Author – පූර්ණිමා සේරසිංහ
Publisher – Lahiru Publishers
First Edition 2021
ISBN 978-955-8556-37-5
253 Pages
“දාරක ස්නේහය නිසා ලොව විඳවන එකම ගැහැණිය හෝ එකම මව වන්නේ මා නොවේ. නමුදු ඒ වේදනාව නිසා මෙතෙක් විසි වසරකට ආසන්න කාලයක් තුළ මා ජීවත් වූයේ ඇවිදින මළ මිනියක් සේ හිත් පිත් රහිතවය. මේ සියල්ලට ම වඩා පහන්ගේ හා දුවගේ ඈත්වීම නිසාවෙන් නිරත්නර තැවෙන දැවෙන මගේ හමුවන නඟන සෝ සුසුම් හා දෙනෙත් අග තෙත් වී යන කඳුළු, ලෝකයාට නොපෙනෙන සේ ජීවත් වීමට දැරූ උත්සාහය මට බොහෝ දුෂ්කර වූයේය. විශේෂයෙන් ම, මගෙත් , අයියාගේත් ලෝකය සුන්දර කරන්නට දිවා රෑ නොතකා වෙහෙස මහන්සි දැරූ දැන් පිවිතයේ සැඳෑ විය ගෙවන ආදරණීය දෙමව්පියන්ගෙන් මේ සියල්ල සඟවාගෙන මා සිටින්නේ සතුටෙනි යන්න මවා පෑමට කරන රංඟනය මට වඩාත් අසීරු වන්නේ ය , නමුදු මේ මිහිපිට මට සිටින එකම සරණ වූ ඔවුන් දෙපළ වේදනාවෙන් සිටිනවා දකින්නට මා තුළ ඇති බිය නිසාවෙන් සියලු පැරණි මතකයන් අමතක කර දමා ජිවත් වන්නා සේ හැඟවීමට මා ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ නැත.”
#HanthanaDaHaduwaRahase #PoornimaSerasinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.