Sale!
, , ,

ළමා පොත් එකතුව – 1

Original price was: රු1,775.00.Current price is: රු1,687.00.

  • නිධාන කැලේ අභිරහස + අලිපෑලැස්ස + අබිරහස් දූපතේ නිධානය + මඩොල් දූව + අපේ ගම  
  • සාමාන්‍ය මිල – රු. 1775/=
  • අපේ මිල – රු. 1687/=

Out of stock

නිධාන කැලේ අභිරහස + අලිපෑලැස්ස + අබිරහස් දූපතේ නිධානය + මඩොල් දූව + අපේ ගම  

සාමාන්‍ය මිල – රු. 1775/=

අපේ මිල – රු. 1687/=

 

නිධාන කැලේ අභිරහස

Author: දිනේෂ් ගුණතිලක සමරවික්‍රම

Publisher: Dayawansa Jayakody & Company

ISBN 978-955-551-607-5

230 pages

Note: 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ යොවුන් නවකතාව

අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් පුස්තකාල සදහා නිර්දේශිත ග්‍රන්තයකි.

මීට ශත වර්ෂයකට පමණ ඉහත පිටිසර ගම්මානයක් පසුබිම් කර ගෙන ඇති මෙම කතා වස්තුවේ, ළමුන් හතර දෙනෙකුගේ වීරක්‍රියාවක් වර්ණනා කෙරේ. ගමට ම මහත් තර්ජනයක් වූ, ගමම භීතියෙන් වෙළා ගත් අභිරහසක්, මෙම කුඩා ළමුන් හතර දෙනාගේ දක්ෂකම හා වීරකම නිසා සොයා ගෙන, වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගන්නා අයුරු මෙහි විදහා දැක් වේ. මෙහි ප්‍රධාන චරිතය හොබවන පුංචි මහත්තයා, ගමේ ප්‍රභූ පෙළපතකින් පැවතෙන ඉතාමත් ඥාන සම්පන්න නිහතමානී අයෙකි. කරුණු වහා අවබෝධ කර ගැනීමේ ඔහු තුළ වූ සියුම් නුවණින්, නිවැරදි නිගමනවලට එලඹෙමින්, මෙම අභිරහස සොයා ගැනීමෙහි ලා ඔහු තම මිතුරන්ට නායකත්වය දෙන අයුරු ඉතාමත් කදිමය. මෙම කතා වස්තුවට පසුබිම් වූ ගම් ප්‍රෙද්ශයේ ඇති ඇළ, දොළ, ගංඟා, වගුරු බිම් ආදියේ සුන්දරත්වය  ද , ගොවිතැන හා බැඳුන ගැමියන්ගේ ජීවන රටාව හා ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා බහ, ඇදහීම් විශ්වාස ආදිය කෙරෙහි ද යම් තරමට එබී බැලීමට කර්තෘ වෑයම් කර ඇත. රහස් පරීක්ෂක කෘතියක ලක්ෂණ ඉස්මතු වන මෙම නවකතාවේ, අධිකරණ වෛද්‍ය විද්‍යාවේ එන විෂයය කරුණු හා න්‍යායන් ද ඇතැම් තැන්හි යොදා ඇත. ඒවා ගැමියන්ගේ මති මතාන්තර, සිතුම් පැතුම්, ඇදහීම් විශ්වාස, තුළින් පිටිසරබද කතාවට උචිත අයුරින් යෙදීමට කතුවර වෛද්‍ය දිනේෂ් ගුණතිලක සමරවික්‍රම සමත් වී ඇත.

#NidanaKeleAbirahasa #DineshGunathilakaSamarawickrama #ForKids #ReadingForKids #SinhalReadingForKids

 

අලිපෑලැස්ස

Author: දිනේෂ් ගුණතිලක සමරවික්‍රම

Publisher: Dayawansa Jayakody & Company

Second Edition 2016

ISBN 978-955-551-996-0

191 pages

Note: 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ යොවුන් නවකතාව

“අපි ඉස්සර බැද්දේ ජීවත් වුණේ දෙවිවරු වගෙයි. මට මතකයි මත්තලී අලි රැහේ ඇත්තො රංචු ගැහිලා පෙරහැරේ යන කොට තියෙන තේජස!

අම්මා ඉස්සරහින් යනවා. ඊළඟට සෙල්ලි පුංචි.

ඊට පස්සේ පුංචි එවුන් ළං කර ගෙන මහ එවුන් යන අපූරුව! වැස්ස වැටුණහම බැද්දේ වැව්, පොකුණු, දිය කඩිති පිරිලා. නිලට බැබළෙන ගහ කොළ…..

ග්ර්…ර්…ර්…

ඒවායේ රස බල බලා, දිය කඩිතිවලින් වතුර බීලා, වැව්වලින් නාලා එහෙම කාරිය, නෑදෑයෝ සේරම එකට යන කොට මොන තරම් සතුටක් ද නංගියේ?

ආයිත් එහෙම යුගයක් ගැන අපට හිතන්න වත් බැරි වෙයි.

එදා අපි හක්කොලං කරපු බැද්ද සේරම දැන් මිනිස්සු අල්ලං කොටු කෙරගෙන. කැලේ කපලා, වැටවල් ගහලා, උන් තනියම බිම අල්ල ගත්තහම අනික් සත්තු යන්නේ කොහෙ ද? ජීවත් වෙන්නෙ කොහොම ද? කන්නේ මොනව ද? උන් හිතන්නෙ නැහැ මේ මහ පොළොවේ අපි කවුරුත් ජීවත් වෙන්න ඕනෑ කියලා.“

#Alipelessa #DineshGunathilakaSamarawickrama #ForKids #ReadingForKids #SinhalReadingForKids

 

අබිරහස් දූපතේ නිධානය

Author: චන්දන මෙන්ඩිස්

Publisher: Chandan Mendis Publications

Eighth Edition 2019

ISBN 978-955-95930-2-1

222 pages

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ හා ජින්නා ඔබට මතකද ? රණදේව, දඟදාස, හින්නි මහත්තයා ආදී හු ජින්නා හා උපාලි හමුවීමට මඩොල්දූවට පැමි‍ණෙති. උපාලි බල ඔරුවක නැගී මුහුදු ගිය කථාව අසන ඔවුහු මුහුදු ගමනක් සූදානම් කර ගනිති.

බල ඔරුවක නැගී ඈත දියඹට යන ඔවුනට මුහුණ පෑමට සිදුවන ඉරණම කුමක්ද?

“දෙයියෝ සාක්කි අපි ඉවරයි ! ඔරුව පෙරළුනොත් අතඅරින්න එපා !“

ඔවුන් ගොඩ බසින අබිරහස් දූපත කුමක්ද?

“ ඒක උඹ හිතන තරම් ලේසි වෙන එකක් නෑ පුතෝ. මුං කොටි පවුලේ සත්තු. පැනල යාවිද ? තරහෙං අපේ ඇඟට පනීවිද දන්නෙ නෑ“

ඉරනම පෙරළෙන්නේ කුමන ආකාරයටද?

……..

මුහුදු කොල්ලකාරයින් හා බැඳුණු රසවෑහෙන බටහිර නවකථා වලින් පාඨකයෝ නොමඳ ආස්වාදයක් ලැබූහ. ලාංකික පසුබිමකින් යුත් මෙම නවකථාව ගැමි තරුණයන්ගේ ත්‍රාසජනක අත්දැකීමක් බවට විකාශනය වේ. ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයකින් කියවාගෙන යා හැකි “අබිරහස් දූපතේ නිධානය“ යොවුන් වැඩිහිටි කාටත් එකසේ රසවිඳිය හැකි කෘතියකි.

-“සිළුමිණ“ 1997-12-07

…… උපාලි ගිනිවැල්ලේ, ජින්නා වැනි චරිත නැවත පණ ගන්වන ත්‍රාසජනක සිදුවීම් සමුදායන් රැගත් මෙය, සරල බසකින් ලියැවී තිබීම නිසා පාඨක ජනතාවට වඩා සමීප වනු ඇත.

-“විදුසර“ 1998-01-14

An actual historic fact of a 17th century pirate and his treasure, is seamlessly woven into this adventure, with a cast of dozen vivid characters. An extremely readable novel, which is entertainment from first page to last, should prove a popular choice not only for adventure story fans but also to the general reading public.

-“Sunday Observer” 1998-01-11

#AbirahasDoopatheNidanaya #ChandanaMendis #ForKids #ReadingForKids #SinhalReadingForKids

 

මඩොල් දූව

Author: මාටින් වික්‍රමසිංහ

Publisher: Sarasa Publishers

Sixty Ninth Edition 2020

ISBN 978-955-0201-39-6

138 pages

“මඩොල් දූව නවකථාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි; උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු.“

  • ආචාර්ය අයි. ස්කාවෙජ්, බ්රූනෝ විශ්ව විද්‍යාල. චෙකොස්ලොවේකියාව.

අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව, මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ. රුසියන්, රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංගිරිසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රය නවකථාවකි.

#MadolDoova #MartinWickramasinghe #ForKids #ReadingForKids

 

අපේ ගම

Author: මාටින් වික්‍රමසිංහ

Publisher: Sarasa Publishers

Fifty Ninth Edition 2019

ISBN 978-955-0201-58-7

119 pages

 

දකුණු පළාතේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන්, ඇල දොල, ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.

1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි.

මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.

#ApeGama #MartinWickramasinghe #ForKids #ReadingForKids

 

Weight 1.020 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ළමා පොත් එකතුව – 1”

Your email address will not be published. Required fields are marked *