, , , ,

කිතුල හා පැණිහකුරු

රු900.00

  • Author : ගුණසේකර ගුණසෝම/ උමයංගනා පූජනී ගුණසේකර 
  • Publisher : Sooriya Publishers
  • Second Batch 2020 
  • ISBN 978-955-656-411-2
  • 418 Pages

Out of stock

Author : ගුණසේකර ගුණසෝම/ උමයංගනා පූජනී ගුණසේකර 

Publisher : Sooriya Publishers

Second Batch 2020 

ISBN 978-955-656-411-2

418 Pages

කිතුල් මල් මැදීම හා පැණි හකුරු තැනිම මෙරට විදුහුරු සංස්කෘතියේ පරම්පරා හිමිකමකි. මධ්‍ය කඳුකර වාසී කිතුලේ පැණි – හකුරු රසය මුළු දිවයිනට ම හුරු ය. එහෙත්, කිතුලේ ජනශ්‍රැති හා කිතුල් සම්ප්‍රදාය ආශ්‍රිත විදුහුරු තොරතුරු අප්‍රකට ය. කිතුල ජාතියක් නිරෝගී කරන වෘක්ෂය වේ. දළදා හාමුදුරුවන්ට දෛනිකව කිතුල් ඇල්තෙලිජ්ජ පිරිනමන්නේ ද, සිරිලක රජුට පැණි පංගුවේ රාජකාරිකරුවන් සිටියේ ද කිතුලේ පැණි – හකුරු උරුමය ප්‍රබල බැවිනි. 

කිතුලෙන් මහරු විදෙස් විනිමය අපට නෙළාගත හැකි ය. නමුත් අප ඇබ්බැහිකර තිබෙනුයේ, ජාතිය රෝගී කරන උක් සිනි කෙරෙහි ය. කිතුල ආශ්‍රිත විද්‍යාත්මක පර්යේෂණ සිදු නොවීම මෙහි මුඛ්‍ය ගැටලුවයි. කිතුලෙන් මෙරට පැණි හකුරු අවශ්‍යතා ඉටුකළ හැකි බවට විශ්වාසයක් නොතිබීම අනෙක් ගැටලුව යි.

රාජ්‍ය සම්මානිත ප්‍රවීණ ජනශ්‍රැති ලේඛක ගුණසේකර ගුණසෝම සහ කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය ( විශේෂ ) උපාධිධාරීණී පූජනී ගුණසේකර පිය – දියණි දෙපළ කිතුලට පෙම් බඳින ලද්දේ ජාතික උවදුරකට පිළියම් සෙවීම පිණිස ය. ‘ කිතුල හා පැණිහකුරු ’ පිය – දියණි පර්යේෂණයේ ප්‍රතිඵලයයි. සැබැවින් ම මේ කෘතිය අධ්‍යයනය කරන පොදු පාඨක කාටත් කිතුල යනු කල්ප වෘක්ෂයක් මැ නොවේදැයි සිතෙනු ඇත. ජනශ්‍රැතියත්; ශාක විද්‍යාවත්; ජාතික අවශ්‍යතාවත්; මැනැවින් කලමනාකරණය වූ ‘ කිතුල හා පැණිහකුරු ’ මෙතෙක් මේ විෂය ආශ්‍රිතව ලියවුණු පළමු පුරෝගාමී පර්යේෂණ කෘතිය වේ. එහෙයින් මෙය කිතුලේ අස්පර්ශනීය උරුමය සංරක්ෂණය ද විද්‍යාත්මක චින්තනයේ පෝෂණය ද මැනැවින් ඉටු වූ කෘතියකි. එනිසාම මේ කෘතිය කිතුල් පැණිහකුරු සේ රසවත් ය. 

                                             – ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත –

 

#KithulaHaPeniHakura #GunasekaraGunasoma #UmayanganaPoojaniGunasekara #SinhalaPoth

 

Weight 0.475 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කිතුල හා පැණිහකුරු”

Your email address will not be published. Required fields are marked *