්දමිත්‍ර යෝධයා) ගේ ශිලා ලිපිවලින් එකක්. ඔහුටම ආවේණි වූ ලාංජනයක්ද එහි දැක්වේ.)

 

#WanshaKathawalanokiwenaShilalipiwalinHeliwanaLankaIthihasaya #AMKarunarathne #SinhalaPoth #SriLankaweIthihasaya

 

ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

 

Author : මනෝ ප්‍රනාන්දු

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-559-1

144 Pages

දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනෙකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත. මේවා බොහොමයක් ලංකාවේ දී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්යය, ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ විස්තර කෙරේ. මේ හැරෙන්නට ගාල්ල, මහනුවර හා නුවරඑළිය පිළිබඳ ව නොයෙකුත් ලේඛකයන් ඉදිරිපත් කර ඇති විස්තර අතිශයින් මනස්කාන්ත ය.

ඇතැම් රචනා රාජ්‍ය ප්‍රතිපත්ති මෙන් ම සමකාලීන සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන සඳහා ද උපයෝගි කරගත හැකි තොරතුරු වලින් යුක්ත ය. උදාහරණයක් වශයෙන් හෙන්රි ස්ටීල් ඔ්ල්කොට්ගේ රචනය දැක්විය හැකි ය. එවක පැවති ක්‍රිස්තියානි මිෂනාරි කටයුතුවල ස්වභාවය මෙන් ම ඊට බෞද්ධයන්ගේ එල්ල වූ විරෝධයත්, ඔ්ල්කොට්ගේ පුරෝගාමිත්වයෙන් මෙරට බෞද්ධ පුනර්ජීවනයක්  ආරම්භ වූ අන්දමත් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට එය උපකාරී වේ. වික්ටර් හෙයිසර්ගේ රචනයෙන්, රොකෆෙලර් පදනමේ වෛද්‍යවරයෙකු මෙරට වතු වගා ආශ්‍රිතව ජීවත් වූ ජනයා අතර පැතිර තිබූ කොකුපණු රෝගය තුරන් කිරීමට ගත් උත්සහය මෙන් ම ස්වකීය ආර්ථික ලාභයෙන් ම මෙහෙයවන ලද හිමියන්ගේ ප්‍රතික්‍රියාවත් ප්‍රකට වේ. තව ද එම  රචනය මගින් 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය පිළිබඳවත් කිසියම් අදහසක් ලබා ගත හැකි ය. සැමුවෙල් ෆ්‍රිස්ක් ග්‍රීන්ගේ වාර්තාව හින්දූන් අතර පැවති මිථ්‍යා විශ්වාස විස්තර කරයි. 

මෙනයින් බලන කල ඇමරිකානුවන් දුටු ලක්දිව සිරිය නම් ග්‍රන්ථය සාමාන්‍ය පාඨකයාට මෙන් ම ඉතිහාසය, මානවවිද්‍යාව බඳු විෂයයන්ට අදාල ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි යෙදෙන්නන්ට ද ප්‍රයෝජනවත් බව සඳහන් කළ හැකි ය. එම කෘතිය රචනා කළ මනෝ ප්‍රනාන්දු මහතාට අපගේ ප්‍රසංසාව හිමි විය යුතුය.

කේ.එම්.පී. කුලසේකර

විශ්‍රාමික මහචාර්ය, ඉතිහාසය අංශය කැළණිය විශ්වවිදයාලය.

#AmericanuwanDutuLakdiwaSiriya #ManoFernando #SinhalaPoth #SriLankaweIthihasaya 

 

Weight 0.939 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *