Sale!
, , , , , , , ,

වැදි ජනතාවගේ විත්ති

Original price was: රු2,100.00.Current price is: රු1,995.00.

  • බණ්ඩාරදූවේ වැද්දෝ + බින්තැන්නේ වැදි බස + වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය + වැද්දාගේ වෙදකම්
  • සාමාන්‍ය මිල – රු. 2100/=
  • අපේ මිල – රු. 1995/=

Out of stock

බණ්ඩාරදූවේ වැද්දෝ + බින්තැන්නේ වැදි බස + වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය + වැද්දාගේ වෙදකම්

සාමාන්‍ය මිල – රු. 2100/=

අපේ මිල – රු. 1995/=

 

බණ්ඩාරදූවේ වැද්දෝ 

 

Authors ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍/ආචාර්ය එල්.ඩබ්. චන්ද්‍රතිලක බණ්ඩාර

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-506-5

205 Pages

ලෝකයේ පැරණිතම මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සැලකෙන වැද්දාගේ සමාජ ජීවිතයත්, ඇදහිලි හා විශ්වාසත් ගැඹුරින් අධ්‍යයනය කිරීම පරමාර්ථ කොට ගත් සී.ජී සෙලිග්මාන් ඔහුගේ ගවේෂණයෙන් පසුව “ඔවුන් සදහටම අහෝසි වීමෙහි එලිපත මත සිටින කුඩා  මිනිස් සමාජයක් ’’ලෙස විස්තර කර තිබේ.ඊට හේතු ලෙස ඔහු දකින්නේ දෙමළ හා සිංහල මිනිසුන් සමඟ දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන යන සබඳතාවන් වේ .සෙලිග්මාන් ගෙන් පසුව   වැදි ජනයා ගැන සොයා බැලූ වෛද්‍ය ස්පිට්ල්ට  හමුවන්නේ සෙලිග්මාන් ගවේෂණය කළ ප්‍රදේශවල වැදි ජනයා නොවේ. තැනින් තැනට යමින් ජීවත් වන වැදි ජන කණ්ඩායම් කිහිපයක් ගැන ඔහුගේ වාර්තා වෙයි. ගවේෂණයකින් පසු ඉදිරිපත් කරන වාර්තාවකට වඩා ඔහු තොරතුරැ දක්වන ක්‍රමය වෙනස්ය.  එහි ඇත්තේ සාහිත්‍යමය ආකෘතියකි . කෙසේ හෝ මේ දෙදෙනාගේ ම  අවදානයට භාජනය වූ ගමකි බණ්ඩාරදූව. සෙලිග්මාන්  සුවිශේෂීව ද ස්පිටල් යම් යම්  තැනෙකද  සඳහන් කරන  බණ්ඩාරදූව  එක්දහස් නවසිය හැට  දසකවල සිට ලේඛකයන්ගේ විශේෂ අවධානයට ලක් විය. මේ සියලු දෙනාගේම  වාර්තා සැලකිල්ලට ගත්තද බණ්ඩාරදූව ජනයා  ගැන අඛන්ඩ  ඉතිහාස කතාවක් ගලපා ගැනීම උගහටය. මේ අඩුව පුරවා දැමීමට  ‘’බණ්ඩාරදූවේ වැද්දෝ’’ යම්  තරමකින් හෝ සමත් වී තිබේ නම් එය සතුටට කරැණකි.

 

#BandaraDooweWeddo #SumuduPremachandra #LWChandrathilakaBandara #SinhalaPoth #SriLankaweIthihasaya

 

බින්තැන්නේ වැදි බස

Author සඳරැවන් ලොකුහේවා

Publisher : Sooriya Publishers

First Edition 2015

ISBN 978-955-656-341-2

130 Pages

 

බින්තැන්නේ ගැමි ජනවහර හෙවත් වනවහරෙහි හා වැදි බසෙහි ඇති වෙනස ගැන නොදත් බොහෝ දෙනෙක් තවමත් බින්තැන්නේ ගැමියන් වහරන ජනවහර වැදි බස යැයි වරදවා ගනිති . ගැමි ජනවහරෙහි එන සිංහල වචන රාශියක් ඔවුන්ගේ ව්‍යවහාරය සඳහා මෙන්ම ගීත සඳහාද යොදාගෙන ඇති අතර ,වැද්දාගේ යාතුකර්ම වල දී ගැයෙන කවිවල (කෝල්මුර) හා යාදිනිවල මේ ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ඇත. එහෙත්,වැදි ජන ගීත කිහිපයක අතරින්  පතර ඔවුන්ට ම ආවේණික ගී කිහිපයක් ඇතුලත්ව  තිබෙන්නේ ඔවුන්ද නොදන්නා ඔවුන්ගේ සාඩම්බර ඉතිහාසයේ අක්මුල් ගෙනහැර දක්වමිනි. එහෙයින් භාෂාවන් හා සංස්කෘතිකාංග හදාරන්නට ද ජන සංගීතය හදාරන්ට ද වැදි බස් වහර පිළිබඳ දැනුමක් තිබිය යුතුය.

බින්තැන්නේ වනවහර හා බින්තැන්නේ වැදි බස් වහර අතර  තිබෙන සාම්‍යතාවන් හා වෙනස පිළිබඳ දැනුමෙන් තොරව  වැදි ජන සංස්කෘතිකාංග හැදෑරීම නිෂ්ඵල ප්‍රයත්නයක් වන්නේය. එබැවින් “බින්තැන්නේ වැදි බස’’ තුළින් කිසියම් දුරකට වැදි ජනවහර  පිළිබඳවත් බින්තැන්නේ  ජනවහර පිළිබඳවත් මූලික සිද්ධාන්තයන් සැකෙවින් දක්වා ඇත.

 

#BinthenneWediBasa #SandaruwanLokuhewa #SinhalaPoth #SriLankaweIthihasaya

 

වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය

 

Author උමයංගනා පූජනී ගුණසේකර

Publisher : Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-498-3

 181 Pages

වත්මන් ආහාර සංස්කෘතිය  සමාජ  ගැටළුවකි. සොබාදහමේ  නිදහස් ආහාර සම්ප්‍රදාය අත්හැරීම එයට හේතුව වේ. බොල් වපුරා සරු අස්වනු සොයන්නා සේ එමඟින් තිරසාර මානව සංවර්ධන ඉලක්ක නිසරු වී යයි. ජාතියක පෝෂණය බැඳවැටුණු තැන අනාගත පරපුර රෝගී වීම නිත්‍ය හිමිකමකි. පිළිතුරු සොයන ප්රතිපත්ති සම්පාදකයෝ බටහිර ගැති වෙත්. මෙරට මහපොළොව හා බැඳුණු හෙළ ආහාර උරුමය හා එහි පෝෂණ ගුණාංග සොයා ගැනීම මෙයට හොඳම විසඳුම වේ

රුහුණ විශ්වවිද්‍යාලයීය කෘෂි සම්පත් කළමණාකරණ විශේෂවේදී උපාධිධාරිණී පූජනී ගුණසේකරගේවැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණයනම් වූ මේ පර්යේෂණ කෘතිය කාලෝචිත පර්යේෂණ මැදිහත්වීමකිවැළලී යන ජන උරුමයකින් නෙළාගත හැකි අස්පර්ෂණීය හිමිකම් මොනතරම් ප්‍රබලදැයි, මොනතරම් විදුහුරුදැයි මේ කෘතියෙන් සාධක සහිතව පරිච්ඡේද අටක් ඔස්සේ ඔප්පු කෙරේ.

හෙළ ආහාර සංස්කාතියත්  තවමත් නොනැසී තිබෙනුයේ  වැදි ජනයා සතුව පමණි.ඉන්දීය හා බටහිර අධිරාජ්‍යවාදී  ආහාර පිළිවෙතකට සෙසු ලක් වැසියෝ ගොදුරු වූහ. වන්නියලැත්තන් බඳු මානව පුස්තකාලයකින් නෙළා ගත හැකි සාම්ප්‍රදායික  දැනුමට තාමත් අත තබා නොමැත .එම දැනුම් ගබඩාවපරිහරනය කරන පර්යේෂිකාව සොයා ගන්නා වූ අස්පර්ෂනීය දැනුම විද්‍යාත්මකව අද්‍යනය කිරීමට ඈ උත්සුක වන්නීය එය සෙලිග්මාන් බඳු වැදි උරුමය ලොවට  පෙන්වා දුන් පුරෝගාමීන්ටද  මඟ හැරී ගිය පර්යේෂන භූමිකාවකි.නූතන කෘෂි විද්‍යා දැනුම සාම්ප්‍රදායික දැනුමද  එකට කළමනාකරනය කර ගැනීමෙන් වත්මන්  දුෂ්පෝෂනීය උවදුරට  සුපෝෂනීය පිළිතුරක් සොයා දීමට ද මතු පරපුරට මේ උරුමය රැක දීමට ද මේ කෘතිය පුරෝගාමී වෙයි.

 

#WediJanayageSampradaikaAharaThakshanaya #UmayanganaPoojaniGunasekara #SinhalaPoth #SriLankaweIthihasaya

 

වැද්දාගේ වෙදකම්

 

Author එල්. ඩබ් .චන්ද්‍රතිලක බණ්ඩාර

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-505-8

377 Pages

ඉතා දිගු සංස්කෘතික ඉතිහාසයකට උරැම කම් කියන ශ්‍රි ලංකාවේ සෑම ජන වර්ගයක් සතුව විශිෂ්ට වූ දේශීය හා පාරම්පරික දැනුම් සම්භාරයන් විසිරී පැතිරී පවතී. මේවා එක්රැස් කිරීම හා  මතු පරපුරේ ප්‍රායෝගික හා  ශාස්ත්‍රීය අවශ්‍යතා වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීම ශ්‍රි ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙහි ස්ථාපිත, පාරම්පරික හා  ආදිවාසී ජන විඥාන අධ්‍යනය කේන්ද්‍රයෙහි මූලික අභිලාශයන් අතර වේ. ආචාර්ය එල් .ඩබ්. චන්ද්‍රතිලක බණ්ඩාර මහතා මෙකී අභිලාශයන්ට අනුයුක්තව, එහි ලියාපදිංචි සිසුවෙකු වශයෙන්  සිය දර්ශනශූරී උපාධි පර්යේෂණය සිදු  කරන ලද්දේ  ශ්‍රි ලංකාවේ ආදිවාසී වැදි ජනයා විසින්  පවත්වාගෙන එන ලද වෙද හෙද කම් පිළිබඳවය. ඔහු විසින් සකස්කරන ලද උපාධි නිබන්ධනයට  අයත් කරුණු විශාල වෙනස්කම් වලට භාජන නොකොට  සෙසු පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ග්‍රන්තයක් වශයෙන් එළිදැක්වීමට අදහස්  කිරීම  පැසසුම් කළ යුත්තකි.

මෙම කෘතිය ගත යුත්තේ  හුදු ලියවිල්ලක් වශයෙන් නොව ,දිගු කාලයක් මුළුල්ලේ අම්පාර, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි තෝරාගන්නාලද  වැදි ගම්මාන වලට අයත් වැදි වෛද්‍යවරුන් හා ප්‍රමුඛ දන්තදායකයන්  වෙතින් ලබාගත් මූලික තොරතුරු ,ක්ෂේත්‍රයට අදාල ද්විතීක දත්ත හා  එකී පුදේශ වල දීර්ඝ කාලයක්  ජීවත් වීමෙන් ලත් පරිචයද ඇතුලත් වූ ආනුභවික  වියමනක් වශයෙන් ය. ප්‍රජාවක් සතු අනාවරණය නොවූ  සංස්කෘතික උරුමයන් මනාකොට නිස්සාරණය කර ගැනීමේ සූක්ෂමතාවයන් ,ඒවා  නිසිපරිදි වාර්තා කිරීමේ ලේඛන  කුසලතාවත් ලේඛකයා  සතු බව මෙම  කෘතිය පරිශීලනය කරන්නෙකු හට වැටහී යනු ඇත.

සෞඛ්‍යය හා යහපැවැත්ම යන අර්ථයෙන් කතා කරන ශාරීරික සහ මානසික සුවතාවට අනුයුක්ත  බොහෝ කාරණා ආදිවාසී ජනයා සතු බව ශ්‍රි ලංකාවේ  වැදි ප්‍රජාවගේ ජීවන චර්යාව දෙස  විමැසුම් ඇසින්  බලන්නෙකු හට වැටහී යනු ඇත. දිගු ආයු කාලයකට  උරුමකම් කීමට හා  සමබර කායික හා මානසික තත්වයන් රඳා පවත්වාගෙන යාමට වැදි ජනයා සතු පාරම්පරික වෛද්‍යමය ඥාන සම්බාරය හේතු වූ බව බෙහෙවින් සාදනය වූ  තර්කයකි. මෙය උපන්‍යාසයක් වශයෙන් ගෙන  වෛද්‍යය ශ්‍රේත්‍රයෙහි නව මාණයන් ගවේෂණය කිරීමට රුචි විද්‍යාර්ථින් හට මෙම කෘතිය මාර්ගෝපදේශයක් වනු ඇත. ඒ අනුසාරයෙන් ගොඩ නැගෙන අනාගත දැනුම මානව වර්ගයාගේ තිරසාර පැවැත්ම සඳහා හේතු වනු  නිරනුමාන ය.   

 

#WeddageWedakama #LWChandrathilakaBandara #SinhalaPoth #SriLankaweIthihasaya #Janashruthi

 

 

 

Weight 1.097 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වැදි ජනතාවගේ විත්ති”

Your email address will not be published. Required fields are marked *