,

ලස්සන වසිලිස්සා – රුසියන් සුරඟන කතා

රු650.00

  • Author: දැදිගම වී. රුද්රිගු
  • Publisher:  Agahas Publishers
  • Second Batch 2020
  • ISBN 978-955-0230-45-7
  • 217 Pages

Out of stock

Author: දැදිගම වී. රුද්රිගු

Publisher:  Agahas Publishers

Second Batch 2020

ISBN 978-955-0230-45-7

217 Pages

 

හිතවත් දෙමාපියන්ට…

විසි වන සියවසේ හවය දසකයේ සිට රුසියානු බසින් සිංහලයට පෙරැළී පැමිණි ළමා සාහිත්‍ය  කෘතීහු  මහත්  සම්භාරයකි. එකී සියලු පරිවර්තන කෘති අතුරින්  ‘ලස්සන වසිලීස්සා’ තරම් සිංහල භාෂක ළමා පාඨකයා ග්‍රහණය කර ගත් අන් කෘතියෙක් නැතැයි කිවහොත් එය අතිශයෝක්තියක් ලෙස නොසැලකිය යුතුය.  මෙකී ගතෙහි පැනෙන රුසියානු සුරගනා කතා සොළොසෙහි  රසපහස ළපැටියන්ගේ රසභාව පිනවනුයේ,  මනැසින් ඔවුන ද එකී වෘත්තාන්තයන්හි විරුවන් කරමිනි. එහි තරමත් මෙකී සුරඟනා කතාවන්හි සදාතනික වටිනාකමත් කෙතරම් ද යත් මෙහි අගය  තෙවැනි පරපුර කරාත් ගෙනයමින්, පසුගිය සියවසේ හත් වැනි දසකයේ මුල එළි දුටු මෙගතෙහි පහස ලත් දරුවෝ අද සිය මුණුබුරු මිනිබිරියන්ට මෙය කියවමින් රස පොවති.  මෙහි ප්‍රණීත සිංහල පෙරැළිය රුසියානු – සිංහල ද්විභාෂක පරිවර්තනයෙහි ප්‍රවීණ, වෙදැදුරු දැදිගම වී. රුද්රිගුවන්ගේය. එවතුදු වෛයාකරණඥයින්ගේ සිංහල භාෂා විශාරදයින්ගේත් තියුණු, නිර්දය  විචාරාක්ෂියෙන් රුද්රිගුහුගේ සිංහල පෙරැළි අලු දුහුවිලි කොට  දැමිය හැකි වූවත් එයින් ළමා මනසේ පින්තාරු කෙරෙන සිතුවම් විසින් ඉවසීමෙත් දරාගැනීමේත් ත්‍යාගශීලිත්වයේත් සාධාරණත්වයේත් යුක්තිය ජයගැනිමේත් ස්ථානෝචිත ප්‍රඥාවේත් බල මහිමය හා අසිරිය උත්කර්ෂයට නැංවෙමින් ළපැටි සිත්සතන්, හදවත් එකී උදාර මානව ගුණාංගයන්ගෙන්  හික්මවාලනු ලැබෙනුයේ එම  ගුණයන්ගේ හිඟයෙන් සදා පිපාසයෙන් පෙළෙන්නා වු මිනිස් කැල වෙත දිය දෝතක් පිළිගන්වමිනි.

  • රංජන දේවමිත්‍ර සේනාසිංහ

 

#LassanaWasilissa #DadigamaVRudrugu #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.500 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලස්සන වසිලිස්සා – රුසියන් සුරඟන කතා”

Your email address will not be published. Required fields are marked *