Sale!
, , , , , , ,

ලිට්ල් හවුස් කථා මාලාව

රු5,767.00

  • වන අරණක කුඩා නිවස (1) + තැනිතලාවේ පිහිටි කුඩා නිවස (2) + අල්මන්සෝ : පුංචි ගොවියා (3) + මිදි ඔය අසබඩ (4) + රිදී විල් තෙර (5) +  සීතලෙන් සීත වුණු සීත සමය (6) +තැනිතලාවේ පිහිටි කුඩා නගරය (7) +මේ මිහිරැති සොඳුරු සමය (8) + පළමු සිවු වසර (9) + ගෙදර යන අතරමග
  • සාමාන්‍ය මිල – රු.6070/=
  • අපේ මිල – රු.5767/=

Out of stock

වන අරණක කුඩා නිවස (1) + තැනිතලාවේ පිහිටි කුඩා නිවස (2) + අල්මන්සෝ : පුංචි ගොවියා (3) + මිදි ඔය අසබඩ (4) + රිදී විල් තෙර (5) +  සීතලෙන් සීත වුණු සීත සමය (6) +තැනිතලාවේ පිහිටි කුඩා නගරය (7) +

මේ මිහිරැති සොඳුරු සමය (8) + පළමු සිවු වසර (9) + ගෙදර යන අතරමග

 

සාමාන්‍ය මිල – රු.6070/=

අපේ මිල – රු.5767/=

 

වන අරණක කුඩා නිවස (1) 

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Little House In The Big Woods (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 955-652-038-1

157 Pages

ලෝරා ඉන්ගල්ස්ගේ කතාන්දරය ආරම්භ වන්නේ 1871 වසරේ විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරියන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කරන්නට සිදුවීම නිසා ඒ ඈත අතීතයක ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත සෘතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති. 

පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි. 

#WanaAranakaKudaNiwasa #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

තැනිතලාවේ පිහිටි කුඩා නිවස (2)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Little House on The Prairie (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Third  Batch 2020

ISBN 978-955-652-042-2

280 Pages

විස්කොන්සින් මහ වනයෙන් පිට වී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා අනාවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින්, වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සඳහා තණකොළ එක් රැස් කරමින් කාර්යබහුල වෙයි. ඇතැම් වේලාවට ජීවිතය දුෂ්කර වූවද ලෝරාත්, අප්පච්චිත්, අම්මාත්, මේරි සහ කේරිත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගත කරයි. 

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ දෙවැන්නයි. 

#ThaniThalawePihitiKudaNiwasa #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

අල්මන්සෝ : පුංචි ගොවියා (3)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Farmer Boy (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Sixth Batch 2020

ISBN 978-955-691-137-4

279 Pages

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව්යෝක් ජනපදයේ ගොවිපොළක හැදී වැඩෙයි. ග්‍රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමග අල්මන්සෝ ගොවිපොළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම ආදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. 

සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වැයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි. 

#AlmansoPunchiGoviya #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

මිදි ඔය අසබඩ (4)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

On The Banks Of Plum Creek (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 978-955-691-283-8

272 Pages

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරණය කළ ගැලේ නැගී මෙවරත් ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුන් සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කළ දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදරදොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. 

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ හතරවැන්නයි. 

#MidiOyAsabada #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

රිදී විල් තෙර (5)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

By The Shores Of Silver Lake (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 978-955-691-282-1

272 Pages

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ පස්වැන්නයි.

#RideeWilThera #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

සීතලෙන් සීත වුණු සීත සමය (6)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The Long Winter (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

New Edition 2020

ISBN 955-652-021-11

336 Pages

ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880 – 81 දී අති දරණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් විම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරීට සහ කේරිටත් සිදුවෙයි. නගරවැසියන්ට ඉතා ඉක්මණින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති. අන්තිමේදි අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ හයවැන්නයි. 

#SeethalenSeethaUnuSeethaSamaya #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

තැනිතලාවේ පිහිටි කුඩා නගරය (7)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Little Town On The Prairie (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 978-955-652-021-09

312 Pages

1880 – 81 දී දීර්ඝ වූත්, කටුක වූත් සීත සෘතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතයේ උද්‍යෝගිමත් සිදුවීම් වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි. මේරිට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයින්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. 

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ හත්වැන්නයි.

#ThanithalawePihitiKudaNagaraya #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

මේ මිහිරැති සොඳුරු සමය (8)

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

These Happy Golden Years (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 978-955-652-114-3

298 Pages

තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජිවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත් අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. 

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ අටවැන්නයි. 

#MeMihirathiSoduruSamaya #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

පළමු සිවු වසර (9)

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The First Four Years (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 955-652-031-7

137 Pages

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ට අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මණින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට  සිදු වූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ අවසාන කෘතියයි;

#PalamuSiuWasara #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

ගෙදර යන අතරමග

Author :  ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

On The Way Home (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Third Batch 2020

ISBN 978-955-691-228-9

70 Pages

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිවස අතහැර දමා මිසුරිගේ මෑන්ස්ෆීල්ඩ් පුදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තර දින පොතක ලීවාය. මේ, සිය ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුට ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45 ක කාලයක් තිස්සේ සැතපුම් 650 ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.

#GedaraYanaAtharamaga #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

 

Weight 2.530 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලිට්ල් හවුස් කථා මාලාව”

Your email address will not be published. Required fields are marked *