, ,

කාන්තාරයේ කුසුම

රු1,200.00

  • Author:  රංජිත් කුරුප්පු
  • Desert Flower (by Waris Dirie and Cathleen Miller) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher:  Fast Publishing (Pvt) Ltd.
  • Twenty Third Batch 2019
  • ISBN  978-955-1188-71- 9
  • 318 Pages

Availability: 1 in stock

Author:  රංජිත් කුරුප්පු

Desert Flower (by Waris Dirie and Cathleen Miller) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher:  Fast Publishing (Pvt) Ltd.

Twenty Third Batch 2019

ISBN  978-955-1188-71- 9

318 Pages

 

අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය.

මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳනා හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම ” සිංහල පාඨකයන්ට නවමු අත්දැකීමක් වනු නිසැක ය.

වාරිස් ඩයරි අපූර්ව හා ධෛර්යය සම්පන්න චරිතයකි. බොහෝ දෙනෙකු පරාජයට පත් කළ හැකි බාධකයන් ජයගෙන ඇති වාරිස්, කාන්තා ජනනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපතිවරියක ලෙස, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් දුරුකරලීම සඳහා වන සටනේ නායිකාව ද වන්නී ය.

  • වෛද්‍ය නෆීස් සාඩික්, විධායක අධ්‍යක්ෂ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල

 

කාන්තාරයේ කුසුම; සෝමාලියාවේ එඩේර කෙල්ලක ව ඉපිද, ජීවිතය් අනේකවිධ දුක් කම්කටුලු, හිරිහැර, බාධක ජය ගනිමින් ලෝ සුපතල නිරූපිකාවක ලෙසින් සමාජයේ ඉහළ ම හිණි පෙත්තට පා තැබූ වාරිස් ඩයිරි දිරිය ගැහැනිය ගේ සත්‍ය අත්දැකීම් පාදක කර ගත් ආන්දෝලනාත්මක කතාව යි.

අදටත් ලොව ඇතැම් රටවල පවැතෙන ස්ත්‍රි ජනනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීමේ ඉතා තිරශ්චින, වනචාරි චාරිත්‍රය සිය අත්දැකීම් ඔස්සේ ඉදිරිපත් කරන චරිස් ඩයිරි, ලිංගික ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී හිංසනය සහ කාන්තා පීඩනය පිළිබඳ ඇඟ කිලිපොළා යන ම්ලේච්ඡ තිරිසන් ක්‍රියාවලියක සංත්‍රාසජනක සිදුවීම් රැසක් අතිශය සංවේදී ලෙසින් ගෙනහැර පාමින් පාඨක සිත් සතන් ඇද බැද ගැනීමට සමත් වන්නී ය.

සෑම ගැහැනියක විසින් ම කියවිය යුතු අනුවේදනීය කෘතියක් ලෙසින් ලොව පුරා කාන්තාවන්ගේ අතිශය ගෞරවාදරය දිනා ගනු ලැබු මෙම පරිවර්තනයේ මුල් කෘතිය, (DESERT FLOWER) 1999 වසරේ වැඩියෙන් ම අලෙවි වු ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පාත්‍ර වුයේ ය.

 

#KantharayeKusuma #RanjithKuruppu #Pariwarthana

 

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාරයේ කුසුම”

Your email address will not be published. Required fields are marked *