නෙල්ලි කැලේ වීරයෝ + ගල්ගේ කන්ද + වන රජදහන + සමුදුරු මේඛලා
සාමාන්‍ය මිල – රු. 1260/=
අපේ මිල – රු. 1197/=
නෙල්ලි කැලේ වීරයෝ
1990 දී ප්‍රථම වරට පළ කරන ලදුව, අතිශය ජනප්‍රියත්වයට පත්වූ ‘නෙල්ලි කැලේ වීරයෝ’ යොවුන් නවකතාවේ නව සංස්කරණය සූරිය ප්රකාශනයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ.
තමා බාලදක්ෂයකු සේ ලැබූ අත්දැකීම් පාදක කොට ගෙන නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන අවදියේදී ය.
දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මඟ පෙන්වනු වස්, ප්‍රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද්‍රණයේ ඇතුළත් නොවූ චිත්‍ර සටහන් සමූහයක් ද නව සංස්කරණයට ඇතුළත් කොට තිබේ.
‘නෙල්ලි කැලේ වීරයෝ’ කෘතිය 1996 දී ඉංග්‍රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නවකතාව හා බැඳුණු අනෙකුත් කෘතීන් වන ‘ගල්ගේ කන්ද’, ‘වන රජදහන’ හා ‘සමුදුරු මේඛලා’ යන කෘතීන්ගෙන් ‘වන රජදහන’ කෘතිය 2005 වසරේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. ‘සමුදුරු මේඛලා’ කෘතිය ද දැනට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඇති අතර ඉදිරියේ දී මුද්‍රණයෙන් නිකුත් කිරීමට නියමිතය.
‘නෙල්ලි කැලේ වීරයෝ’ කෘතිය රචනා කළ නිමල් බණ්ඩාරයන් 2000 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියකු ලෙස සේවයට එක් විය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස මහජන චීන සමූහාණ්ඩුව, නෙදර්ලන්තය හා පකිස්ථානය යන රටවල සේවය කළ අතර, දැනට විදේශ කටයුතු අමාත්‍යංශයේ මැද පෙරදිග අංශයේ අධ්යක්ෂවරයා ලෙස සේවය කරයි.
ගල්ගේ කන්ද
1994 වර්ශයේ ප්‍රථමයෙන් නිකුත් වූ ‘ගල්ගේ කන්ද’ නිමල් බණ්ඩාරගේ දෙවන යොවුන් නව කථාවයි. ‘නෙල්ලි කැලේ වීරයෝ’, ‘වන රජදහන’ හා ‘සමුදුරු මේඛලා’ ඔහු විසින් රචිත අනෙකුත් යොවුන් නව කථාවන් ය.
වන රජදහන
1996 වර්ෂයේ ප්‍රථමයෙන් නිකුත් වූ ‘වන රජදහන’ නිමල් බණ්ඩාරගේ තුන්වන යොවුන් නවකථාවයි. ‘නෙල්ලි කැලේ වීරයෝ’, ‘ගල්ගේ කන්ද’ හා ‘සමුදුරු මේඛලා’ ඔහු විසින් රචිත අනෙකුත් යොවුන් නවකථාවන් ය.
සමුදුරු මේඛලා
1990 වසරේදී ප්‍රථමයෙන් මුද්‍රණය කරන ලද ‘නෙල්ලි කැලේ වීරයෝ‘ කථා මාලාවේ හතරවන කෘතිය ලෙස ‘සමුදුරු මේඛලා‘ නිකුක් කරන ලද්දේ 1999 වසරේදී ය. එහි දෙවන මුද්‍රණය වසර ගණනාවකට පසු නිකුත් කරනුයේ මුල් කෘතියේ නොතිබූ චිත්‍ර සටහන් සමූහයක් මෙන්ම මනා ලෙස භාෂාව හැසිරවීමට අවශ්‍ය පද විවරණයන්ද සමඟිනි.
#NelliKeleWeerayo #GalgeKanda #WanaRajaDahana #SamuduruMekala
Reviews
There are no reviews yet.