Sale!
,

විවාහක සහ විවාහවීමට බලාපොරොත්තු වන ඔබට පොත් නවයක එකතුවක්

රු5,330.00

  • ආදරය දැනෙන්න ජීවත්වෙන්න + අවබෝධයෙන් ජීවත් වීම + සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි + සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි + ඇය ගැහැනිය මගෙ බිරිඳය + ගැහැනුන් ට වඩා පිරිමින් වෙනස් + අපි කුමට ගැටෙමුද? + පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය + පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
  • සාමාන්‍ය මිල – රු. 5610/=
  • අපේ මිල – රු. 5330/=

Out of stock

ආදරය දැනෙන්න ජීවත්වෙන්න + අවබෝධයෙන් ජීවත් වීම + සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි + සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි + ඇය ගැහැනිය මගෙ බිරිඳය + ගැහැනුන් ට වඩා පිරිමින් වෙනස් + අපි කුමට ගැටෙමුද? + පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය + පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

සාමාන්‍ය මිල – රු. 5610/=

අපේ මිල – රු. 5330/=

 

ආදරය දැනෙන්න ජීවත්වෙන්න

Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)

Publisher: Wijesuriya Grantha Kendraya

Sixth Edition 2020

ISBN 978-955-691-064-3

208 pages

මේ පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ. ඉතා අකාරුණික ජීවිත ගත කරමින් හෙම්බත් වී සිටින ඇතැම් පුද්ගලයන් නිර්ව්‍යාජ ආත්ම භාෂණ ඔස්සේ තම ජීවිත ආලෝකවත් කර ගත් අතර සමහරු දර දඬුවම ජීවත් වන නිසා ජීවිතාවබෝධයෙන් තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට අසමත් වී සිටිති. මෙය කියවන පාඨකයන් ගෙන් අපේක්ෂා කරන්නේ තම ජීවිතාවබෝධය පුළුල් කරගැනීමට කිසියම් ආලෝකයක් මෙයින් අත් කරගත හැකිදැයි සලකා බලන ලෙසය.

#AdarayaDanennaJeewathwenna #SarathWijesuriya

 

 

අවබෝධයෙන් ජීවත් වීම

Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)

Publisher: Wijesuriya Grantha Kendraya

First Edition 2020

ISBN 978-955-691-335-4

275 pages

‘දැනුම‘ සහ ‘අවබෝධය‘ යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. ‘දැනුම‘ ලබා ගත හැකිය – ලබා දිය හැකිය. ‘අවබෝධය‘ අත්කර ගත යුතුය – අත්කර දිය නොහැකිය. ‘අවබෝධය‘ උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ ‘අත්දැකීම්‘ ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට – මනුෂ්‍ය සම්බන්ධතා හොදින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. ‘තේරුම් ගැනීම‘ – දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.

‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා‘ යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්තයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් – ජීවිතය පෙනෙන්නේ නැත.

‘මිනිසුන් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත‘.

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ‘ජීවිතාවබෝධය‘ වෙනුවෙන් ලියන ලද්දකි.

#AwabodayenJeewathWeema #SarathWijesuriya

 

සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි

Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)

Publisher: Wijesuriya Grantha Kendraya

Eighth Edition 2018

ISBN 978-955-652-599-1

224 pages

“සිතක වෙහෙස“ නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය, තමන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය. ඇතැම් ස්වාමි පුරුෂයන් උගත් කමින් සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස් කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සදහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කීපයකි. ඒ අතර කන්දොස්කිරියාව, නිදහස සම්බන්ධ තත්වයන්, ලිංගික ජීවිතය කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැති කම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලි වනු ඇත.

#SithakaWehesaSwamiPurushayangePaminili #SarathWijesuriya

 

සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)

Publisher: Wijesuriya Grantha Kendraya

Eighth Edition 2018

ISBN 978-955-652-701-8

312 pages

සිතක වෙහෙස ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි නමින් මීට ප්‍රථම මා විසින් පොතක් පළ කරන ලදී. “සිතක වෙහෙස“ නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය, තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය. ආවර්ජනයන්ය. එබැවින් මේ පොත “සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි“ යනුවෙන් නම් කළෙමි. ඇතැම් කාන්තාවන් උගත් කමින් සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස් කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සදහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කීපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිළිබඳව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැති කම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලි වනු ඇත.

#SithakaWehesaBaryawangePaminili #SarathWijesuriya

 

 

ඇය ගැහැනිය මගෙ බිරිඳය

Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)

Publisher: Wijesuriya Grantha Kendraya

Fourth Edition 2018

ISBN 978-955-691-134-3

354 pages

විවාහක කාන්තාවන්, ස්වකීය ස්වාමි පුරුෂයන්ගේ අසංවේදී බව හේතුවෙන් ලත් කම්පනය සහ පීඩනය ආශ්‍රය කර ගත් අත්දැකීම් සහ ආවර්ජනා මේ ග්‍රන්ථයේ ඇතුළත්ය.

දීර්ඝ කාලයක් තිස්සේ අවධානයට ලක් වුණ විවාහක කාන්තාවන්ගේ මානසික වෙහෙස සම්බන්ධ ඔවුන්ගේ ආවර්ජනයන්ගෙන් මෙහි ඇතුළත් වන්නේ කිසි යම් ආකාරයකට පොදු බවක් විද්‍යමාන මධ්‍යම පාන්තික දිවි පෙවතක් ගත කරන කාන්තාවන්ගේ සසලතාවන්ය.

ස්වාමි පුරුෂයන් තමන් සම්බන්ධව භාර්යාවන් මතු කරන ගැටලු සහ චෝදනාවලට දක්වන ප්‍රතිචාර ද ඇතැම් සටහනක ඇත.

මේ ග්‍රන්ථය වූ කලී අඹු සැමි ජීවිත සම්බන්ධව පොදු පාඨකයාගේ ජීවිතාවබෝධය උදෙසා විචාරශීලී අවබෝධයකට සුදුසු කැඩපතකි.

#AyaGeheniyaMageBiridaya #SarathWijesuriya

 

 

ගැහැනුන් ට වඩා පිරිමින් වෙනස්

Author: ප්‍රදීප්කුමාර බාලසූරිය

Why Men Don’t Have a Clue & Women Always Need More Shoes (by Allen & Barbara Pease) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesuriya Grantha Kendraya

Fourth Edition 2019

ISBN 978-955-652-890-9

350 pages

කෙතරම් දිගු කලක් ඇසුරු කර සිත් හඳුනාගත්ත ද, කෙතරම් දිගු කලක් බොහෝ ආදරයෙන් හිඳ විවාහ වූවද, අඹුසැමියන් අතරේ පවතින යම් නුරුස්නා බව හා මත ගැටුම් සියවස් ගණනක් පුරා ම පැවතුණකි.

එසේ වන්නේ, ගැහැනු හා පිරිමි අතරේ වූ පැහැදිලි වෙනස් බව හේතුවෙනි.

ගැහැනු හා පිරිමි එකිනෙකා ට වෙනස් ය යන්න වටහාගතහොත්, ගැටුමෙන් හා සිත් රිඳවීමෙන් තොර සබඳතාවක් පැවැත්වීමේ හැකියාව ලැබේ.

සබඳතා විශේෂඥ දෙපළවන, ඇලන් හා බාබරා පීස් විසින් Why Men Don’t Have a Clue & Women Always Need More Shoes ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ ගැහැනු හා පිරිමි ලක්ෂ ගණනක ගේ සබඳතා පිළිබඳ අදහස් හා අත්දැකීම් මුල් කරගනිමිනි. ලොව පුරා විවිධ භාෂාවලින් පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම ග්‍රන්ථය, සාර්ථක ගැහැණු-පිරිමි සබඳතාවක ට අවශ්‍ය වටිනා නව මත රැසක් ඉදිරිපත් කරන්නකි.

#GahanuntaWadaPiriminWenas #PradeepkumaraBalasuriya

 

අපි කුමට ගැටෙමුද?

Author: ආරියරත්න චන්ද්‍රවංශ

Why Mars and Venus Collide? (by John Gray) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesuriya Grantha Kendraya

Fourth Edition 2020

ISBN 978-955-652-806-0

281 pages

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගී වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳවැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිළිබඳව ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ඨතම විද්වතා ජෝන් ග්‍රේ හෙයිනි.

ජෝන් ග්‍රේ (Ph.D) ජාත්‍යන්තර සම්භාවනාවට පත් ලේඛකයෙකි. ‘Men are From Mars Women are From Venus‘ පොත් කාණ්ඩය ඇතුළු ඔහුගේ පොත් මිලියන 10 කට වඩා අලෙවිව ඇත. එසේම එම පොත් භාෂා 37 කට පරිවර්තනය වී ඇත. ජෝන් ග්‍රේ මනෝ විද්‍යාඥයෙකි. සන්නිවේදනය හා විවාහ සම්බන්ධතාව පිළිබඳ ප්‍රමුක පෙළේ විද්වතෙකි. ඔහු පිළිගත් පවුල් චිකිත්සකයෙකි. ජාත්‍යන්තර විවාහ සහ පවුල් උපදේශක සංගමයේ ගෞරවනීය උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකි.

#ApiKumataGetemuda #AriyararathneChandrawansha

 

පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය

Author: ආරියරත්න චන්ද්‍රවංශ

Why Men Want Sex and Women Want Love (by Allen and Barbara Pease) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesuriya Grantha Kendraya

Fourth Edition 2019

ISBN 978-955-652-918-0

297 pages

ඇලන් සහ බාබරා පීස් ලෝකයෙහි සිටින විවාහ සම්බන්ධ ග්‍රන්ථ කතුවරුන් අතර අතිශයින් ජයග්‍රාහක වූවෝ වෙති. ඔවුන් විසින් රචනා කරනු ලැබූ වැඩිම අලෙවිය ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 15ක් වන අතර, ඉන් 9ක් ප්‍රමුඛත්වයෙහි ලා සැලකේ.

ඔවුහු වසරකදී රටවල් 30ක පමණ සම්මන්ත්‍රණ පවත්වති. ඔවුන්ගේ පොත් රටවල් 100කදි පමණ අලෙවිකරන අතර භාෂාවන් 51කට පරිවර්ථනය කර ඇත. ඔවුන් ලෝකයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිනවා මෙන්ම රූපවාහිනී වැඩ සටහන් මාලාවන් 9කට ඔවුන්ගේ කාර්‍යයන් ප්‍රස්තුත වී ඇත. එසේම ඔවුන්ගේ වේදිකා නාට්‍යයක් සහ බොක්ස් ඔෆීස් අංක 1 ගත් චිත්‍රපටයක් මිලියන 100කටත් වැඩි විවිධ ජාතිකයන්ගේ ආකර්ෂණය ලබා ඇත.

#PirimingeAdarayaSahaGehenungeAdaraya #AriyararathneChandrawansha

 

 

පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

Author: ආරියරත්න චන්ද්‍රවංශ

Why Men Don’t Listen and Women Can’t Read Maps (by Allen and Barbara Pease) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesuriya Grantha Kendraya

Seventh Edition 2019

ISBN 978-955-652-297-6

299 pages

මේ පොත ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැඳීම ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව එය ඔබ ගැනම අවබෝධ කරගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීතිදායක සුවදායක හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමටත් සහාය වේ.

  • ඇලන් සහ බාබරා පීස්

“ලිංගිකන්වය අනුව බොහෝ වෙනස්කම් තිබුණ ද පිරිමි සහ ගැහැණු අතර සම්බන්ධතාව බෙහෝ පවතියි. මන්ද? ඇය සියලු වෙනස්කම් අතරම සම්බන්ධතාවත් පවුලත් ආරක්ෂා කරගැනීමට සමත්වන හෙයිනි.“

#PirimiSahaGehenuMetharamWenasAi #AriyararathneChandrawansha

Weight 2.420 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විවාහක සහ විවාහවීමට බලාපොරොත්තු වන ඔබට පොත් නවයක එකතුවක්”

Your email address will not be published. Required fields are marked *