Author : මායාරංජන්
Publisher : Sooriya Publisher
Ninth Batch 2015
ISBN 978-955-656-347-4
64 Pages
“පිටිසර මිනිස්සු” කෘතිය සරල ලිහිල් වනවිත්ති කතාවක් ලෙස මතුපිටින් බලන කා හට වුවත් අවබෝධ වේ. එහෙත් එමගින් ජනිතවන මානවහිතවාදී දර්ශනය වැදගත් ය. එක් වකවානුවක දිගාමඩුල්ලු දනව්වේ පිටිසර බද මිනිසුන්ගේ ජීවන පුවත් එයින් නිරූපණය වේ. මායාරංජන් වූ කලී වන විත්ති ලේඛකයෙකු විනා මානව විද්‍යා හෝ ජනශ්රැති විද්‍යා ලේඛකයකු නොවේ.මෙම කෘතියේ තිබෙනප්රබල වටිනාකම ද එයයි. වනවිත්තිකරුගේ දැක්ම පළල් ය.සරල ය. මතුපිට පසුබිමට වඩා ගැඔුරු ජීවන අරුත් නඟයි. එමගින් දිගාමඩුළු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්රදායයන් පිළිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීය ලෙස “ පිටිසර මිනිස්සු” ඇසුරු කිරීමට අවස්ථාවකි.එමෙන්ම, සමාජ පර්යේෂකයින්ට අවැසි මාහැඟි තොරතුරුද මෙයින් උකහා ගත හැකි ය. එම නිසා මායාරංජන් මානවවිද්‍යා ලේඛකයෙකු ලෙස “පිටිසර මිනිස්සු” කෘතියෙන් මුණගැසේ.
#PitisaraMinissu #Mayaranjan #SinhalaPoth #JanaShruthi
Reviews
There are no reviews yet.