Author : යසේන්ද්‍ර රණවක
Publisher : Sarasavi Publishers
First Edition 2021
ISBN 978-955-31-2486-9
394 Pages
පොළොව හොල්ලාගෙන ගිය බස් රථය තට්ටු ගණන් උස ගොඩනැගිලි අතරේ අගුටුමිට්ටෙක් වූවේය . ඉස්සරහින් ද පස්සෙන් දවට කර ගත් වාහන කඩි රැළට බිය වූවාක් මෙන් වේගය අඩු වූවේ ය . හංදියක් හංදියක් ගානේ නවතින්නට ද වූවේය . හතර වටේ බලමින් ගිය පියසිරි යාබද අසුනේ සිටි හේමරත්න සර් දෙස බැලුවේ ය . සහ වගක් නැතුව නිදා සිටියේය .
මහා නැවතුම් පොළකට පැමිණි බස් රථය නතර වුවේය .
” කොළඹට ආවා බහින්න . ” කොදොස්තර කෑගැසුවේ ය .
” සර් …. සර් . බස් එක කොළඹට ඇවිත්හු දැන් නැගිටින්න ……. නැගිටින්න . ‘ පියසිරි කලබල වූවේය . තිගැස්සී අවදි වූ හේමරත්න , ” හරි .. හරි .. ඉක්මනට යං . ගෑස් පහට ගිහින් එකසිය හතළිස් පහක් අල්ලා ගන්න ඕනෑ ” කියමින් බසයෙන් බැස ගත්තේය . ” කිරි අප්පච්චි ……… ර් . මහා ලොකු ටවුමක්නේ . ” පාර බලාගෙන යමං . මෙහෙ වාහන වැඩියි . ”
ගෑස්පහට ගිහින් එකසිය හතළිස් පහක් අල්ලා ගන්නා ආකාරය දැක ගැනීමේ කුතුහලයෙන් යුතුව පියසිරි , හේමරත්න මහතාගේ පසුපස දුවන්නට වූවේය .
#MuhuduVila #YasendraRanawaka #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.