Author: ජයසේන ජයකොඩි
Publisher: Dayawansa Jayakody & Company
Nineth Batch 2019
ISBN 978-955-686-340-6
239 Pages
“ මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව
ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක්‍රියා කරනවාදැ යි මම
දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකට ද මහත්තයා ? ඒ හැර, මං
පණ්ඩිතයෙක් ය. තරුණයෙක් ය. සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය.
පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික්ෂුවකට අනුචිත අදහස්
මම වැළඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ
යහපත් ශ්රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහ කාශ්‍යප වැනි ශ්රාවකයින් වහන්සේලා
මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ
බුද්ධ චරිතයේ අතිශයෝක්ති ආටෝප බුද්ධියෙන් හදුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට
බුදුරජාණන් වහන්සේ දැකගත හැකියි. ඊට පසු උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර
ගැනීමටත් ඒ අනුව පැවතීමටත් පහසුයි. ’’
#Pichchamala #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.