Sale!
, , , , ,

Bitter Berry සහ Brave Island කෘති දෙකෙහි සිංහල පරිවර්තන

Original price was: රු1,850.00.Current price is: රු1,758.00.

  • තිත්ත කෝපි +වීර දිවයින
  • සාමාන්‍ය මිල – රු. 1850 /=
  • අපේ මිල – රු. 1758/=

Availability: 3 in stock

තිත්ත කෝපි +වීර දිවයින

සාමාන්‍ය මිල – රු.1850 /=

අපේ මිල – රු.1758 /=

 

තිත්ත කෝපි

Author: අනුල ද සිල්වා

Bitter Berry (by Christine Wilson) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publisher

First Edition 2003

ISBN 978-955-8892-03-3

348 Pages

වසර ගණනාවක් එකිනෙකා නුදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසී ගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවෙතක් ගත කරමින් සිටින හියූ නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමු වී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි. 

නන්නාඳුනන වතුයායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදෙනාගේ දිවි පෙවෙත පිළිබඳවත්, අභියෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳවත් මෙහි විස්තර වෙයි.

ක්‍රිස්ටීන් විල්සන්ගේ BITTER BERRY නම් සුප්‍රකට නවකතාව අනුල ද සිල්වාගේ සිත් ඇදගන්නා සුළු බසින් සිංහලට නැඟෙන්නේ නොවෙනස් ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.  

#ThiththaKopi #TittaKopi #AnuladaSilva #SinhalaPoth #SrilankaveItihasaya

 

වීර දිවයින

Author:අභය හේවාවසම්

Brave Island ( by R.L. Spittel & Christine Wilson ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher :  Sooriya Publisher

First Edition 2011

ISBN 978-955-656-187-6

 255  Pages

වීර දිවයින වනාහි වෛද්‍ය ආර්.එල්. ස්පිටල් හා ක්‍රිස්ටීන් විල්සන් යන ප්‍රවීණ ලේඛකයන් විසින් ඉංගිරීසියෙන්  ලියන ලද The Brave Island නැමති ඓතිහාසික නවකතා⁣වේ පූර්ණ සිංහලානූවාදය යි. නවකතාවක් හැටියට මෙය කිහිප අතකින් ම වැදගත් තැනක් ගනී. පරිවර්තිත බොහෝ කෘතීන් ගෙන් අපට සුලබ ව කියවන්නට ලැබෙන්නේ මුල් කෘතියේ අර්ථ ඉතා සැහැසී සේ විකෘති කෙරුණු සිංහලය වත් ඉංග්‍රීසිය වත් නොවන සිංගිරීසි යෙදුම් ය. එහෙත් ප්‍රවීණ ඉංග්‍රිසි ආචාර්යවරයකු, ආධුනිකත්ව මණ්ඩලයේත්, කටුබැද්ද විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේත් හිටපු ඉංගිරීසී උපදේශකයකු වන අභය හේවාවසම් මහතා ඉංගිරීසීය මැනවින් දන්නා කෙනෙකු බැවින් මුල් කතුවරුන් ඉංගිරීසි⁣යෙන් ලියූ දෙය අඩුවක් වැඩියක් නැති ව ඒ් සැටියෙන් ම සිංලයෙන් කියැවීමේ අවස්ථාව වීර දිවයින නමැති සිය පරිවර්තන කෘතියෙන් පාඨකයාට උදා කැර දෙයි.

                                                                                                         – මුණිදාස සෙනරත් යාපා –

#WeeraDivayina #WeeraDiwaina #AbayaHewawasam #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.669 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Bitter Berry සහ Brave Island කෘති දෙකෙහි සිංහල පරිවර්තන”

Your email address will not be published. Required fields are marked *