, ,

විවේචනාත්මක යථාර්ථවාදය සහ සමාජවාදී යථාර්ථවාදය

රු200.00

  • Author – ඒ.වී සුරවීර
  • The Meaning of Contemporary Realism (by George Lucas) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher – Visidunu Publishers
  • First Edition 2012
  • ISBN 978-955-1741-87-7
  • 69 Pages

Out of stock

Author – ඒ.වී සුරවීර

The Meaning of Contemporary Realism (by George Lucas) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher – Visidunu Publishers

First Edition 2012

ISBN 978-955-1741-87-7

69 Pages

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශ ප්‍රධාන හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවි ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ධුරය ද දැරූ ඒ. වී. සුරවීර ප්‍රමුඛ නවකතාකරුවෙකි. ප්‍රාමාණික විචාරකයෙකි. ඇමෙරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයෙහි ලේඛකත්ව අධිසාමාජිකත්වය ලබාගනිමින් ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි සාහිත්‍ය නිර්මාණය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරිමේ ලා පුරෝගාමි වූවෙකි. මෙයට පෙර ද ඇරිස්ටෝටල් ගේ ‘ කාව්‍ය ශාස්ත්‍රය, ටොල්ස්ටෝයි ගේ ‘කලාව යනු කුමක්ද’ හා රාජ්‍ය සම්මාන දිනු ‘ග්රැහැම් හෆ් ගේ සාහිත්‍ය විචාර රචනා’ වැනි අගනා විචාර ග්‍රන්ථ සිංහලයට නගමින් විචාර ග්‍රන්ථ පරිවර්තනයෙහි ලා ප්‍රවීණත්වයට පත් වූවෙකි.

සිංහල සාහිත්‍යය හා සංස්කෘතික අධ්‍යයන විෂයෙහි කරන ලද සේවාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යසුරි උපාධිය සමගින් සේවාර්ජිත මහාචාර්ය පදවියෙන් ද කලාකීර්ති ජනාධිපති සම්මානයෙන් හා සාහිත්‍ය රත්න රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබ සිටින මහාචාර්ය සුරවීර වත්මනෙහි රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කරයි.

මූලික වශයෙන් දර්ශනය ද ඒ සමඟ ආචාර විද්‍යාව හා සෞන්දර්ය විද්‍යාව ද හැදෑරූ ජෝර්ජ් ලූකාස් (1885-1971) තරුණ වියේ දී ම මාක්ස්වාදී චින්තකයකු හා න්‍යායවාදියකු ලෙස ප්‍රකට ව 1919 දී පිහිටවනු ලැබූ හංගේරියානු සමූහාණ්ඩුවේ උප-සංස්කෘතික කොමසාරිස් (අමාත්‍ය) තනතුරට පත් වී පසු ව අධ්‍යාපන අමාත්‍ය ධුරය ද දැරුවේ ය. ස්වාධීන මතධරයකු වූ ලූකාට වැඩි කල් හංගේරියානු රජයේ තනතුරු දැරිය නොහැකි වූ අතර ඔහු ජර්මනියට, මොස්කව් නගරයට, ස්ටැලින් හා සෝවියට් සාහිත්‍යය ප්‍රශ්න කරමින් ලන්ඩනයට හා පසු ව යළි හංගේරියාවට යමින් සමාජ පරිවර්තන සඳහා දායකත්වය සපයන අතර ම සිය බුද්ධිමය ස්වාධීනත්වය රැකගැනීමට ද වෙහෙසුණේ ය.

සම්භාව්‍ය යථාර්ථ මාර්ගය අගය කළ ලූකාස් එහි විවේචනාත්මක යථාර්ථවාදය සහ සමාජවාදී යථාර්ථවාදය අතර පවත්නා සම්බන්ධය සහ වෙනස්කම් ගැඹුරින් විග්‍රහ කර දැක්වූයේ ය. ලේඛකයා අවශ්‍යයෙන් ම සමාජය පාදක කරගෙන නිර්මාණ කාර්යයෙහි යෙදිය යුතු බව ඔහු විශ්වාස කෙළේ ය. සාහිත්‍යධරයකු ලෙසින් නවකතාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ ඔහු චාල්ස් ඩිකන්ස්, ෆ්රාන්ස් කෆ්කා, එමිල් සෝලා, බල්සාක්, තෝමස් මාන්, ලියෝ තෝල්ස්තෝයි ආදි කීර්තිමත් නවකතාකරුවන් ගේ කෘති විමර්ශනයට ලක් කෙළේ ය. මේ ලෝක පූජිත ශ්‍රේෂ්ඨ ලේඛකයන් ගේ කෘති විෂයෙහි අතිශයින් අර්ථවත් විචාර විමර්ගර්ශන ඉදිරිපත් කිරීමෙහි ලා ලූකාස් වෙත ළං විය හැකි වෙනත් සාහිත්‍යධරයකු නොමැති තරම් ය. මෙහි පළ කෙරෙනුයේ ලුකාස් ගේ The Meaning of contemporary Realism කෘතියෙහි එන ‘Critical Realism and Socialist Realism’ නම් නිබන්ධයේ ඉංගිරිසි පරිවර්තනයේ සිංහලානුවාදය යි.

 

#VivechanathmakaYatharthavadayaSahaSamajavadiYatharthaya #WivechanathmakaYatharthavadayaSahaSamajavadiYatharthaya #AVSuraveera #SinhalaPoth #OnlineBooks

Weight 0.095 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විවේචනාත්මක යථාර්ථවාදය සහ සමාජවාදී යථාර්ථවාදය”

Your email address will not be published. Required fields are marked *