, ,

ධර්ම විජය කාවන්තිස්ස රජතුමා – 2

රු480.00

  • Author: බන්දුසේන ගුණසේකර
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-773-7
  • First Edition 2010
  • 366 pages

Availability: 2 in stock

Author: බන්දුසේන ගුණසේකර

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-773-7

First Edition 2010

366 pages

සුවඳ පත නල වීර දුටුගැමුණු වෘත්තාන්තය, විමුක්ති සංග්‍රාමයේ නියමුවා නන්දිමිත්‍ර, ‌ෙඑතිහාසික නවකතා කියවීමෙන් පසු, ඔබ අතට පත්වන ධර්ම විජය කාවන්තිස්ස රජතුමා – 1 ග්‍රන්තය කියවීමෙන් ඔබ කුහුලට පත් වනු නිසැකය. එහි මෙම දෙවන කොටසින් කෙරෙනුයේ එම කුතුහලය අහේතුක නොවන බව පෙන්වා දෙමින්, කාවන්තිස්ස රජුගේ චරිතානුබද්ධ අතිඋදාර පැවැත්ම වාග්චිත්‍රගත කිරීමය.

මාගම, කතරගම රාජ්‍යද්වය එකතුකොට රෝහණ ඒකීය රාජ්‍යය පිහිටුවීමත්, සියලු ප්‍රාදේශීය රාජ්‍යවල මනා පාලනයක් පවත්වාගෙන යෑමටත් කාවන්තිස්ස රජුට දායක වූ ශවෙර දේවිය සිය පරපුරේ ඒකපත්තික සම්ප්‍රදාය රකිමින්, විහාරමහාදේවිය රජුට ළංකොට මහණදම් පිරීමට අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් පසු, තුන්සිංහලය එක්සේසත් කිරීමටත්, ධර්ම විජය හා සියලු රාජ්‍ය අවනත කර ගැනීමටත් රජුට සහායවන්නී, ඇය දුටුගැමුණු කුමාරයාගේ යුද්ධ ප්‍රයාණයට ද උපදේශක ව සිටින්නීය.

කාවන්තිස්ස රජතුමා යුද්ධයෙහි බියසුල්ලකු නොවන බව මෙයින් සහේතුකව පෙන්වා දෙයි. යුද්ධයෙහි වීරයා දුටුගැමුණු නොව කාවන්තිස්සය යන්න ප්‍රකට මතයකි. මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දෙනුයේ එම මතය සාවද්‍ය නොවන බවය.

මෙතෙක් අනාවරණය නොවූ ‌ෙඑතිහාසික සත්‍ය කිහිපයක් මූලාශ්‍ර සහිත ව මෙයින් එළිපෑදුම් කෙරෙයි.

ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානයෙන් යුක්තව රටත් රජුත් මහානීයත්වයට මෙහෙය වූ රජ බිසොවුන් දෙදෙනකුගේ කථාව ද ඔබට මෙයින් කියවිය හැකිය.

#DarmaVijayaKawanthissaRajathuma2

WhatsApp us