, ,

නිර්වින්දනය සරලව : වෛද්‍යමය පිළිසඳර

රු500.00

  • Author – විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ සහ වෛද්‍ය අර්ජුන විජේකෝන්
  • Publisher – Samudra Books Publishers
  • First Edition 2022
  • ISBN 978-824-203-115-8
  • 80 Pages

Availability: 3 in stock

Author – විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ සහ වෛද්‍ය අර්ජුන විජේකෝන්

Publisher – Samudra Books Publishers

First Edition 2022

ISBN 978-824-203-115-8

80 Pages

 

වින්දනය යනු විඳීමයි. “නිර්” වින්දනය යනු වින්දනය නැති වීමයි. බෞද්ධ විශ්වාසයට අනුව, විඳීම අවසන් වන්නේ නිර්වාණයෙනි. නමුත් නිර්වින්දනය යනු නිර්වාණය නොවේ. එය Anesthesia යන පදයට දී ඇති සිංහල පාරිභාෂික යෙදුමයි.

මේ කාර්යයයේ දී කරන්නේ විඳීම නවතා තාවකාලිකව යම් කටයුත්තකට ඉඩ සලසා ගැනීමකි. බොහෝ විට එය සැත්කමක් විය හැක. නිර්වින්දනය නම් ක්‍රමවේදය සොයා නොගත්තේ නම් ලෝකය කෙතරම් වේදනාකාරී එකක් වනු ඇත්ද? නිර්වින්දනය තිබූ නිසාම ලෝකයේ පුංචි දරුවන් ඇතුළු ජීවිත කීයක් නම් සුරැකී ඇත්ද? නිර්වින්දනය ඇතැමි විට සිහිය නැති කිරීමකි. ඇතැම් විටෙක නිද්‍රාවට පත් කිරීමක් පමණි. තවත් විටෙක එය හිරිවැටවීමක් පමණි. කුමන ක්‍රමයට කළත්, එය සුදුසුකම්ලත් පලපුරුදු වෛද්‍යවරුන්ගේ කටයුත්තකි. එසේ නොවුණහොත් “නින්ද” සදාකාලික නින්දක් විය හැක.

මෙතරම් වටිනා වෛද්‍ය ක්‍රමයක් ගැන සිංහලෙන් පොත පත ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. ඒ අනුව මෙම ග්‍රන්ථය පුරවන්නේ එම ලොකු හිඩැසයි. නිර්වින්දනය පිළිබඳ වරෙක රෝහලකදී ලද අත්දැකීම් හා මාධ්‍යවේදියෙකු ලෙස ලද දැනුම පමණක් තිබූ මා මෙම ග්‍රන්ථයෙන් දැනුම් සම්භාරයක් ලබා ගතිමි. විද්‍යාත්මක කරුණු මඟ නොහැර, ප්‍රමාණවත් ලෙස සරල  සිංහලෙන් ලියැවී ඇති හෙයින් විද්‍යාර්ථීන්ටත්, පොදුවේ නිර්වින්දනයට ලක්විය හැකි ඔබ අප කාටත් මෙය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.

ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි , විධායක අධ්‍යක්ෂ – ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ඡාලය

 

#NirvindanayaSaralawa #AmilaJayasingheAndArjunaWijekoone #SinhalaPoth #OnlineBooks

Weight 0.128 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිර්වින්දනය සරලව : වෛද්‍යමය පිළිසඳර”

Your email address will not be published. Required fields are marked *