, , ,

ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

රු380.00

  • Author : මනෝ ප්‍රනාන්දු
  • Publisher : Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-559-1
  • 144 Pages

Out of stock

Author : මනෝ ප්‍රනාන්දු

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-559-1

144 Pages

දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනෙකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත. මේවා බොහොමයක් ලංකාවේ දී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්යය, ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ විස්තර කෙරේ. මේ හැරෙන්නට ගාල්ල, මහනුවර හා නුවරඑළිය පිළිබඳ ව නොයෙකුත් ලේඛකයන් ඉදිරිපත් කර ඇති විස්තර අතිශයින් මනස්කාන්ත ය.

ඇතැම් රචනා රාජ්‍ය ප්‍රතිපත්ති මෙන් ම සමකාලීන සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන සඳහා ද උපයෝගි කරගත හැකි තොරතුරු වලින් යුක්ත ය. උදාහරණයක් වශයෙන් හෙන්රි ස්ටීල් ඔ්ල්කොට්ගේ රචනය දැක්විය හැකි ය. එවක පැවති ක්‍රිස්තියානි මිෂනාරි කටයුතුවල ස්වභාවය මෙන් ම ඊට බෞද්ධයන්ගේ එල්ල වූ විරෝධයත්, ඔ්ල්කොට්ගේ පුරෝගාමිත්වයෙන් මෙරට බෞද්ධ පුනර්ජීවනයක්  ආරම්භ වූ අන්දමත් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට එය උපකාරී වේ. වික්ටර් හෙයිසර්ගේ රචනයෙන්, රොකෆෙලර් පදනමේ වෛද්‍යවරයෙකු මෙරට වතු වගා ආශ්‍රිතව ජීවත් වූ ජනයා අතර පැතිර තිබූ කොකුපණු රෝගය තුරන් කිරීමට ගත් උත්සහය මෙන් ම ස්වකීය ආර්ථික ලාභයෙන් ම මෙහෙයවන ලද හිමියන්ගේ ප්‍රතික්‍රියාවත් ප්‍රකට වේ. තව ද එම  රචනය මගින් 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය පිළිබඳවත් කිසියම් අදහසක් ලබා ගත හැකි ය. සැමුවෙල් ෆ්‍රිස්ක් ග්‍රීන්ගේ වාර්තාව හින්දූන් අතර පැවති මිථ්‍යා විශ්වාස විස්තර කරයි. 

මෙනයින් බලන කල ඇමරිකානුවන් දුටු ලක්දිව සිරිය නම් ග්‍රන්ථය සාමාන්‍ය පාඨකයාට මෙන් ම ඉතිහාසය, මානවවිද්‍යාව බඳු විෂයයන්ට අදාල ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි යෙදෙන්නන්ට ද ප්‍රයෝජනවත් බව සඳහන් කළ හැකි ය. එම කෘතිය රචනා කළ මනෝ ප්‍රනාන්දු මහතාට අපගේ ප්‍රසංසාව හිමි විය යුතුය.

කේ.එම්.පී. කුලසේකර

විශ්‍රාමික මහචාර්ය, ඉතිහාසය අංශය කැළණිය විශ්වවිදයාලය.

#AmericanuwanDutuLakdiwaSiriya #ManoFernando #SinhalaPoth #SriLankaweIthihasaya 

Weight 0.175 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය”

Your email address will not be published. Required fields are marked *